The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා...(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 21, 2024 • 12:02 PM

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා...(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ෆොටෝ එක ඒ විදියට ගත්ත එකම හදිසි ෆොටෝ එක වෙන්න ඕනි.
  • ඒ වගේම ඒ ඈන්ගල් එකෙන් ගත්ත වෙනත් ෆොටෝ ඇත්තෙත් නැහැ. නමුත් දෙන්නම එක්ක ඉස්සරහින් ගත්ත පිළිවෙල ෆොටෝ එකකුත් දැක්ක.
  • ෆොටෝ එක දිහා අපි ඉන්න ඈන්ගල් එකෙන් බලනකොට රනිල් එක්ක ගිය අපේ කෙනෙක් නැත්නම් අපේ පැත්තෙන් කෙනෙක් තමයි මේ ෆොටෝ එක ගන්න ඇත්තේ කියල හිතෙනවා.
  • මොකද ඒ ෆොටෝ එකේ රටක ජනාධිපති කෙනෙක් අහම්බෙන් හරි හම්බ උනාම ෆොටෝ එකක් ගන්න සුදානමක් එලෝන් මස්ක්ගේ පැත්තෙන් පේන්නේ නැහැ. ඇත්තටම මෙහෙම ෆොටෝ එකක් ගන්න එලෝන් මස්ක්ට උවමනාවකුත් නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ෆොටෝ එක ඒ විදියට ගත්ත එකම හදිසි ෆොටෝ එක වෙන්න ඕනි. මොකද මීඩියා යුනිට් එකකින් ගන්න ෆොටෝ එකක ටිකක් මීට වඩා රෙසෝලූෂන් වැඩි හින්ද. සහ පිළිවෙල හින්ද. ඒ වගේම ඒ ඈන්ගල් එකෙන් ගත්ත වෙනත් ෆොටෝ ඇත්තෙත් නැහැ. 

නමුත් දෙන්නම එක්ක ඉස්සරහින් ගත්ත පිළිවෙල ෆොටෝ එකකුත් දැක්ක. ඒකත් හරි. 

 

image 3b95676cfc
එලොන් මේ පළමු (පැත්තකින් ගත්ත) ෆොටෝ එක ලයික් කරලා තියනවා කියලත් දැනගන්න ලැබුණ. ඒකත් හොඳයි.

Screenshot 20240519 140324 Xෆොටෝ එක දිහා අපි ඉන්න ඈන්ගල් එකෙන් බලනකොට රනිල් එක්ක ගිය අපේ කෙනෙක් නැත්නම් අපේ පැත්තෙන් කෙනෙක් තමයි මේ ෆොටෝ එක ගන්න ඇත්තේ කියල හිතෙනවා. මොකද ඒ ෆොටෝ එකේ රටක ජනාධිපති කෙනෙක් අහම්බෙන් හරි හම්බ උනාම ෆොටෝ එකක් ගන්න සුදානමක් එලෝන් මස්ක්ගේ පැත්තෙන් පේන්නේ නැහැ. 

ඇත්තටම මෙහෙම ෆොටෝ එකක් ගන්න එලෝන් මස්ක්ට උවමනාවකුත් නැතුව ඇති. හැබැයි අපේ පොරවල්ට මේක ගොඩක් වටිනවා. මොකද මේක මෙහෙ මාකට් කරන්න පුළුවන් වර්ගයේ ෆොටෝ එකක්. 

වෙනත් විදියකට කිව්වොත් එලෝන් මස්ක් කියන්නේ ප්‍රාග්ධනය පැත්තෙන් සහ ප්‍රාග්ධනයේ බලය පැත්තෙන් ගත්තොත් රාජ්‍යයක නායකයෙක්ට වඩා වැඩිමනත් දෙයක්. 

අපිට එයත් එක්ක ගන්න ෆොටෝ එක වැදගත් වුනාට එයාට අපිත් එක්ක ඉන්න ෆොටෝ එක වෙච්චර වැදගත් නැහැ. වැඩිම උනොත් ලයික් එකක් දායි.

හැබැයි අපිට එයා වටිනවා. ඒ නිසා රනිල් එහෙම හරි එයා එක්ක චැට් එකක් දාගත්ත එකත් වටිනවා.

මට මතක් උනේම කොත්මලේ මල් කොල්ල...ඌ පාරේ දුව දුවා ඉන්න කොට කොහේදෝ ඉන්නේ බ්ලොග් කාරයෙක් සහ සල්ලි තියෙන චීනෙක් ඇවිල්ල උගේ දෛවය වෙනස් කළා. 

රනිලුත් ඒ මල් කොල්ල වගේ ඔහේ දුව දුව ඉන්න කොට එලෝන් මස්ක් වගේ සල්ලිකාරයෙක් ඇවිල්ල පොරට ලොකු මල් කඩයක් දාල දෙන්නත් බැරි නැහැ...ලංකාවම ගොඩයන්න පුළුවන් විදියේ මල් කඩයක්....

දේශපාලනය ඇතුලේ මාර අහම්බයන් වෙන්න පුළුවන්. ඒක රනිල් දන්නවා. 

එලෝන් මස්ක් ලංකාවට එනකොට ඒ කාලේ එළිසබෙත් රැජිණ ආව වගේ ලොකු පෙරහැරකින් ලංකාව පුරා ගෙනියන්න ඕනි. 
එළම...

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්, එලෝන් මස්ක්, සහ කොත්මලේ මල් කොල්ලා...(ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader