The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ට ඉඩදෙමු - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

June 8, 2024 • 10:08 AM

රනිල්ට ඉඩදෙමු - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයෙන් සිස්ටම් චේන්ජ් කරලා දුක් විඳින අවසාන පැය අවසන් කරන කොට ණය තිබුණේ ඩොලර් බිලියන 80 යි.
  • ඒ කියන්නේ අරගලයෙන් උපන් ජනාධිපති රනිල්ගේ පාලන කාලය තුළ රටේ සමස්ත ණය බර වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන 20 කින්!
  • ඒ වගේම ISB ණය පොලී ගෙවන්නෙත් නැහැ.
  • ISB ණය විතරක් තියෙනවා ඩොලර් මිලියන 12,550 ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

අප්පුඩියක්.

අරගලයෙන් සිස්ටම් චේන්ජ් කරලා දුක් විඳින අවසාන පැය අවසන් කරන කොට ණය තිබුණේ ඩොලර් බිලියන 80 යි. ඒ කියන්නේ අරගලයෙන් උපන් ජනාධිපති රනිල්ගේ පාලන කාලය තුළ රටේ සමස්ත ණය බර වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන 20 කින්! එතකොට මොකක්ද විසඳා තිබෙන ආර්ථික අර්බුදය? පසුගිය අවුරුදු දෙක දුවලා තියෙන්නෙත් හෙන ගහන ණයටනේ...

 

රටේ ආර්ථිකය මිරිකලා තියෙන්නේ බදු පිට බදු ගහලා පොලී අනුපාත නහයටත් උඩින් ගහලා. ආණ්ඩුවේ ආදායම ටිකක් වැඩි කර ගෙන තියෙන්නේ VAT එකෙන්. ඒ කියන්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගන්න පරිප්පු සීනි ටිකෙන් ඉඳලා පාසල් දරුවන් අකුරු කරන්න ගන්න තනි රූල් පොතෙන් පවා බදු එකතු කරලා තමයි ආණ්ඩුව ඔය ආදායම වැඩි කර ගත්තා කියන්නේ. මාර ආර්ථික විසඳුම නේහ්! ඕක කරන්න ඕන පොඩි එකෙකුට පුළුවන්නේ… මේකටද මේ ආර්ථික ප්‍රශ්නය විසඳුවා කියලා රනිල්ගේ පුත්තු ලොරි ටෝක් දෙන්නේ!

 

vat 240129බදු පිට බදු ගහලා පොලී අනුපාත නහයටත් උඩින් ගහලා. ආණ්ඩුවේ ආදායම ටිකක් වැඩි කර ගෙන තියෙන්නේ VAT එකෙන්

අලි ඔළුවක් තියෙන සබ්‍රි එදා “ණය ගෙවන්නේ නැහැ” කියලා නිකරුණේ ලංකාවට “බංකොලොත්” ලේබලය ඇලෙව්වා. එයත් එක්ක ඒක කරපු IMF එකේ මහා බැංකු අධිපති පස්සේ ඇවිත් කිව්වා “රට බංකොලොත් කියා කීවේ නැහැ, ඒ කතාව වැරදියි” කියා. ගෝඨාභයව යවා ගන්න කියපු බුරියානි කතා විතරයිනේ ඒවා… ඊට පස්සේ රටේ ජනතාව වේලක් නොකා වේලක් කන බත් කටෙන් පවා බදු ගහලා එයාගෙයි එයාගේ පිට්ටු බම්බුවේ සේවකයන්ගෙයි පඩි වැඩි කර ගත්තා ලක්ෂ ගණන්වලින්. දුප්පතුන් වෙනුවෙන් අරගල කරපු සමහරු ඒ දවස්වල හම්බ කරපු ඩොලර්වලින් දැන් පාටි දානවා දුප්පතුන්ට පේන්න…

 



දැනට ලංකාව පොලී ගෙවන්නේ ADB, World Bank වගේ බහුජාතික සංවිධානවලින් ගත්ත සංවර්ධන ණය ටිකට විතරයි. චීනය, ජපානය, ඉන්දියාව වගේ රටවලින් ගත් ද්වීපාර්ශවික ණය පොලී ගෙවන්නේ නැහැ. ඒ වගේම ISB ණය පොලී ගෙවන්නෙත් නැහැ. ISB ණය විතරක් තියෙනවා ඩොලර් මිලියන 12,550 ක්. ඒකෙන් ඩොලර් මිලියන 10,000 ක්ම යහපාලන ආණ්ඩුව කාලේ ගත්ත ණය. රනිල් ඔය මහා ලොකුවට ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ එයාම ගත්ත ණය කන්දරාව. ඒකත් කරන්න හදන්නේ ගෙවීම පරක්කු කිරීම. එයා ගත්ත ණය එයාම කල් දාලා තව අවුරුදු තුන හතරකින් නැවත රටේ ආර්ථික අර්බුදයක් ඇති කරන්න ඕන කාල බෝම්බය අටවලා තියයි. යහපාලනයෙන් කළේ ඒකනේ. වන්දිය ගෙව්වේ ගෝඨාභය. අන්න එදාට ඔය ආර්ථික ප්‍රතිසංස්කරණ පනතට අත ඔසවපු මන්ත්‍රීලාගේ දෙමව්පියන් මතක් කරාවී ජනතාව.

 

01 ADBලංකාව පොලී ගෙවන්නේ ADB, World Bank වගේ බහුජාතික සංවිධානවලින් ගත්ත සංවර්ධන ණය ටිකට විතරයි

නමුත් කල්පනා කරලා බැලුවම මේ ක්‍රමය තමයි ලංකාවේ ඉන්න ගුණමකු අකෘතඥ මෝඩ ජනතාවට ගැලපෙන්නේ. ඒ නිසා රනිල් කරන දේ හරි. ගමේ නගරයේ ව්‍යාපාරයක් කරන මනුස්සයට තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගන්න කියලා බදු බර අඩු කරලා පොලී අනුපාත අඩු කළාම, ඒ උදව් කරපු මිනිහට ගල් ගහලා එලවන්න ආව කාලකන්නි මිනිස්සු ඉන්න රටකට මෙහෙම කරන්නම ඕනා. මැරෙන්න හිටිය මිනිස්සුන්ට එන්නත් ගෙන්නලා ගහලා, ඔක්සිජන් දීලා, කන්නත් දීලා ජීවිත බේරුව මිනිහව මරන්න කෝච්චිවල නැගලා කොළඹ ආව සාහසික ජනතාව ගන්න පැනඩෝල් පෙත්තේ ඉඳලා හොඳට බදු ගහන්න ඕනා. ලෝකෙටම අමාරු වේලාවක විදුලිය කැපුණා කියලා අරගල කරපු මිනිස්සුන්ට ගෙවා ගන්න බැරි තරමට මාසික විදුලි බිල වැඩි කරන්නම ඕනා. හැම මාසෙම කරන්ට් එක කපලා කළුවරේ තියන්නම ඕනා. මේ ජීවිතයේම විපාක ටික හදලා දෙන්න ඕනා. රනිල් දන්නවා මේ රටේ මිනිස්සු කියන්නේ කිසිම කෙළෙහිගුණයක් නැති මහා දුෂ්ට හැත්තක් කියලා. ඒ නිසා කිසිම අනුකම්පාවක් නැතිව මේ කරන වැඩේ දිගටම කරන්න ඉඩ දෙන්න ඕනා. දිස් ඉස් පොලිටික්ස්!

 

image 3b4b929dceමැරෙන්න හිටිය මිනිස්සුන්ට එන්නත් ගෙන්නලා ගහලා, ඔක්සිජන් දීලා, කන්නත් දීලා ජීවිත බේරුව මිනිහව මරන්න කෝච්චිවල නැගලා කොළඹ ආව සාහසික ජනතාව

මූලාශ්‍ර: මුදල් අමාත්‍යංශ වාර්තා:

 THE QUARTERLY Debt Bulletin 2024

Public Debt Summary - As at End-June 2022


eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූනි 8


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...