ඒ අදහස එක්ක සෑහෙන පිරිසක් එකඟවෙන පාටකුත් පෙන්න තියනවා. ඒ වගේම යම් පුදගලයෙක් කියන්නේ යම් දෙනලද සමාජ යථාර්තයක නිර්මාණයක් කියල කියන්න ඒ සටහන වැදගත්.
මාධ්‍යවේදියෙක් හැටියට ඔහුගේ මායිම් ගම්මාන අත්දැකීම් සහ ඒ මිනිස්සුන්ගේ ජීවිතය එක්ක ගත්තම ඒක සෑහෙන්න යතාර්තවාදී ලිපියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කියවන්න.
ඒත් මට මෙහෙම හිතෙනවා. චමින්ද ජිවත්වෙච්ච යතාර්තය ඔය කියන තරම්ම සහ ඊටත් වැඩියෙන් කටුක ඇති. ආපතික ඇති. අවදානම් ඇති. ඒ නිසා ඒ යතාර්තය වෙනස් කරන්නත් ඕනි තමයි. ඒක ඒ අර්ථයෙන් දේශපාලනිකයි.
නමුත් ඔයිටත් වඩා කටුක, දුෂ්කර, නපුරු. දුෂ්ට යතාර්තයන් එක්කත් මිනිස්සු පොරබදනවා කියන එක අපි දන්නවා. හැබැයි මිනිස්සු මේ විදියට තිරිසන් වෙන්නේ නැහැ. බාහු බලය තිබ්බ පලියට, පිරිමියෙක් වෙච්ච පලියට මෙහෙම කුරිරු වෙන්නේ නැහැ.
මේ 'පිරිමිකම' රෝගී තත්වයක්. සහ ඊට අනුබල දෙන ගැහැණුකමත් රෝගී තත්වයක්. ඒ පළාතේ මොනතරම් චන්ඩියෙක් උනත් මේ තත්වය පෞරුෂ ප්‍රශ්නයක් (personality disorder).
මිනිසා කියන්නේ පවත්නා තත්වය එක්ක පොරබදන ජීවියෙක් උනාට ඒ පවත්නා තත්වයෙන් උඩට එන්නත්, යම් සදාචාර විනිශ්චයන් එක්ක වඩා යහපත් වෙන්න සහ විකසිත වෙන්නත් උත්සාහ කරන සත්වයෙක්. ඒකට තමයි කාන්ට් කිව්වේ මිනිසාට අභ්‍යන්තර මාලිමාවක් (inner compass) තියෙන්න ඕනි කියල.
සතෙක්ගේ ඉඳල මිනිසෙක් වෙතත් මිනිසෙක්ගේ ඉඳල උත්තරීතර මිනිසෙක් වෙතත් මිනිසාට චාරිකාවක් තියනවා. ඒක වැලිඔය, අරන්තලාව, කාතන්කුඩි, කොළඹ කියල වෙනස් වෙන්නේ නැහැ.
චමින්ද හිරේ දැම්මට කමක් නැහැ. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. මුලින් ඔහු මිනිසෙක් කරන්න ඕනි.
චමින්දගේ චායාරූපයක් මගේ වෝල් එකේ එල්ලන්න මම කැමති නැහැ....මේ නීෂ (නීට්ෂ) මරණාසන්නව උමතුවෙන් සිටි දවස්වල දසුනක්.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



