The Leader News
BREAKING
Top Ad
Opinion

දිලිත්ගේ නැගීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 28, 2024 • 6:50 AM

දිලිත්ගේ නැගීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා හිතන්නේ එය දිලිත්ගේ ජයග්‍රහණයක්.
  • නමුත් විමල්ගේ තියෙන මෝඩකමට සහ බියගුළුකමට අරගලයත් එක්ක රාජපක්ෂ විරෝධීව හැසිරීම නිසා ඔහුව අපේ මාර්කට් එකෙන් දරුණු ලෙස ප්‍රතික්ෂේප වුණා.
  • ඒත් අපේ කඳවුරේ මිනිස්සු ඔහුව ගත්තේ නැහැ. විමල් කියන්නේ රාජපක්ෂ කඳවුරේ ඒ දවස්වල ප්‍රියතම භාණ්ඩයක් ඒකෙන් අපි ඉගෙන ගන්න ඕනා පළමු පාඩම තමයි තමන්ගේ ප්‍රධාන වෙළඳපොළ සමග විකාර කරන්න යන්න නරක බව.
  • විමල් කියන product එකටත් ඔහුගේම වූ වැදගැම්මක් නැති බව ඔප්පු වුණා නේද!
අකුරු ප්‍රමාණය (Font Size):

මා හිතන්නේ එය දිලිත්ගේ ජයග්‍රහණයක්. දිලිත්ට දැන් පුළුවන් විමල්ව (මාර්කටින් වචනයෙන්) Reposition කරන්න. දිලිත් තනිකරම කරන්නේ මාර්කටින් අච්චු පොතේ තියෙන සරලම තියරි. මාර්කටින් ඉගෙන ගත්ත අයට දිලිත් කරන දේවල් ලස්සන case studies. අපි පොඩ්ඩක් මේක ඒ පැත්තෙන් analyse කරමු ද?

 

WIMAL WEERAWANSHA 750x375දිලිත්ට දැන් පුළුවන් විමල්ව (මාර්කටින් වචනයෙන්) Reposition කරන්න.
විමල් කියන්නේ රාජපක්ෂ කඳවුරේ ඒ දවස්වල ප්‍රියතම භාණ්ඩයක් (Product). විමල්ව ඉල්ල ඉල්ල පරිභෝජනය කළේ අපේ කඳවුරේ පාරිභෝගිකයන් (Customer). නමුත් විමල්ගේ තියෙන මෝඩකමට සහ බියගුළුකමට අරගලයත් එක්ක රාජපක්ෂ විරෝධීව හැසිරීම නිසා ඔහුව අපේ මාර්කට් එකෙන් දරුණු ලෙස ප්‍රතික්ෂේප වුණා. කොටින්ම ෆුඩ් සිටී එකේ විකිණෙන්නේ නැතිව රාක්කයේ පහළට පහළට වැටිලා අන්තිමට කල් ඉකුත් වෙන්න ළඟ භාණ්ඩ අඩු කළ මිලට විකුණන බඩු බක්කියට විමල් වැටුණා. ඒත් අපේ කඳවුරේ මිනිස්සු ඔහුව ගත්තේ නැහැ. 

 

wimal mahindaවිමල් කියන්නේ රාජපක්ෂ කඳවුරේ ඒ දවස්වල ප්‍රියතම භාණ්ඩයක්

ඒකෙන් අපි ඉගෙන ගන්න ඕනා පළමු පාඩම තමයි තමන්ගේ ප්‍රධාන වෙළඳපොළ සමග විකාර කරන්න යන්න නරක බව. තමන්ව පොර කකා මිලට ගන්න customer segment එකක් ඉන්නවා නම් කවදාවත් ඒ පාරිභෝගිකයන්ට කොකා පෙන්වන්න යන්න එපා. තමන් දැන ගන්න ඕනා තමන් විකිණෙන්නේ කුමක් නිසාද කියා. දිලිත් මේක හොඳට දන්නවා. කිසිම භාණ්ඩයක් විකිණෙන්නේ එහි තිබෙන නෛසර්ගික වටිනාකමක් නිසා නොවෙයි. භාණ්ඩ විකිණෙන්නේ එය මත නිර්මාණය කර තිබෙන කෘත්‍රිම brand එක නිසා පමණයි. විමල් කියන product එකටත් ඔහුගේම වූ වැදගැම්මක් නැති බව ඔප්පු වුණා නේද! අන්තිමට ඔහුට සිද්ධ වුණා දිලිත් වගේ ධනවාදියෙකු ළඟ නැවෙන්න. මම හිතනවා එම අත්දැකීම ඔහුගේ අති විශාල ඊගෝවට මරු පහරක් වෙන්නට ඇතිය කියා. එයින් ඔහු පාඩමක් ඉගෙන ගත්තාද කියන්න නම් දන්නේ නැහැ. මේකම තමයි පා.ච. රණවකට වුණේත්.

හැබැයි මේක හොඳ පාඩමක් පොහොට්ටුවේ ඉන්න රනිල්ගේ පුත්තුන්ට. මේ වෙන කොට ඔවුන්ගේ customer base එකෙන් ඔවුන්ව ප්‍රතික්ෂේප වීම දරුණුවට සිද්ධ වෙනවා. මොකද ඔවුන් රනිල් සමග align වෙන තරමට ඔවුන්ගේ market එක කැඩෙනවා. රාජපක්ෂලා සමග හැදුණු brand image එක කඩා ගත්තා කියන්නේ ඉතින් එතනින් ඒ කතාව ඉවරයි. ඕක ඔවුන්ටත් තේරෙන නිසා තමයි රෑට රනිල්ගේ ඇඳේ නිදා ගෙන දවල්ට රාජපක්ෂලාගේ වේදිකාවට නගින්නේ. ලැජ්ජ නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. හැබැයි ඒක customers ලට තේරෙනවා. පාරිභෝගිකයන් අකමැතිම දෙයක් තමයි ඔවුන්ව ගොනාට අන්දනවා කියලා දැන ගැනීම. දිලිත් කරන්නේ එහෙම නොදැනෙන්න ඔවුන්ව ගොනාට ඇන්දවීම. ඒක තමයි මාර්කටින් කියන්නේ.

 



ඊළඟට අපිට බලන්න පුළුවන් දිලිත් විමල්ව reposition කරන විදිහ. දැන් විමල් කියන පරණ භාණ්ඩයට තව life-line එකක් ලැබෙනවා. එක පැත්තකින් දිලිත්ට අයිති මාධ්‍ය කඩය දැන් විමල්ව උස්සනවා හිටු කියලා. දිලිත් enter වෙන්න හදන්නේ පොහොට්ටුවේ market base එකට. හරියටම කිව්වොත් දිලිත් හදන්නේ පොහොට්ටුවේ market share එකෙන් ලොකු පංගුවක් කඩලා ගන්න. ඔහු එය දැඩි අධිෂ්ඨානයෙන් කර ගෙන යනවා. එහෙම එකම මගක නොසැලී යන ගතියට මා ගරු කරනවා. නමුත් දිලිත් කොච්චර උත්සාහ කළත් දිලිත්ට විමල් වගේ කතා කරන්න බැහැ. දිලිත් කතා කරන කොට පේන්නේ රනිල් වික්‍රමසිංහගේ මල්ලි කතා කරනවා වගේ නේද… දිලිත්ට තියෙන්නේ රනිල්ගේ මුහුණුවර… ඒ ඉරියව්… ඒ අනුන් පහත් කරන හිනාව… ඒ නිසා දිලිත් විමල්ව ගන්නවා. අරගෙන එයාව හැමෝටම පේන්න ඉස්සරහින් රාක්කයක තියනවා. 

 



Out of tune බැති ගීයක් කියා ගෙන විමල් රාක්කෙට නගිනවා. අර ගත්ත අනෙක් කිහිප දෙනා නම් සත පහකට වැඩක් නැති බඩු කෑලි ටිකක් විතරයි. නමුත් ඔවුන්වත් ගන්න ඕනා. බාලම බඩුවක් වුණත් ඊටත් වඩා බාල බඩු සමග තිබ්බම වටිනාකම වැඩියි වගේ පේනවා. විමල්ට තමයි දිලිත් ඇත්තටම invest කරන්නේ. විමල්ට අද ඉඳලා කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි රනිල් වික්‍රමසිංහගේ සමාජ ආර්ථික ප්‍රතිපත්ති සහ කෙරුවාව ජනතාවට මතක කර දෙන එක. ඒකට හොඳම කෙනාව දිලිත් තෝරා ගෙන තිබෙනවා. 

හැබැයි මේක හරි යන්න තව එක දෙයක් වෙන්න ඕනා. ඒ තමයි පොහොට්ටුව අලියගේ හොඬවලට අහු වෙන්න ඕනා. දිලිත්ගේ එකම ප්‍රාර්ථනාව එයයි. ඒක වෙච්ච ගමන් පොහොට්ටුවේ customer base එක අන්ද මන්ද වෙලා විශාල අර්බුදයකට යනවා කියලා දිලිත්ගේ තෙම්පරාදු marketing මොළේට හොඳට තේරෙනවා. ඒක තමයි ලංකා දේශපාලන ඉතිහාසයේ සිරිසේන-රනිල් දීගයෙන් පස්සේ වෙන්න පුළුවන් ලොකුම Brand Confusion එක කියා ඔහු දන්නවා. අන්න එදාට ඔවුන්ගෙන් පිරිසකට විමල්ව පේන්න ගන්නවා. විමල් කියන ඒවා ඇහෙන්න ගන්නවා. විමල්ව ආයෙත් අතට අර ගෙන බලන්න හිතෙනවා. ඊට පස්සේ ඡන්දෙ දීලා ගන්නවා. දිස් ඉස් පොලිටික්ස් (විත් ද බෙස්ට් ඔෆ් මාර්කටින්).

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 මැයි 28 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...