The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර සජිත් දෙන්නම හෙළිදරව් වෙනවට බයයි!

T

The Leader Desk

May 19, 2024 • 4:02 PM

අනුර සජිත් දෙන්නම හෙළිදරව් වෙනවට බයයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකිනෙකාට සම්මුඛ වුවහොත් පාර්ශ්ව දෙකම මහජනතාව හමුවේ හෙළිදරව්වීමට ඇති ඉඩ නිසා යැයි දීප්ති කුමාර ගුණරත්න Ideas front Youtube නාළිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
  • ඇමෙරිකාවේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ අතරත් එංගලන්තයේ ලේබර් හා කොන්සවේටිව් පක්ෂ අතරත් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් ඇතත් අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර ඇති වෙනස කලිසම හා සරම පමණක් යැයි ඔහු කීවේය.
  • හොරු ඇල්ලීම, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට විරුද්ධ වීම, බදු අඩුවෙන් ගැනීම මේ කණ්ඩායම් දෙකේම එකම සටන් පාඨ බව මේ සාකච්ඡාවට එක් වූ විපුල කරුණාතිලක පෙන්වාදුන්නේය.
  • දී ලංකාවෙ ජනගහණය ලක්ෂ 70ක් සිටිද්දී හාල්වලින් 50%ක් ආනයනය කළ අතීතයක ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට හඳුන්වන ජවිපෙ හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ඊට නොදෙවැනි යැයි ද ඔහු කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
එකිනෙකාට සම්මුඛ වුවහොත් පාර්ශ්ව දෙකම මහජනතාව හමුවේ හෙළිදරව්වීමට ඇති ඉඩ නිසා යැයි දීප්ති කුමාර ගුණරත්න Ideas front Youtube නාළිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඇමෙරිකාවේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ අතරත් එංගලන්තයේ ලේබර් හා කොන්සවේටිව් පක්ෂ අතරත් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් ඇතත් අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර ඇති වෙනස කලිසම හා සරම පමණක් යැයි ඔහු කීවේය.

හොරු ඇල්ලීම, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට විරුද්ධ වීම, බදු අඩුවෙන් ගැනීම මේ කණ්ඩායම් දෙකේම එකම සටන් පාඨ බව මේ සාකච්ඡාවට එක් වූ විපුල කරුණාතිලක පෙන්වාදුන්නේය.

දෛනික වැටුප රුපියල් 1700ක් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව අභියෝගයට ලක්කරමින් වතු හිමියන් එම මුදලට සරිලන ලෙස ශ්‍රමයේ හෝ භූමියේ ඵලදායිතාව ඉහළ දැමිය යුතු බවට තර්ක කරද්දී වතු කම්කරුවන් වතු හිමියන් බවට පත්කරන්නේ යැයි කියන කතාවෙන් විපක්ෂ නායකවරයාගේ ආර්ථික විiාව පැහැදිලි වන්නේ යැයි ද විපුල කරුණාතිලක අවධාරණය කළේය.  

1950 දී ලංකාවෙ ජනගහණය ලක්ෂ 70ක් සිටිද්දී හාල්වලින් 50%ක් ආනයනය කළ අතීතයක ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට හඳුන්වන ජවිපෙ හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ඊට නොදෙවැනි යැයි ද ඔහු කීවේය.

දේශපාලන නායකයන් සිය ප්‍රතිවාදීන් සමග ප්‍රතිපත්තිමය විවාදවලට සම්මුඛවීම ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය පෝෂණය කරන්නක් වුවද මේ තත්ත්වය මත වැඩි විභවයක් ඇත්තේ මෙවැනි විවාදයක් නොවීමට යැයි ද දීප්ති කුමාර ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුර සජිත් දෙන්නම හෙළිදරව් වෙනවට බයයි! | The Leader