The Leader News
BREAKING
Top Ad
Opinion

අවසානයේ රනිල් විතරක් ඉතුරු වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 1, 2024 • 4:47 PM

අවසානයේ රනිල් විතරක් ඉතුරු වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනමත විචාරණයක් පවත්වනවා කියන්නේ ලංකාවේ දේශපාලන සිතියම විශාල විදියකට හකුළුවා දැමීමක්.
  • ඒක පස්සට දාන්න ආණ්ඩුවට යන්නේ අධිපීඩන ජල ටැංකි භාගයයි.
  • අපි ඒක ලාම්පු කලගෙඩි සෙල්ලම තිබ්බ අසූව දශකයේ මුල අත්වින්දා සහ ඒකෙ නිශේධනාත්මක දේශපාලන ප්‍රතිවිපාක තවත් දශක කිහිපයක් පුරාවට දෝංකාර දුන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනමත විචාරණයක් පවත්වනවා කියන්නේ ලංකාවේ දේශපාලන සිතියම විශාල විදියකට හකුළුවා දැමීමක්. අපි ඒක ලාම්පු කලගෙඩි සෙල්ලම තිබ්බ අසූව දශකයේ මුල අත්වින්දා සහ ඒකෙ නිශේධනාත්මක දේශපාලන ප්‍රතිවිපාක තවත් දශක කිහිපයක් පුරාවට දෝංකාර දුන්න.

රංගේ බණ්ඩාර විසින් යෝජනාකරලා තියන සහ එක්සත් ජාතික පක්ෂය ඉතාම අභිරුචියෙන් කතාකරන්න කැමති මේ ජනමත විචාරණ යෝජනාව පවා යම් දීර්ඝකාලීන දේශපාලන ප්‍රතිවිපාක ඇතිකරන්න පුළුවන් දෙයක් උණත් අද තියෙන තත්වයන් එක්ක ඒක සමාජය විසින් කොහොම අර්ථකතනය කරගනීද, සහ ඒකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක දැන්ම කියන්න අමාරු දෙයක්. මොකද අද වෙනකොට ලාංකික සමාජය ඉන්නේ ආර්ථිකය අධිනිශ්චය වෙච්ච තැනක.

එම අධිනිශ්චය එදා අසූවේ එකට වඩා තරමක බරපතලකමකින් යුක්තයි. මොකද ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාමත් ආර්ථිකය කියන එක එකට ගිහිල්ල දේශපාලනය කියන එක දෙකට තුනට වැටිලා තියෙන්නේ.

විශේෂයෙන් ලංකාවේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ගැන මතක්කරමින් හැම වෙලාවේම මිනිස්සුන්ගේ මනසට දාන්නේ ආර්ථිකය නැති උනොත් ඔක්කොම ඉවරයි කියන එක. ආයේ ගහ මරාගන්න වෙයි කියන බිය. සියල්ල නතරවෙයි කියන බිය. 'සාමාන්‍ය ජීවිතය' නතර වෙයි කියන බිය. බිය කියන්නේ විශාල දේශපාලන උපක්‍රමයක්.
 
ඒ නිසා ගෝල්ෆේස් කියන්නේ කඩල සහ අයිස්ක්‍රීම් විතරක් විකුණන්න පුළුවන් බිමක් මේ වෙනකොට.
 
අනික මට හිතෙන දෙයක් තමයි මේ ''ආර්ථික ගැලවුම්කරන වැඩබිම'' එක්ක මැතිවරණය සහ දේශපාලනය හකුළුවා දැම්ම උනත් ඊට එරෙහිව කරන්න මහලොකු දෙයක් නැහැ කියන එක.

මේකට එරෙහිව ඕනිනම් ජාතික ජන බලවේගේ එක දවසක් කොළඹ එයි. ඒක පස්සට හරවන්න ආණ්ඩුවට ඕනි අධිපීඩන ජල ටැංකි එකයි, කඳුළු ගෑස් ටින් පහයි. යු ටියුබ් කට්ටියට ඩ්‍රෝන් දෙකයි. විව්ස් විසිපන්දාහයි.

සමගි ජන බලවේගේ ජාතික ජන බලවේගයට සතියකින් එහා හෝ මෙහා දවසක කොළඹ එයි. ඒක පස්සට දාන්න ආණ්ඩුවට යන්නේ අධිපීඩන ජල ටැංකි භාගයයි. කඳුළු ගෑස් ටින් දෙකයි. යූ ටියුබ් ඩ්‍රෝන් දෙකයි. විව්ස් පන්දාහයි.

සිවිල් සංවිධාන ඉහත දෙකට තවත් සතියකට ඉස්සර වෙලා හරි පස්සේ හරි කොටුවේ තවත් විරෝධයක් තියයි. ඒක හරවල යවන්න ආණ්ඩුවට යන්නේ පොලිස් තල්ලු එකයි. ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් අවශ්‍යත් නැහැ.

හැමෝම ඊට පස්සේ හිත හදාගන්නවා දුන්න දේ එක්ක පොර බදන්න. ඒ කියන්නේ දුන්න ජනමත විචාරණයෙන් ''මේ ජනපීඩක ආණ්ඩුව'' ගෙදර යවල රනිල්ට හොඳ පාඩමක් උගන්වන්න. රටේ මිනිස්සු ඒ ආතල් එක එක්ක ටික දවසක් පොරබදන්න ගන්නවා.

රනිල් ඔක්කොම තමන් දන්නා සෙල්ලම් ටික දාල, දන්නා හැම බලවේගයක්ම එකතුකරගෙන, දෘෂ්ටිමය වශයෙන් රට දෙකට බෙදල ඒකෙ වාසිය අරගෙන ජනමත විචාරණය දිනනවා.


පැරදිච්ච අනික් හැමෝම 'ඕක රනිල් දින්නට කවදා හරි ජනාධිපතිවරණෙ එයාට තියන්න වෙනවා, එදාට අපි දිනනවා' කියල හිතහදා ගන්නවා.


අපි දිනන ඒ දවස කවදාහරි රනිල් දෙනකල් අපි නාට්‍ය කවි චිත්‍රපට විචාර අරවා මෙව්වා කරනවා. ඒවාට වැඩි පහසුකමක් දෙන්න ස්ටාලින්ක් එනවා. ගෝල්ෆේස් වල දිගටම රටකජු විකුණනවා...

අවසානයේ කිසිදෙයක් බැහැ කියල ලංකාව හිතපු රනිල් විතරක් ඉතුරුවෙනවා. රනිල්ට එරෙහිව සටන්කරපු අනික් හැමෝම වයසටම ගිහින් මැරිලා යනවා.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...