The Leader News
BREAKING
Top Ad
Opinion

හඳ දෙස නොව රංගේ දෙස බලන්න....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 2, 2024 • 3:33 PM

හඳ දෙස නොව රංගේ දෙස බලන්න....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල්ගේ ''සේවා දිගුව'' වෙනුවෙන්.
  • ඒ ප්‍රකාශය නිසා පොර අම්ම මෝ නැතුව බැණුම් ඇහුව.
  • අවම වශයෙන් රනිල් උනත් මුට්ටියට ගුටි වදින බව දැනගෙන රංගේ වෙනුවෙන් කෙලින් යමක් කිව්වේ නැහැ.
  • එයාලගේ හිතේ වුනත් නිකම් තියෙන්න ඇති රනිල් ප්‍රොජෙක්ට් එකේ ඉන්න ඕකට ඔහේ ගුටි වැදියං කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ රනිල් වෙනුවෙන්. රනිල්ගේ ''සේවා දිගුව'' වෙනුවෙන්. වෙනත් විදියකින් කියනවා නම් එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ කරමින් ඉන්න 'දේශපාලන ව්‍යාපෘතිය' වෙනුවෙන් (political project).  


ඒ ප්‍රකාශය නිසා පොර අම්ම මෝ නැතුව බැණුම් ඇහුව. ඒ ප්‍රධාන දේශපාලන ධාරාවේ කට්ටිය අතින් විතරක් නෙවෙයි. සිවිල් සංවිධාන, හාමුදුරුවරු විතරක් නෙවෙයි පැන්ෂන් ගිය මැතිවරණ කොමසාරිස්වරු පවා පොරට බැන්න. ඒ විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ අයත් පොරට බැන්න. සමහරු කිව්වා පොරට මොළේ පරීක්ෂා කරගන්න කියලත්. පුත්තලම් බූරුවා කියලත් කිව්වා.


අවම වශයෙන් රනිල් උනත් මුට්ටියට ගුටි වදින බව දැනගෙන රංගේ වෙනුවෙන් කෙලින් යමක් කිව්වේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් අය හිටියේ රංගේ ගුටිකනකල් බලාගෙන. එයාලගේ හිතේ වුනත් නිකම් තියෙන්න ඇති රනිල් ප්‍රොජෙක්ට් එකේ ඉන්න ඕකට ඔහේ ගුටි වැදියං කියල. රංගේගේ පැත්තෙන් මේ නිසාම ලොකු පීඩනයක් ඇති.


බලන්න දේශපාලන ප්‍රොජෙක්ට් එකක් අදින්න ගියාම මනුස්සයකුට වෙන දේ...

මේ විදියට ප්‍රකාශයක් මේ වෙලාවේ කළාම කොල්ලගෙන් බල්ලගෙන් හැමොගෙන්ම බැණුම් අහන්න වෙනවා කියන එක රංගේ නොදැනගන්න එයා තොත්ත බබෙක් නෙවෙයි. එයා දැනගෙන හිටිය කරන වැඩේ තියන ආනිසංස. හැබැයි එහෙම දැනගෙන රංගේ ඒ අවදානම ගත්තේ ඇයි?


වැඩේ තියෙන්නේ ඇත්තටම රංගේ කිව්ව විදියට දේශපාලන චිත්‍රය දිගහැරුණොත් කියන එක ඇතුලේ.

ඒ කියන්නේ හයිපතිටිකලි සජබේ කට්ටිය ගොඩක් රනිල් එක්ක එකතුවෙලා, පොහොට්ටුවේ කට්ටියත් සෙට් වෙලා, තුනෙන් දෙක හැදිලා, ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වෙලා, අන්තිමට ජනමත විචාරණයකට ගිහිල්ල, මිනිස්සුත් රනිල්ට කැමති වෙලා රනිල් දින්නොත් ඇත්තටම රංගේ එයාලගේ පැත්තෙන් වීරයෙක් වෙනවා. ලොකු තානාන්තර හම්බ වෙනවා.

හැබැයි මේක ලත් තැනම ලොප් උනොත් පොර හැමෝගෙම ද්‍රෝහියෙක් වෙනවා. අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂය උනත් කියයි ඒක රංගේගේ කටට ආවට කරපු හිතුවක්කාර ප්‍රකාශයක් කියල. පොර ද්‍රෝහියෙක් කරලා අනික් හැමෝම ප්‍රජාතන්ත්‍රවාදයේ, සර්වජන චන්දබලයේ මුරදේවතාවුන් වෙනවා.

දේශපාලන ව්‍යාපෘති කියන්නේ එහෙම අවදානම් දේකට. හරි ගියොත් හරි නැත්නම් සුං. සුං කියන්නේ සුනේ සුං.

මේ සටහන ලිව්වේ රංගේ බණ්ඩාර දේශපාලනයේදි ගත්ත ඒ අවදානම වෙනුවෙන්.

ඒ අවදානම නැතුව දේශපාලනයක් පවතින්නේ නැහැ. පැවතුනත් ඇති ලස්සනක් නැහැ.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...