The Leader News
BREAKING
Top Ad
Opinion

'මේ පනතින් නිදහස් වෙළඳ කලාප පවා පෞද්ගලීකරණය කළ හැක' - (කුසල් පෙරේරා)

T

The Leader Desk

May 16, 2024 • 11:50 AM

'මේ පනතින් නිදහස් වෙළඳ කලාප පවා පෞද්ගලීකරණය කළ හැක' - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත් මාර්තු 21 වන දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපති ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්වන බව දැන ගැනීමට ඇත.
  • ඒ සඳහා කෙටුම්පත සූදානම් කිරීමට නීතිපතිට සහ නීති කෙටුම්පත් සම්පාදකට ඉකුත් අප්‍රේල් මස 02 වන දින අමාත්‍ය මණ්ඩල ලේකම් මගින් දැනුම්දීමක්ද කර තිබුණි.
  • එම කෙටුම්පතෙහි මූලික පිටපත සකස්කර ඇත්තේ ජනාධිපති විසින් ශ්‍රී ලංකාවට ආයෝජන ලබා ගැනීමේ වටපිටාව දියුණු කිරීම වෙනුවෙන් යෝජනා සැළසුම් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙහි පිහිටවූ විශේෂ කමිටුවක් විසිනි.
  • ඒ අනුව සම්පාදනය කර ඇති “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සම්මත කෙරුණහොත් මේ රටේ ප්‍රතිපත්ති සකස් කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ව්‍යුහයෙහි බරපතල වෙනස්කම් සිදු කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉකුත් මාර්තු 21 වන දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපති ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්වන බව දැන ගැනීමට ඇත. ඒ සඳහා කෙටුම්පත සූදානම් කිරීමට නීතිපතිට සහ නීති කෙටුම්පත් සම්පාදකට ඉකුත් අප්‍රේල් මස 02 වන දින අමාත්‍ය මණ්ඩල ලේකම් මගින් දැනුම්දීමක්ද කර තිබුණි.

එම කෙටුම්පතෙහි මූලික පිටපත සකස්කර ඇත්තේ ජනාධිපති විසින් ශ්‍රී ලංකාවට ආයෝජන ලබා ගැනීමේ වටපිටාව දියුණු කිරීම වෙනුවෙන් යෝජනා සැළසුම් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙහි පිහිටවූ විශේෂ කමිටුවක් විසිනි. ඒ අනුව සම්පාදනය කර ඇති “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සම්මත කෙරුණහොත් මේ රටේ ප්‍රතිපත්ති සකස් කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ව්‍යුහයෙහි බරපතල වෙනස්කම් සිදු කරනු ඇත.

 

ලංකාවේ බදු වැඩි කිරීම් ගැන IMF විශේෂ නිවේදනයක්නැවත පනත සංශෝධනය කිරීමකින් තොරව කිසිදු ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඇති ගිවිසුමෙන් බැහැරව කටයුතු කළ නොහැක.
එකී යෝජිත පනතින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඇතිකර ගෙන තිබෙන ගිවිසුම අනුව බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම, “ජාතික ආර්ථික පරිවර්තන ප්‍රතිපත්තිය” යටතේ නීතිගත කෙරෙන්නේය. ඉන්පසු නැවත පනත සංශෝධනය කිරීමකින් තොරව කිසිදු ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඇති ගිවිසුමෙන් බැහැරව කටයුතු කළ නොහැක.

එවගේම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාල පනතත් සමගම අහෝසි කෙරෙන්නේය. ඒ වෙනුවට දස දෙනෙකුගෙන් සමන්විත “ආර්ථික කොමිසමක්” ස්ථාපිත කෙරෙන්නේය. ජාතික ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇමතිවරයාට උපදසේ දීමට, එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෝජිත ආර්ථික කොමිසම යටතේ තවත් ආයතන සතරක් පිහිටුවනු ලැබේ. දැනට සමස්ථ ලංකාවම ආවරණය කරමින් ආයෝජන මණ්ඩලයෙන් සිදු කළ යුතු කාර්යන් එකී ආයතනවලට පවරනු ලැබේ. ඉන් එක් ආයතනයක් පෞද්ගලික සමාගමක් ලෙස පිහිටුවනු ලබන්නකි. එහි වගකීම වනුයේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ආර්ථික කොමිසමට අත් උදව් කිරීමය. එවගේම මේ පනත යටතේ මහින්ද රාජපක්ෂ කතා කළ රජයේ ව්‍යාපාර පමණක් නොව, නිදහස් වෙළඳ කලාප පවා පෞද්ගලීකරණය කළ හැක.

වෙළෙඳ කලාපයේ රස්සා බේරා දීමට හාම්පුත්තු ආණ්ඩුවෙන් සහන ඉල්ලතිමේ සියල්ල ආර්ථිකයේ ප්‍රධාන සක්‍රීය පාර්ශව දෙකෙන් වැදගත්ම පාර්ශවය වන “සේවක පාර්ශවය” සමග කිසිදු ගනුදෙනුවක් නොමැතිව තීන්දු කෙරුණු බරපතල වෙනස්කම් ය.

 

මේ සියල්ල ආර්ථිකයේ ප්‍රධාන සක්‍රීය පාර්ශව දෙකෙන් වැදගත්ම පාර්ශවය වන “සේවක පාර්ශවය” සමග කිසිදු ගනුදෙනුවක් නොමැතිව තීන්දු කෙරුණු බරපතල වෙනස්කම් ය. පෞද්ගලික හා රජයේ අංශ නියෝජනය කරන වෘත්තීය සමිති මේ සම්බන්ධ හරියාකාර තොරතුරු තවමත් නොදන්නවා විය හැක. එහෙත් පෞද්ගලික අංශයේ මිලියන දෙකහමාරක පමණ සේවක සේවිකාවන්ගේ අනාගත ජීවිත සුරක්ෂිතභාවය මේ පනතින් තීන්දු කෙරෙණු ඇත. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් දිනෙක කර තිබූ ප්‍රකාශයට අනුව, මේ ජනාධිපතිට සහ ඔහුගේ ආණ්ඩුව ලෙස කටයුතු කරන බහුතර මන්ත්‍රී කණ්ඩායමට රජයේ ව්‍යාපාර මොනම ආකාරයකින්වත් පෞද්ගලීකරණය කිරීමට වරමක් නැතැයිද එවැනි ජනවරමක් ඉදිරි මැතිවරණයකින් ලබාගත යුතු යැයිද, එතෙක් ඊට අදාල කිසිදු පියවරක් නොගත යුතු යැයිද කියූවත් ඉන් එහා යන පෞද්ගලීකරණ ක්‍රියාවලියක් මෙම “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සම්මත කළ වහා නීතිගත වන්නේය.

 



සමස්ථ ආර්ථිකයම එළෙසින් උඩු යටිකුරු කෙරෙන මෙවැනි නීති සම්පාදනය කිරීමට මේ ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ කියූ ජනවරම පමණක් නොව, සදාචාරාත්මක අයිතියක්ද නැත. ජනාධිපති ධූරයට වික්‍රමසිංහ පත්වන්නේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් මගින්ය. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත පරාජයට පත් වූවෙකි. පක්ෂයේ ආරවුල් මැද ඔහු ප්‍රමාදව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වන්නේ, ඔහුම 2010 මැතිවරණයෙන් පසු මනෝ ගනේශන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ නොහැකි යැයි ඉදිරිපත් කළ සියලු තර්ක, හේතු දැක්වීම් නොතකා ය. 

එදා ඔහු මනෝ ගනේෂන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවේ මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට බාර දුන් ජාතික ලැයිස්තුවෙහි නොමැති හෙයින් එවැනි මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ නොහැකි යැයි කීමෙනි. ඔහුද මනෝ ගනේෂන් මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන්නට හැම අතින්ම නුසුදුස්සෙකු විය. එහෙත් ඒ කිසිවක් ඔහු ඔහුට අදාල නොකරගෙන මන්ත්‍රී විය. එනිසා ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය සමගින් වූවත් ඔහු ජනාධිපති ධූරයෙහි අසුන් ගන්නේ ඊට සදාචාරමය අයිතියක් නොමැතිවය.

 

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8මේ පාර්ලිමේන්තුවට මෙන්ම මෙහි බහුතරයටද දැන් ජනවරමක් නැත.
විශාල ජන වරමක් ලැබූ ජනාධිපති වරයෙකු නැවත ජන බලයක් හමුවේ ඉවත් කෙරුණු විට, ඉතිරි ධූර කාලය වෙනුවෙන් පත් කෙරුණු සදාචාර විරෝධි එවැනි ජනාධිපතිවරයෙකුට රටක ජාතික ප්‍රතිපත්ති සහමුලින් වෙනස් කිරීමට ඇති සදාචාරමය අයිතිය කුමක්ද?

මේ පාර්ලිමේන්තුවද එවැනිම ය. මේ පාර්ලිමේන්තුවට මෙන්ම මෙහි බහුතරයටද දැන් ජනවරමක් නැත. ඔවුන් පාර්ලිමේන්තුවෙහි නඩත්තු කරන්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ ජනවරම නොවේ. ඔවුන්ගේ දේශපාලන බලය රැක ගැනීමේ අවශ්‍යතාව පමණි. මේ මන්ත්‍රීවරුන් තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ අවශ්‍යතා වලට පටහැනිවය. කුරිරු ආර්ථික අහේනියකට හසුව ඉන්නා බහුතර ජනතාවක් ගැන කිසිදු වගක් නොමැතිව, තමන්ට බදු රහිත වාහන ලබා ගැනීමේ බාල වරප්‍රසාදය බුක්ති විඳින්නට තීන්දු ගන්නා පාර්ලිමේන්තුවකට, තමන්ට ලැබෙන රුපියල් ලක්ෂ දහයක රක්ෂණ ආවරණය තම පවුලේ සෙසු සාමාජික සාමාජිකාවන්ටද ලබා ගැනීම ගැන කතා වන්නේ යැයි කියන පාර්ලිමේන්තුවකට, ජන ජීවිතයට සෘජුව බලපාන්නාවූ “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” වැනි පනත් සම්මත කිරීමේ කිසිදු සදාචාරමය අයිතියක් නැත. ලාංකීය වීසා නිකුත් කිරීමේ තීන්දු සහ ඊට සම්බන්ධ දූෂණ චෝදනා ගැන විමසීමට මහජන මුදල් පිළිබඳ කාරක සභාවට අදාල අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා ගැනීමට තරම් අධිකාරී බලයක් නොමැති පාර්ලිමේන්තුවකට “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” වැනි පනත් සම්මත කිරීමට සදාචාරාත්මක බලයක් හා අයිතියක් තිබිය නොහැක.

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ' - ජනාධිපතිජනාධිපති වික්‍රමසිංහට සහ ආණ්ඩුවට පෞද්ගලීකරණය කිරීමේ ජනවරමක් නැතැයිද විවෘත දැනුම්දීමක් කළ මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පනත සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක්ද?

 

මේ මස අවසන් වන්නට පෙර යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හදිස්සියක් ජනාධිපති වික්‍රමසිංහට ඇතැයි කතා වන්නකි. ඊට එරෙහිව වෘත්තීය සමිති ගන්නා පියවර මෙවර හෝ නොසැළෙන, ශක්තිමත් එකමුතු පියවරක් නොවන්නේ නම්, ඉන් පරාජය වන්නේ ලක්ෂ ගණනක සේවක සේවිකාවන්ය. අගතියට පත් වන්නේ ඔවුන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ අනාගත ජීවිතය. මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇති මේ යෝජිත පනත් කෙටුම්පත ගැන සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ස.ජ.බත් අනුර කුමාර හා ඔහුගේ ජා.ජ.බත් ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු කරනු තවම දකින්නට නැත.

එහෙත් මා බලා සිටින්නේ ජනාධිපති වික්‍රමසිංහට සහ ආණ්ඩුවට පෞද්ගලීකරණය කිරීමේ ජනවරමක් නැතැයිද එබැවින් එවැනි තීන්දු තීරණ අත්හිටවිය යුතු යැයිද විවෘත දැනුම්දීමක් කළ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පනත සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක්දැයි කියා ය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් පරාජය කරන්නේ යැයි ඔවුන් කල් තබා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ඇතිද? අපි බලමු.

මේ සමාජයේ පාර්ලිමේන්තු පත් කරන්නේ රට හදන්න නෙවෙයි - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 මැයි 16

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මේ පනතින් නිදහස් වෙළඳ කලාප පවා පෞද්ගලීකරණය කළ හැක' - (කුසල් පෙරේරා) | The Leader