The Leader News
BREAKING
Top Ad
Opinion

මැතිවරණ කල් තබන සැලසුම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 30, 2024 • 7:58 AM

මැතිවරණ කල් තබන සැලසුම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “දැන් ගෙම්බොත් කෑ ගහනවා සජිත්… සජිත්… කියලා” යනුවෙන් සජිත්ගේ වේදිකාවේ ඔහු කළ කතාව බැලූ බැල්මට විහිළුවක් ලෙස පෙනුණාට එය සැබැවින්ම සජිත් පරදින බවට ඔහු දුන් පණිවිඩයයි.
  • නිල්ගේ විශ්වාසවන්තම සමීපතමයන් වී ඇත්තේ ඔහු සමග දිගටම හිටිය රංගේ බණ්ඩාරලා නොවේ.
  • රනිල්ගේ කැම්පේන් කරන්නේ එජාපයට කඩේ ගිය අය නොවේ මෙයින් සිදු වී ඇත්තේ රංගේ බණ්ඩාර ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් පැත්තකට වීසි වීම ය.
  • අද රනිල්ගේ විශ්වාසවන්තම සමීපතමයන් වී ඇත්තේ ඔහු සමග දිගටම හිටිය රංගේ බණ්ඩාරලා නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනහා පහළ වේ. “දැන් ගෙම්බොත් කෑ ගහනවා සජිත්… සජිත්… කියලා” යනුවෙන් සජිත්ගේ වේදිකාවේ ඔහු කළ කතාව බැලූ බැල්මට විහිළුවක් ලෙස පෙනුණාට එය සැබැවින්ම සජිත් පරදින බවට ඔහු දුන් පණිවිඩයයි. රංගේ බණ්ඩාර ඊයේ “ජනාධිපතිවරණ, මැතිවරණ සියල්ල කල් දැමිය යුතුය” කියමින් කළේත් එවැනිම කතාවකි. ඒ කතා දෙකේම ඔහුගේ මුහුණේ තිබුණේ එකම උපහාසාත්මක සිනහාවයි. මෙයින් කියවෙන්නේ කුමක්ද?

 



එක පැත්තකින් ඔහු පහර දෙන්නේ රනිල්ගේ පුත්තුන්ට ය. පොහොට්ටුවේ ඇමතිවරු කියන්නේ රනිල්ටම නැවත දෙන්න ඕනා කියා ය. රංගේ බණ්ඩාර කළේ එයම ජෝක් එකට ගැනීමයි. රනිල් වික්‍රමසිංහ එජාපයේ නායකයා වුණාට අද රනිල් වෙනුවෙන් කඩේ යන්නේ පොහොට්ටුවේ ඇමතිවරුන් ය. ආණ්ඩුව පොහොට්ටුවේ වුණාට ඔවුන් වැඩ කරන්නේ තනිකරම එජාපයේ නියෝ ලිබරල් විකුණන් කෑමේ ප්‍රතිපත්ති අනුව ය. ගෝඨාභය ජනපතිවරයා යටතේ ඉන්නා විට “අරක කරන්න බැහැ… මේක කරන්න බැහැ…” කියමින් එදා ඒ ජනපතිට සත්තම් දැමූ එම ඇමතිවරුන් මෙදා මේ ජනපති කියන පමාවට ඕනෑම බාල්දියක් පෙරළීමට සැදී පැහැදී සිටියි. මේ තරමට පිටකොඳු බිඳගත් නිවට අමාත්‍ය මණ්ඩලයක් මින් පෙර ජනරජයේ තබා ඩොමිනියන් සිලෝනයේවත් බිහි වී නැත. හෙට උතුර නැගෙනහිර වෙනම බෙදලා දෙන්න පනතක් ගෙනෙන් කිව්වොත් “ඕකේ සර්!” කියා සුටුස් ගා එය කරන ජාතියේ අතිශය දුර්වල නිලමෙලා ටිකක් රටේ විධායක අමාත්‍ය මණ්ඩලය වීම රනිල්ගේ වාසනාවකි. රටේ අවාසනාවකි.

 

Palitha Range Bandara on the right with Ranil Wickremesinghe in the middleනිල්ගේ විශ්වාසවන්තම සමීපතමයන් වී ඇත්තේ ඔහු සමග දිගටම හිටිය රංගේ බණ්ඩාරලා නොවේ. රනිල්ගේ කැම්පේන් කරන්නේ එජාපයට කඩේ ගිය අය නොවේ

මෙයින් සිදු වී ඇත්තේ රංගේ බණ්ඩාර ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් පැත්තකට වීසි වීම ය. අද රනිල්ගේ විශ්වාසවන්තම සමීපතමයන් වී ඇත්තේ ඔහු සමග දිගටම හිටිය රංගේ බණ්ඩාරලා නොවේ. රනිල්ගේ කැම්පේන් කරන්නේ එජාපයට කඩේ ගිය අය නොවේ. එය පුදුමයක් නොවේ. රනිල් වැඩ කරන්නේ ඒ වෙලාවේ තමන් වෙනුවෙන් ඕනෑම අලුගුත්තේරු වැඩක් කිරීමට ඉදිරිපත් වෙන අවස්ථාවාදීන් සමග පමණී. එය බොහෝ දේශපාලන නායකයන් භාවිතා කරන මිනිස් දුර්වලතාවයකි. මන්ද එවැනි අයගෙන් සමාජයේ අඩුවක් නැති නිසා ය. අද තමන්ගේ දෙපා ලොවින නිවටයා වෙනුවට ඒ තැන ගන්න තවත් දහයක් බලා සිටින බව දේශපාලන නායකයන් දනී.

 

images 12රනිල්ව දිනවා රාජපක්ෂලා පන්නා දමා පොහොට්ටුවේ බලය ඇල්ලීම බව

අනෙක් පැත්තෙන් රනිල්ට ජනපතිවරණයකින් කිසිදාක දිනන්නට බැරි බව රංගේ කියන්නේ ඔය විදිහට ය. ජනපතිවරණයට රනිල් ඉල්ලා පැරදුණු විට පොහොට්ටුව පමණක් නොවේ, එජාපයත් වෙනත් පිරිසකගේ බලයට නතු වන බව රංගේ බණ්ඩාර දනී. වැරදිලාවත් රනිල් දින්නත් ඒ ආණ්ඩුවේ රංගේ බණ්ඩාරලාට තැනක් නැති බවත් ඔහු දනී. ඒ සිහින ආණ්ඩුවේ අගමැති තනතුර ලැබෙන්නේ දෙදෙනෙකුගෙන් කාට හරි ය. ඔවුන් දෙදෙනාම එජාපයේ නොවේ. ප්‍රධාන ඇමතිවරු ටික නම් දැනටමත් තීරණය කර අවසන්ය. ඔවුන් ද එජාපයේ නොවේ. ඔවුන්ගේ සැලසුම රනිල්ව දිනවා රාජපක්ෂලා පන්නා දමා පොහොට්ටුවේ බලය ඇල්ලීම බව රංගේ නොදන්නවා විය නොහැකිය. රංගේ හදන්නේ ඒ සන්තැසිය එජාපයට නොකර ගන්නට ය.

 

image a1d3522731රාජපක්ෂලාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ

මේ මොහොතේ පවා රාජපක්ෂලාට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එය කරන්නේ ජවිපෙ/ජාජබ නොවේ. එය කරන්නේ සජබ නොවේ. එය කරන්නේ පොහොට්ටුවේ බලය අල්ලන්නට සිටින පිරිස ය. දේශපාලනයේ ප්‍රධානතම නියමයක් වන්නේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ හෝ ජනපති හෝ අගමැති හෝ ඇමති ධුරවල හෝ නොව, බලය තිබෙන්නේ දේශපාලන “පක්ෂ” සතුව යන්න ය. සැබෑ බලය අවශ්‍ය නම් පක්ෂයක බලය ඇල්ලිය යුතු ය. ජාජබයේ පිරිසක් හදන්නේ ජවිපෙ නමැති පක්ෂයේ බලය ඇල්ලීමට ය. ෆොන්සේකා ඇතුළු පිරිසක් හදන්නේ සජබ නමැති පක්ෂයේ බලය ඇල්ලීමට ය. අපි නොදන්න පිරිසක් හදන්නේ පොහොට්ටුවේ බලය ඇල්ලීමට ය. සැබෑ දේශපාලනය වෙන්නේ අන්න එතන ය.

 

unitednationalpartyඑක පැත්තකින් රංගේ බණ්ඩාර කරන්නේ පොහොට්ටුවට සහාය දීමකි. එහෙම කරන්නේ එජාපයේ බලය ඔවුන් සතුව තබා ගැනීමට ය

රංගේ බණ්ඩාර කළේ මේ බල දේශපාලන (power politics) ව්‍යාපෘතියේ කැරකෙන දැති රෝද අස්සට යකඩ අඬුවක් දැමීම යි. දැන් ඒ ව්‍යාපෘතිය ජෑම් වී තිබේ. එක පැත්තකින් රංගේ බණ්ඩාර කරන්නේ පොහොට්ටුවට සහාය දීමකි. එහෙම කරන්නේ එජාපයේ බලය ඔවුන් සතුව තබා ගැනීමට ය. දිස් ඉස් පොලිටික්ස්.




eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...