The Leader News
BREAKING
Top Ad
Opinion

කියමු බලන්න මේවට විසඳුම් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

June 14, 2024 • 6:40 AM

කියමු බලන්න මේවට විසඳුම් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වාර්තාවට අනුව අවුරුදු 05 ට ආසන්න කාලයක සිට, 2020 සිට, ඉහළ යන නොවිසඳෙන නඩු සංඛ්‍යාව විසඳීමට උසාවි සංඛ්‍යාව වැඩි කිරීම සඳහා විනිසුරුවරුන් 30 ක් අලුතින් බඳවා ගෙන ඇති අතර, කොළඹ, මහනුවර සහ මාතර පහළ උසාවි සංඛ්‍යාවද වැඩිකර ඇත.
  • එයටම ගැටගැසෙන අනෙක් වාර්තාව ඇත්තේ බන්ධනාගාරවල ඇති ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන රැඳවියන් සංඛ්‍යාවක් සිටීමේ ගැටළුව සම්බන්ධයෙනි.
  • “දැරිය නොහැකි බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාවක් කලමනාකරණය කිරීමේ කාර්ය සාධන විගණනය - 2022” නමින් වන වාර්තාවට අනුව, රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මෙන් සියයට 232 ක් රැඳවියන් බන්ධනාගාරවල ඇත.
  • එම වාර්තාවටම අනුව 2020 දී රැඳවියන් 11,762 ක් සඳහා තිබුණු ඉඩ ප්‍රමාණය 13,241 ට ප්‍රමාණවත් වන සේ වැඩිකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර දහයකින් පහළොවකින් හෝ 2023 දෙසැම්බරයේ ඩොලර බිලියන 54.8 ක් වූ විදේශ ණය ගෙවා දැමීමට කිසිදු විසඳුම් යෝජනා මාලාවක් ඉදිරිපත් නොකරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ තෙවන ණය ආධාර වාරිකය සඳහා ඩොලර මිලියන 336 ක් නිදහස් කිරීමට ඉකුත් ජුනි 12 වන දින අනුමැතිය දීම ත් මහා විජයග්‍රහණයක් යැයි සැළකෙන රටේ, අධිකරණ අමාත්‍යාංශයේ “2023 - කාර්ය සාධන වාර්තාවට” අනුව, එම වසරේ දෙසැම්බර 31 වන විට උසාවිවල කල් දැමෙමින් පවතින අවසන් නොකෙරුණු නඩු සංඛ්‍යාව මිලියන 01.1 කි. එම වාර්තාවට අනුව අවුරුදු 05 ට ආසන්න කාලයක සිට, 2020 සිට, ඉහළ යන නොවිසඳෙන නඩු සංඛ්‍යාව විසඳීමට උසාවි සංඛ්‍යාව වැඩි කිරීම සඳහා විනිසුරුවරුන් 30 ක් අලුතින් බඳවා ගෙන ඇති අතර, කොළඹ, මහනුවර සහ මාතර පහළ උසාවි සංඛ්‍යාවද වැඩිකර ඇත.

 

සිරකරුවන් වැඩිවෙලා : බන්ධනාගාරෙ ඉඩත් නැතිවෙලා !එයටම ගැටගැසෙන අනෙක් වාර්තාව ඇත්තේ බන්ධනාගාරවල ඇති ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන රැඳවියන් සංඛ්‍යාවක් සිටීමේ ගැටළුව සම්බන්ධයෙනි.

එයටම ගැටගැසෙන අනෙක් වාර්තාව ඇත්තේ බන්ධනාගාරවල ඇති ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන රැඳවියන් සංඛ්‍යාවක් සිටීමේ ගැටළුව සම්බන්ධයෙනි. “දැරිය නොහැකි බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාවක් කලමනාකරණය කිරීමේ කාර්ය සාධන විගණනය - 2022” නමින් වන වාර්තාවට අනුව, රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මෙන් සියයට 232 ක් රැඳවියන් බන්ධනාගාරවල ඇත. එම වාර්තාවටම අනුව 2020 දී රැඳවියන් 11,762 ක් සඳහා තිබුණු ඉඩ ප්‍රමාණය 13,241 ට ප්‍රමාණවත් වන සේ වැඩිකර ඇත. එහෙත් රැඳවියන්ගේ වාර්ෂික වැඩි වීම ඊට වඩා සීඝ්‍රයෙන් වැඩි වූවකි.  

යුක්තිය' මෙහෙයුමට පොලිස් කොමිසමෙන් උපදෙස්“යුක්තිය”

 

පෙර වසර හා සැසඳීමේදී දළ වශයෙන් සියයට 15 කින් රැඳවියන් සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වන්නේය. 2022 වසර අවසානයෙහි බන්ධනාගාරගතව සිටි රැඳවියන් සංඛ්‍යාව 26,176 ක් විය. ඒ අනුව 2023 අවසානයේ රැඳවියන් 30,100 ක් පමණ සිටිය යුතු විය. පසුගිය මාසවල “යුක්තිය” නමින් මත් උවදුර මැඩළීමට යැයි ඉමක් කොණක් නැති අත් අඩංගුවට ගැනීම් සමග 30,000 ක පමණ පිරිසක් රඳවා ඇතැයි වාර්තා වූවත් ඒ සංඛ්‍යාව මේ රැඳවියන් සංඛ්‍යාවට එකතු කර නැත.

මේ වාර්තා දෙකෙහි ඇති පොදු ලක්ෂණය නම්, වාර්ෂිකව සියල්ල වැඩි වීම ය. ඒ වැඩිවීම් සාමාන්‍ය සාමාජයකට දැරිය නොහැකි වැඩි වීම් ය.

 

prison8මේ වාර්තා දෙකෙහි ඇති පොදු ලක්ෂණය නම්, වාර්ෂිකව සියල්ල වැඩි වීම ය. ඒ වැඩිවීම් සාමාන්‍ය සාමාජයකට දැරිය නොහැකි වැඩි වීම් ය.

කිසි දිනෙක සිදුවිය නොහැකි නමුත් උසාවි වල කල් දැමෙන මෙතෙක් නොවිසඳුණු මිලියන 01 ට වැඩි නඩු මේ අවුරුද්දේ ඉතිරි සය මසක කාලයේ අවසන් කෙරෙන්නේ යැයි විහිළුවට මෙන් උපකල්පනය කළහොත් ඒ නඩු මිලියනයෙන් අඩක පමණ සැකකරුවන්, විත්තිකරුවන් වරදකරුවන් වී මේ බන්ධනාගාර වලට යැවු විට, ඒවාට තව ලක්ෂ 05 ක් රැඳවියන් අලුතින් එකතු වනු ඇත. එසේ වුවහොත් උත්තරය කුමක් විය හැකිද? සියල්ලන්ට අත්හිටවූ සිර දඩුවම් දිය හැක. එසේ වුවහොත් දැනට රඳවා ඉන්නා අයටද ඒ අවස්ථාව දීමට උසාවි වලට අලුතින් පෙත්සම්, මෝසම් ඉදිරිපත් වීමට ඉඩ ඇත. තවකක් විය හැක්කේ අලුතින් ලක්ෂ 05 ක් රඳවා තබන්නට මාලදිවයිනෙන් ඔවුන්ගේ ජනාවාස නොවුනු දිවයිනක් බදු ගත හැකිදැයි සොයා බැලීමය.

image 6332bfba59රෝගීන් වැඩිවන විට රෝහල්වල ඇඳන් සහ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීම එකම විසඳුම යැයි සිතන දේශපාලනඥයින් ශාස්ත්‍රඥයින් ඉන්නා රටක, අපරාධ සඳහා විසඳුම් යෝජනා වන්නේ තව තව උසාවි වැඩි කිරීමට හා බන්ධනාගාර වැඩි කිරීමට වීම අරුමයක් නම් නොවේ.

 

එවැනි විකාර රූපි චිත්‍ර අඳින්නට සිතෙන්නේ මේ රටේ කිසිදු දේශපාලන නායකත්වයකට, කිසිදු ශාස්ත්‍රාලීය හවුලකට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට පිළිගත හැකි, වැඩිවන අපරාධ අඩු කරලීමේ ප්‍රායෝගික සමාජීය විසඳුම් ගැන කිසිදු නිනව්වක් නොමැති හෙයිනි. රෝගීන් වැඩිවන විට රෝහල්වල ඇඳන් සහ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීම එකම විසඳුම යැයි සිතන දේශපාලනඥයින් ශාස්ත්‍රඥයින් ඉන්නා රටක, අපරාධ සඳහා විසඳුම් යෝජනා වන්නේ තව තව උසාවි වැඩි කිරීමට හා බන්ධනාගාර වැඩි කිරීමට වීම අරුමයක් නම් නොවේ. ඉදිරි අයවැයක ඒ වෙනුවෙන් “සමාජ සෝදන” බද්දක් පැනවුවහොත් එයද අරුමයක් නොවිය යුතුය.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 ජුනි 14

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 මැයි 22

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කියමු බලන්න මේවට විසඳුම් - (කුසල් පෙරේරා) | The Leader