The Leader News
BREAKING
Top Ad
Opinion

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? - ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 23, 2024 • 2:14 PM

 බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? - ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ නිසා බුදුන් ලංකාවට වැඩියා හෝ නොවැඩියා යන්න එතරම් බරපතල දෙයක් හැටියට මම සලකන්නේ නැහැ.
  • දුරස්බව එක්ක එන වඩාත් ගැඹුරු ආදරයටත් (භක්තිය නෙවෙයි) මම ආස කරනවා.
  • සමහර තැන්වල පැවති විශ්වාස වෙනස් කරන්න ගිහිල්ල ඔවුන් ජීවිත අභියෝග වලට පවා මුහුණ දෙන්න ඇති.
  • ඉන්දුනීසියාව, ජපානය, චීනය දක්වා සහ ඇතැම්විට යුරෝපය දක්වා ලොකු චාරිකාවක එම දෙවැනි අදියර නිරත වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කැමතියි. ඒ නිසා බුදුන් ලංකාවට වැඩියා හෝ නොවැඩියා යන්න එතරම් බරපතල දෙයක් හැටියට මම සලකන්නේ නැහැ. ආවා හෝ නොආවා වේවා ඒ දහමට මම බැඳෙන 'දුරස්ථ තැන' ඒ හේතුවෙන් වෙනස් වෙන්නේ නැහැ.

බුදුන් ලංකාවට වැඩියා කියල කියන්න වලිකන අයගේ දේශපාලනය එක්කත් මම එකඟ නැති නිසා කොහොමත් මම ඉන්න දුරස්ථ තැන මට වඩාත් පහසුයි. දුරස්බව එක්ක එන වඩාත් ගැඹුරු ආදරයටත් (භක්තිය නෙවෙයි) මම ආස කරනවා.

බුද්ධාගමේ දුෂ්කරම අවධියක් පසුකරන්නේ ඔවුන්.


බුදුන් වහන්සේ ඉන්දියාවෙන් එළියට ගියත් නැතත් බුදුන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ ආපු ධර්ම සංගායනා එක්ක තමයි බුදුදහමේ වෙනස්ම අදියරක් අපිට හමුවෙන්නේ. ඒ තමයි බුද්ධාගම ප්‍රචාරය කරන්න ඉදිරිපත් වෙන ධර්මදූත කණ්ඩායමේ මැදිහත්වීම. මම හිතන්නේ බුද්ධාගමේ දුෂ්කරම අවධියක් පසුකරන්නේ ඔවුන්.
ඒ එක්ක තමයි බාහිර අභියෝගවලට මුහුණ දෙන්න ඕනි විදියට බුදුදහම දාර්ශනික වෙන්නේ.  

තමන් කිසිම දෙයක් නොදන්නා දේශ දේශාන්තරවලට ගිහිල්ල, නොදන්නා භාෂාවක් සහ සංස්කෘතියක් එක්ක පොරබදල, වෙනත් විශ්වාසයන් එක්ක හිටපු මිනිස්සු වෙනස්කරලා, බුද්ධාගම නොදන්නා භූමිභාගයන්වල එය පැළ කළා කියන එකම ලොකු අභියෝගයක්. සමහර තැන්වල පැවති විශ්වාස වෙනස් කරන්න ගිහිල්ල ඔවුන් ජීවිත අභියෝග වලට පවා මුහුණ දෙන්න ඇති.

aa1e8c26 b7f1 11e8 b64d 19e275708746 image hires 184958අපි අද දකින සංකීරණ දාර්ශනික බුදුදහම ඒ චාරිකාවේ ප්‍රථිපලයක්.
එහෙම කණඩායමක් එක්ක තමයි බුදුදහම ඉන්දියාවෙන් ඔබ්බට යන්න පටන් ගත්තේ. ඉන්දුනීසියාව, ජපානය, චීනය දක්වා සහ ඇතැම්විට යුරෝපය දක්වා ලොකු චාරිකාවක එම දෙවැනි අදියර නිරත වෙනවා.

අපි අද දකින සංකීරණ දාර්ශනික බුදුදහම ඒ චාරිකාවේ ප්‍රථිපලයක්.

විසිවෙනි සියවසේ මැද බුදුදහම තවත් අදියරක් දක්වා වෙනස් වෙන්න තවත් එක වීර චාරිකාවක් බලපානවා (voyage). ඒ තමයි යුරෝපීය පුනරුදයෙන් පස්සේ, කාර්මික විප්ලවයෙන් පස්සේ, විද්‍යාවේ ආගමනයෙන් පස්සේ, ලෝක යුද්ද දෙකකට පස්සේ පෙරදිගින් ඇමෙරිකාව බලා ගිය දාර්ශනික බුද්ධාගම.

ඇමෙරිකාව නම් නිරාගමික (නැත්නම් බටහිර ක්‍රිස්තියානි) ලෝකය දිග්විජය කරන්න වලිකාපු පෙරදිග සෙන් බුද්ධාගමේ කථිකයින් සහ ඉන් පසුව ආපු ආගමික - දාර්ශනික - උපදේශක ව්‍යවහාරිකයින් (practitioners) බුදුදහම වෙනස්ම ආකාරයකට බටහිර පැලකරනවා. ඒක වෙනස්ම සාංදෘෂ්ටික චාරිකාවක්.

dt suzuki

 නියෝන් බල්බ් පිරිච්ච, අහස උසට කොන්ක්‍රිට් ගොඩනැගිලි ගිය දැවැන්ත නාගරික අභියෝගාත්මක අවකාශයකට ඔවුන් මේ ධර්මය බය නැතුව අරන් යනවා.  ඒ චාරිකාවේ ආරම්භකයින් වෙන්නේ නිෂිදා කිතරෝ සහ D. T. Suzuki. ඒක තරමක නව දහමක් දක්වා වර්ධනය උණා. ආරම්භක මූලයෙන් වෙන් වෙලා අලුත් බිමක අලුත් ධර්මයක් දක්වා ඒක වර්ධනය උණා. මම හිතන්නේ ධර්ම චාරිකාවේ යෙදිච්ච හැම ධර්මයක්ම වගේ අලුත් බිමක අලුත් විදියට හැදෙන්න ගත්ත. ඒකම තමයි ඒවායේ ව්‍යාප්තික ශක්තිය.


ඒ නිසා ඉන්දියාවෙන් එළියට නොගියා කියල මම විශ්වාස කරන බුදුන් වගේම ඉන්දියාවෙන් සහ අනෙක් තැන්වලින් මේ ධර්මය අරන් එළියට ගිය හැමෝම එහි විශ්වීය ව්‍යාප්තියට විශිෂ්ට දායකත්වයක් ලබාදීල තියනවා.

ඒ හැමෝටම ලස්සන කතාවක් ඇති. ඔබත් ඒ කතාවේ කොටසක් වෙන්න ඔබේම චාරිකාවක් ආරම්භ කරන්න...

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...