The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ අසඩක්ලා සිටීද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 15, 2024 • 4:25 PM

ලංකාවේ අසඩක්ලා සිටීද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල ගියාට ඒ දරුවා ඇත්තටම ගන්න කෙනෙක් නැති වෙනවා.
  • ඒ අමාරුව තමයි රනිල් 'වැල්පාලම' කියන රූපකය ඇතුලේ ලංකාව තමන් බාරගත්ත කියන්න පාවිච්චි කළේ.
  • හැබැයි ලේ උරුමය ඇතුලේ අයිති නැති දෙයක්.
  • ඒ වුණාට සංස්කෘතිය, මනුෂ්‍යත්වය සහ ශිෂ්ටාචාරය ඇතුලේ හොරකමක් නොවන දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල ගියාට ඒ දරුවා ඇත්තටම ගන්න කෙනෙක් නැති වෙනවා.

රැයක් පහන් වෙනකල් ගෘෂා මයිකල් දිහා බලාගෙන හිටිය, හුස්ම ගන්න හැටි බලාන හිටිය. අතපය හොල්ලන හැටි බලාන හිටිය.

එහෙම බලන් ඉඳල ඉඳල අන්තිමේ ගෘෂ දරුවා අතට ගන්නවා. ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන්නේ ''ඇය දරුවා ගන්නේ හොරෙක් වගේ'' කියල (like a thief). වේදිකාව අඳුරු වෙනවා. ඇය දරුවා අරන් යක්ෂයින්ගෙන් බේරෙන්න කඳුකරයට යන්න ගන්නවා. එතකොට තමයි වැල්පාළම හම්බ වෙන්නේ.

අමාරුවෙන් ඇය කැඩුණු වැල්පාළම තරණය කරනවා. ඒ අමාරුව තමයි රනිල් 'වැල්පාලම' කියන රූපකය ඇතුලේ ලංකාව තමන් බාරගත්ත කියන්න පාවිච්චි කළේ. හැබැයි ඒක සාහිත්‍යමය වශයෙන් ලස්සනට කියන්න රනිල්ට බැරිවුණා.


කොහොම උනත් ගෘෂා මයිකල් ගැනීම සහ රනිල් ලංකාව ගැනීම කියන දෙකේ පොඩි සමානකමක් තියනවා. ඒ තමයි දෙන්නම මේ දෙකම ගන්නේ ''හොරෙක් වගේ'' කියන එක (like a thief).

ගෘෂා කරන්නේ හොරකමක් නෙවෙයි. දරුවට තියන ආදරය නිසා අත්පත් කර ගැනීමක්. හැබැයි ලේ උරුමය ඇතුලේ අයිති නැති දෙයක්. ඒ වුණාට සංස්කෘතිය, මනුෂ්‍යත්වය සහ ශිෂ්ටාචාරය ඇතුලේ හොරකමක් නොවන දෙයක්.


රනිල් කියන්නෙත් මීට සමාන කතාවක්. චන්ද උරුමය ඇතුලේ එයාට ලංකාව කියන දරුවා අයිති උනේ නැහැ. හැබැයි ලංකාවේ මිනිස්සු වින්ද දුක ඇතුලේ සහ දැන් යම් හුස්මක් ගන්න එක ඇතුළේ ඒකට යම් නෛතිකබවක් ලැබෙන්න ගත්ත (හුණුවටයේ සන්දර්හය ඇතුලේ).


කොහොම උනත් ගෘෂා කරපු දේ හරිද වැරදිද කියල අන්තිමට තීරණය කරන්න විශිෂ්ට අසඩක් කෙනෙක් හිටිය. මනුස්සය තීරණය දුන්නේ නීති පොතේ පිටු පෙරළලා නෙවෙයි. වෙනස්ම විදියකට. රැඩිකල් විදියකට. මහපොළවේ විදියට.

හුණුවටය ඇතුලෙදි ගෘෂාට දරුවා අතහැරෙනවා. ඒ දරුවට තියන ආදරය නිසා. දෙපාරක්ම එහෙම උනාම අසඩක් ගෘෂාට කියනවා දැන් ඔය දරුවා අරගෙන පලයන් යන්න කියල. එහෙම කියල නඩුකාර කබාය අතහරිනවා.



ඉතිහාසයේ වැදගත්ම තීන්දුවක් දීල අසඩක් යන්න යනවා. ඒ තීන්දුව ඇති ජීවිත කාලයකට.


රනිල් කලෙත් ගෘෂා කරපු දේ කියල එයා කියනවා. මේ වැඩ දෙක අතරේ සමානකමකුත් තියනවා. කොහොම උනත් රනිල්ගේ අවංකකම ඇත්තටම හොයන්න අපිට මිණුම්දඬුවක් නැහැ. තියෙන්නේ මිනිස්සුන්ගේ තීරණයක් විතරයි. මිනිස්සුන්ගේ චන්දයක් විතරයි. ඒක තමයි අසඩක් දුන්න තීරණය බවට පත්වෙන්නේ.


ඒක අසඩක් දුන්න වගේ තීරණයක් වෙයිද මම දන්නේ නැහැ. හැබැයි රනිල් චන්දෙට ඉල්ලුවේ නැත්නම් එයා හුණුවටයේ වගේම දරුවා අතහැරියත් වෙනවා.

ඊට පස්සේ තීරණයක් ගන්න විදියකුත් නැතුව යනවා. එහෙම උනොත් තීරණයක් නැතුව රනිල්ට යන්න වෙනවා. සමහර විට ඉතිහාසය විසින් තීරණයක් දෙනකල් ඉන්න වෙයි.

රනිල් චන්දෙ ඉල්ලුවේ නැත්නම් එතකොට මිනිස්සු ගැන තීරණයක් ගන්නත් බැරුව යනවා.

කොහොම උනත් ලංකාවේ ඇත්තටම අසඩක්ල ඉන්නවද කියන එක ගැන සැකයක් තියනවා. ඒකයි මිනිස්සු ගමේ නඩු අහනවට බය...

(මේක නාට්‍යයට අදාළව විතරක් ලියවුන සටහනක්).

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

 


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...