The Leader News
BREAKING
Top Ad
Opinion

ක්‍රිකට් සහ ලංකාව

T

The Leader Desk

June 11, 2024 • 9:13 AM

ක්‍රිකට් සහ ලංකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුව ක්‍රමයෙන් ගමේ කොල්ලන්ට ද ඒ සඳහා අවස්ථාව ලැබිණි.
  • ඒ හේතුවෙන් 1996 වසරේ ප්‍රතිවාදී ඕස්ට්‍රේලියාව පරදා ලංකාව ලෝක කුසලානය දිනා ගත්තේ ය.
  • මේ කතාව සහ ලංකාව අතර ඇත්තේ පුදුමාකාර සමානකමකි.
  • අනේක ගැටලු සහ අභියෝග මැද ඉබි ගමනින් පැමිණි ලංකාව 2009 වසරේ කොටි ත්‍රස්තවාදීන් පරදා නිදහස දිනා ගත්තේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
පසුව ක්‍රමයෙන් ගමේ කොල්ලන්ට ද ඒ සඳහා අවස්ථාව ලැබිණි. සීමිත සම්පත් සහ අභියෝග මැද එහෙත් උනන්දුවෙන් සහ කැපවීමෙන් ඔවුන් එදා ක්‍රිකට් සෙල්ලම් කළේ ය.
 
ඒ හේතුවෙන් 1996 වසරේ ප්‍රතිවාදී ඕස්ට්‍රේලියාව පරදා ලංකාව ලෝක කුසලානය දිනා ගත්තේ ය. එයත් සමග ලංකාවේ ක්‍රිකට් හී ස්වර්ණමය යුගය උදා විය. බොහෝ තරග දිනා ගත්තේ ය. මුදල් ගලා ගෙන ආවේ ය. ක්‍රිකට් සෙල්ලම්කාරයන් පොහොසතුන් විය. ලංකාවේ ක්‍රිකට් උම්මත්තකයින් (fans හෙවත් fanatics) කමින් බොමින් පපරේ රිද්මයට නටමින් උපරිම විනෝදයෙන් ආතල් එකේ සිටියේ ය. නමුත් ඒ යුගය පැවතුණේ කෙටි කාලයකි.
 
ටික කාලයක් යත්ම ලංකාවේ ක්‍රිකට් පරදින්නට විය. පිට පිට තරගාවලි පරදින්නට විය. ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල අඩියටම වැටුණේ ය. ක්‍රිකට් සෙල්ලම්කාරයන් වෙනස් කර දැම්මත් වෙනසක් නොවී ය. තරග පරාජය වන හැම විටම ලංකාවේ ක්‍රිකට් උම්මත්තකයින් ෆේස්බුක් එකේ කුණුහරුප කියමින් බැන වැදුණේ ය. පාලන අධිකාරියට දූෂණ චෝදනා කළේ ය. සියලු දෙනාගේ ආතල් කුඩු වී ගියේ ය. අද වන විට ලංකාවේ ක්‍රිකට් ගැන කිසිදු බලාපොරොත්තුවක් නැත. මේ කතාව සහ ලංකාව අතර ඇත්තේ පුදුමාකාර සමානකමකි.
 
ලංකාවත් කාලයක් කුලීන පවුල් සහ ප්‍රභූන් අතින් පාලනය විය. පසුව ලංකාව පාලනය කිරීමට ගමේ කොල්ලන්ට ද අවස්ථාව ලැබිණි. අනේක ගැටලු සහ අභියෝග මැද ඉබි ගමනින් පැමිණි ලංකාව 2009 වසරේ කොටි ත්‍රස්තවාදීන් පරදා නිදහස දිනා ගත්තේ ය. එයත් සමග ලංකාවේ ස්වර්ණමය යුගය උදා විය. ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත් විය. ඒක පුද්ගල ආදායම තුන්ගුණයකින් වැඩි විය. නගරයේ මෙන්ම ගමේ ලාංකිකයාත් පොහොසතුන් විය. ලංකාවේ වැසියන් කමින් බොමින් නටමින් ට්‍රිප් යමින් උපරිම විනෝදයෙන් ආතල් එකේ සිටියේ ය. නමුත් ඒ යුගය පැවතුණේ කෙටි කාලයකි.
 
sdfsf අද වන විට ලංකාවේ අනාගතය අවිනිශ්චිත ය. අරමුණක් නැත. දැක්මක් නැත.
 
ටික කාලයක් යත්ම ලංකාවේ සංවර්ධනය වැටුණේ ය. ආර්ථික වර්ධන වේගය බිංදුවටම වැටුණේ ය. ණය ශ්‍රේණිගත කිරීම්වල අඩියටම වැටුණේ ය. ආණ්ඩු වෙනස් කළත් වෙනසක් නොවී ය. අර්බුද මතු වන හැම විටම ලංකාවේ වැසියන් ෆේස්බුක් එකේ කුණුහරුප කියමින් බැන වැදුණේ ය. දේශපාලන නියෝජිතයන්ට දූෂණ චෝදනා කළේ ය. සියලු දෙනාගේ ආතල් කුඩු වී ගියේ ය. අද වන විට ලංකාවේ අනාගතය අවිනිශ්චිත ය. අරමුණක් නැත. දැක්මක් නැත. සියල්ල හිස් වී ඇත. 
 
කතා දෙක සමානයි නේද? එහෙත් ඇයි එහෙම වුණේ? 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනන විට හිටියේ දුක් කම්කටොළු අමාරුකම් දන්නා ක්‍රිකට් ක්‍රීඩකයන් ටිකකි. පසුව සියලු දෙනාට ඒ අමාරුකම් අමතක වී ගියේ ය. දැන් ක්‍රිකට් ගහන උන්ට එහෙම අමාරුකම් තිබී නැත. සැබෑ අමාරුකම් දැනී නැත. ලංකාවේ වැසියන් ද එසේය. 2009 වසරේ නිදහස දිනාගත්තේ ඒ මහා අමාරුකම් දුක් කම්කටොළු දන්නා මිනිසුන් විසිනි. පසුව සියලු දෙනාටම ඒ අමාරුකම් අමතක වී ගියේ ය. දැන් ඉන්නේ 2000 න් පසුව ඉපදුණු සැපට හැදුණු විනයක් හික්මීමක් නැති ආගම ධර්මයක් නැති බක පණ්ඩිත දුර්වල ළපටියන් ටිකකි. ඔවුන්ට ජීවිතයේ සැබෑ අභියෝගවලට මුහුණ දී ජයගැනීමට නොහැකි ය.
 
117720175srilanka1996එමෙන්ම 1996 යුගයේ ක්‍රිකට් සෙල්ලම් කළේ රට වෙනුවෙනි. ඒ ක්‍රීඩකයන්ට රට ගැන ආදරයක් තිබිණි.
 
එමෙන්ම 1996 යුගයේ ක්‍රිකට් සෙල්ලම් කළේ රට වෙනුවෙනි. ඒ ක්‍රීඩකයන්ට රට ගැන ආදරයක් තිබිණි. තමන්ගේ රට ඉහළට ඔසවා තැබීමට ඔවුන්ට දැඩි ආසාවක් තිබිණි. නමුත් දැන් සෙල්ලම්කාරයන්ට එහෙම හැඟීමක් නැත. ඔවුන් සෙල්ලම් කරන්නේ තමන් වෙනුවෙනි. ඔවුන්ට විනයක් නැත. නයිට් ක්ලබ් ගානේ රස්තියාදු වෙමින් ගණිකාවන් සමග රමණයේ යෙදෙමින් ඔවුන් සොයන්නේ පුද්ගලික ආත්ම ජොලියකි. 1996 යුගයේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරගාවලියකට පිටත් වීමට පෙර ත්‍රිවිධ රත්නයට නමස්කාර කර ආශීර්වාදය ලබා ගනී. දැන් ඉන්න උන්ට එවැනි ශ්‍රද්ධාවක් නැත.
 
ලංකාවට වුණෙත් එයම ය. 2009 පසු පොහොසත් වුණු ලාංකිකයන්ට රට අමතක විය. ජාතිය අමතක විය. ආගම අමතක විය. වල් වනචර විය. සල්ලි ලොකු විය. දිනා ගත් නිදහසේ වටිනාකම අමතක විය. ඒ වෙනුවට කුඩු ගහන අමන සමාජයක් නිර්මාණය විය. විකෘති ලිංගික කාමාසාවන් සොයන අශිෂ්ට සමාජයක් නිර්මාණය විය. පාසල් දරුවාගේ පටන් විනයක් නැති විය. බෞද්ධ සිංහල සංස්කෘතියට ගරහන නූගත් අශිෂ්ටයන්ගෙන් පිරි කාලකන්නි ලංකාවක් නිර්මාණය විය. 1996 ලෝක කුසලානය දවසේ ලංකාවේ වැසියන් පිටිය මැද ක්‍රීඩකයන්ට හිතෙන් සුබ පැතුවේ ය. අද ඉන්නේ තරගය අතරතුර ක්‍රීඩකයන්ට කුණුහරුපෙන් බනින නූගත් අවලම් ගොඩේ යූටියුබ්කාරයන් සහ ෆේස්බුක් පේජ්කාරයන්  ය. එදා යුද්ධය අතර තුර රටේ වැසියන් රට වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධියට බාර විය. අද ලංකාවේ එවැනි වැසියන් නැත. ධර්මය ඔබට මග වේවා!
 
 
රනිල්ට ඉඩදෙමු - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
 
2024 ජූනි 11
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...