The Leader News
BREAKING
Top Ad
Opinion

උපායමාර්ග සහ මෝඩකම් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 21, 2024 • 10:29 AM

උපායමාර්ග සහ මෝඩකම් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම වයසේ අනෙක් ළමුන්ට වඩා ඇඟ පතින් ලොකු, පෙනුමෙනුත් මහා මිනිහෙක් වගේ කොල්ලෙක්.
  • සීමාවකට පාලනය කරන්න පුළුවන්.
  • ධර්මය ඔබට මග වේවා! (එරන්ද ගිනිගේ) සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක eranda.ginige@gmail.com 2024 මැයි 21.
අකුරු ප්‍රමාණය (Font Size):

සම වයසේ අනෙක් ළමුන්ට වඩා ඇඟ පතින් ලොකු, පෙනුමෙනුත් මහා මිනිහෙක් වගේ කොල්ලෙක්. ඉස්කෝලේ විතරක් නොවෙයි අවට ගමේ වුණත් චණ්ඩියා. ගුරුවරුන්ට හරිම කරදරයක්. එක එක නසරානි වැඩ කරනවා. බැනලා ගහලා හදන්නම බැහැ. ඒ කාලේ අපේ විදුහල්පති හිටියේ එච්. එල්. බී. ගෝමස් මහත්මයා. හරිම හොඳ උගත් වැදගත් මහත්මයෙක්. එතුමාටත් මේ යකා මහා හිසරදයක් වෙලා තිබුණේ.

මෙන්න බොලේ ඒ අවුරුද්දේ ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පළඳවන උත්සවයේ මේ යකාටත් ශිෂ්‍ය නායක පට්ටම දීලා… කොල්ලන්ට හරිම ප්‍රශ්නයක්. ඉස්කෝලේ ඉන්න නරකම එකාත් ශිෂ්‍ය නායකයෙක් වුණාම ශිෂ්‍ය නායකකමේ වටිනාකම මොකක්ද කියලා අපි ඇහුවා. ඒ දවස්වල ශිෂ්‍ය නායක වෙන්න ලෙහෙසි නැහැ. අධ්‍යාපනය, විෂය බාහිර ක්‍රියාකාරකම් වගේම චරිතයත් හොඳට තියෙන්න ඕනා. ඔහොම ටික දවසක් ගියා. අර කොල්ලගේ අලුගුත්තේරු වැඩ සෑහෙන්න දුරට අඩු වුණා. මොකක්ද මේ අරුමය?

 

strategic thinking shutterstock image

පස්සේ කාලෙක තේරුණා ගෝමස් සර් කරලා තියෙන්නේ උපාය මාර්ගික වැඩක් කියලා. නරකම කොල්ලට ඉස්කෝලේ උසස් වගකීමක් දුන්නම ඒ යකා ටිකක් මෙල්ල වෙනවා. “මමත් දැන් ශිෂ්‍ය නායකයෙක්” කියලා හිතට අර ගෙන ටිකක් පිළිවෙලකට ඉන්න බලනවා. මිනිහට බයේ අනෙක් කොල්ලොත් දඟ වැඩ නොකර ඉන්නවා. මිනිහගේ යාළුවොත් මිනිහට කීකරුව ඉන්නවා. හැබැයි ඉතින් උපන් ගති සම්පූර්ණයෙන්ම අරින්න බැහැ. සීමාවකට පාලනය කරන්න පුළුවන්. ඔහොම අවුරුද්දක් ගියා. අපි හිතුවා එතනින් කතාව ඉවරයි කියලා. ඒත් ඉවර වුණේ නැහැ.

ගෝමස් සර් වෙන ඉස්කෝලෙකට මාරු වෙලා ගියා. මෙන්න බොලේ ඊට පස්සේ අර යකාව උප ප්‍රධාන ශිෂ්‍ය නායක කෙරුවා. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ ශිෂ්‍ය නායක භාර සර් කාරයා අර කොල්ලගෙන් හොඳට වැඩ අර ගෙන. මිනිහගේ ටියුෂන් පන්තියේ පෝස්ටර් ගහන්නයි ඔය තව තව වැඩ… අපි ඇහුවම කිව්වා “ඔයගොල්ලන්ගේ ගෝමස් සර්නේ එයාට ශිෂ්‍ය නායකකම දුන්නේ… ඉතින් මම කළේ එයාට තව දිගටම ඉන්න දීලා පත් කළ එක විතරයි” කියලා… කාලා වරෙන්කො!

අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකකම ඒකෙන් බල්ලට ගියා. අර කොල්ලා පෙරටත් වඩා ඉස්කෝලෙට වදයක් වුණා. විෂය භාර සර් කාරයා යටතේ ඉන්න අකමැති නිසා මම මගේ පදක්කම ගලවලා ඉල්ලා අස් වුණා. උපාය මාර්ගික වැඩ කරන්න ඕනා මොළේ තියෙන මිනිස්සු එක්ක විතරයි. ගෝඨාභය මහත්මයා රනිල්ව අගමැති කරලා මිනිහා ලවාම අරගලය පාලනය කළා. ඒත් ගෝමස් සර් වගේ ගෝඨාභය සර්ත් අස් වෙලා ගියා. ඒක වැරදියි. තමන්ගේ තීරණ තමන්ගෙන් පස්සේ එන අය අවභාවිත කරනවා. ඒකෙන් අන්තිමට රනිල් ජනාධිපතිත් වුණා. දැන් අර සර් කාරයා වගේ සෙට් එක රනිල්ව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්න හදන එක අපිට මේ සත්‍යය කතාවෙන් තේරුම් ගන්න පුළුවන්. ධර්මය ඔබට මග වේවා! 

මහේෂ් අමලියන් එල්ලයිද? - ( එරන්ද ගිනිගේ )(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මැයි 21

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...