The Leader News
BREAKING
Top Ad
Opinion

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළදපොල ආර්ථිකයක් - (මහාචාර්ය චරිත හේරත්)

T

The Leader Desk

June 14, 2024 • 11:33 AM

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළදපොල ආර්ථිකයක් - (මහාචාර්ය චරිත හේරත්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුව රටේ ක්‍රියාකාරීත්වය ඒ සඳහා ගොනු වෙන්නට නියමිතව ඇත.
  • ඒ කියන්නේ මෙතැන් සිට දළ වශයෙන් සති 04 කින් පසුව රට මැතිවරණ ක්‍රියාදාමයකට යටත් වෙනු ඇත.
  • IMF සංවිධානය සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව එහි දෙවැනි වාරිකය ලබා දීමට අනුමැතිය ලැබුණු බවද දැනට දැනුම් දී ඇත.
  • බොහෝ අයට මතක ඇති පරිදි 17 වැනි වතාවට IMF සංවිධානය සමග ඇතිකර ගෙන තිබෙන එකඟතාව අනුව ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් කොටස් 04 කින් මාස 48 ක කාලයක් තුළ ලබාදීමට එම සංවිධානය එකඟ වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුව රටේ ක්‍රියාකාරීත්වය ඒ සඳහා ගොනු වෙන්නට නියමිතව ඇත. ඒ කියන්නේ මෙතැන් සිට දළ වශයෙන් සති 04 කින් පසුව රට මැතිවරණ ක්‍රියාදාමයකට යටත් වෙනු ඇත.

IMF සංවිධානය සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව එහි දෙවැනි වාරිකය ලබා දීමට අනුමැතිය ලැබුණු බවද දැනට දැනුම් දී ඇත. බොහෝ අයට මතක ඇති පරිදි 17 වැනි වතාවට IMF සංවිධානය සමග ඇතිකර ගෙන තිබෙන එකඟතාව අනුව ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් කොටස් 04 කින් මාස 48 ක කාලයක් තුළ ලබාදීමට එම සංවිධානය එකඟ වී ඇත. මේ වාරිකය ලැබීමෙන් උද්දාමයට පත් වූ සමහරුන් උත්සවාකාරයෙන් කතා කරනු ද දකින්නට ලැබිණ.

 

17 වැනි වතාවට IMF සංවිධානය සමග ඇතිකර ගෙන තිබෙන එකඟතාව අනුව ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් කොටස් 04 කින් මාස 48 ක කාලයක් තුළ ලබාදීමට එම සංවිධානය එකඟ වී ඇත.

IMF ගිවිසුම සම්බන්ධයෙන් මවිසින් මීට අවස්ථා කීපයකදීම මගේ ස්ථාවරය ප්‍රකාශ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ රජය IMF එක සමග ගිවිසුම් ගත වූයේ නැති බව කවුරුත් දන්නා කරුණකි. ඔවුන් IMF සම්බන්ධතාව ප්‍රතික්ෂේප කළේ ආර්ථික වැඩසටහනක් නැතිවය. රනිල් වික්‍රමසිංහ රජය IMF සමග සම්බන්ධ වූ බවත් කවුරුත් දන්නා කරුණකි. ඔවුන් IMF සම්බන්ධතාවට ගියේත් ආර්ථික වැඩසටහනක් නැතිවය. කෙටියෙන් කිවහොත් මගේ අදහස වන්නේ ආර්ථික වැඩසටහනක් නොමැතිව ගෝඨාභය IMF ප්‍රතික්ෂේප කිරීමත්, ආර්ථික වැඩසටහනක් නොමැතිව රනිල් IMF සමග සම්බන්ධ වීමත් යන දෙකම වැරැදී බවය.

ජනාධිපතිවරණය අභිමුවේ ඇති නිසා රටේ මීළඟ පාලකයන් ආර්ථිකය දෙස බැලිය යුත්තේ කෙසේ ද යන කාරණය ඉතාමත් තීරණාත්මක වැදගත්කමක් ඇති දෙයකි.

මා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ IMF එකඟතාව ගැන නොවේ. මා සාකච්ඡා කරන්නේ තරමක න්‍යායික ගැටලුවක් පිළිබඳව යැයි කීම වඩාත් නිවැරැදිය. ජනාධිපතිවරණය අභිමුවේ ඇති නිසා රටේ මීළඟ පාලකයන් ආර්ථිකය දෙස බැලිය යුත්තේ කෙසේ ද යන කාරණය ඉතාමත් තීරණාත්මක වැදගත්කමක් ඇති දෙයකි. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවට ආර්ථිකය වී ඇති තත්වයක මේ කාරණය ඉතාමත් තීරණාත්මක යැයි කීම නිවැරදිය.

ඒ අනුව මගේ පුස්තුත ප්‍රශ්නය වන්නේ රට මෙහෙයවිය යුතු ආර්ථික දැක්මේ න්‍යායික පදනම කුමක් විය යුතු ද? යන කාරණයයි.

 
විවෘත ද? සංවෘත ද?
 
k354o4kohrn811977 පසු ආණ්ඩු විදේශ ණය පසුපස ගියේ මේ ගෙවුම් ශේෂ අර්බුදය නිසාය.

ආර්ථික ක්ෂේත්‍රයේ තිබෙන එක් වැදගත් ප්‍රශ්නයක් වන්නේ රටක ආර්ථිකය මෙහෙයවීමේ දී එම රටේ රාජ්‍යය සහ වෙළෙඳපොළ අතර තිබෙන සම්බන්ධය කුමන ආකාරයක එකක් ද යන කාරණයයි. අපේ රටේ ඉතිහාසය පිළිබඳව විමසීමේ දී මේ කාරණය ගැන විවිධ ස්ථාවර ඒ ඒ ආණ්ඩු විසින් පිළිගෙන තිබූ බව පෙනී යනු ඇත. ඒවා අතරින් 1970 – 77 රජයේ ආර්ථික ක්‍රියාකලාපය හඳුන්වන්නේ බරපතළ මධ්‍යගත/සංවෘත ආර්ථිකයක් වශයෙනි. ඒ ආර්ථිකය තුළ එක් පැත්තකින් බරපතළ නියාමනයක් හඳුන්වා දී තිබූ අතර අනෙක් අතින් රාජ්‍ය ව්‍යාපාර විශාල ගණනක් බිහිකර තිබුණි. කොටින්ම කිවහොත් ‘ගෝනි හදන්නටත් රාජ්‍ය සංස්ථාවක්’ බිහිකළේය. මේ ආකෘතිය තුළ ආනයනය කෘත්‍රිම ආකාරයෙන් පාලනය කරන්නට යාම නිසා විශාල පෝලිම් නිර්මාණය විය.

1977 රජය උත්සාහ කළේ මේ සංවෘත ආර්ථිකය විවෘත කරන්නටය. ආනයනය සම්බන්ධ බරපතළ ලිහිල් කරණයක් හඳුන්වා දෙන්නටය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික කරන්නටය. එපමණක් ද නොවේ. වෙළෙඳපොළ බරපතළ ලෙසින් විවෘත කිරීම නිසා රටේ විදේශ මූල්‍ය ශක්තිය සම්පූර්ණයෙන්ම දිය වී යන පරිදි ආනයනය කරන්නටය. 1976 වර්ෂයේ රටේ ගෙවුම් ශේෂය හෙවත් විදේශ මූල්‍ය ලැබීම සහ වැයවීම අතර තිබුණේ ධන අගයක් වුවත් 1977 සිට මේ දක්වාම එම අගය බරපතළ සෘණ අගයක් බවට හරවන්නට ඒ විවෘත වෙළඳ ප්‍රතිපත්තිය හේතු වූ බව ඉතාමත් ශක්තිමත් සත්‍යයකි.
 
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනතුරු  ඇඟවීමක්රට බංකොලොත් වූවා යැයි කියන්නේ 2022 සිට වාර්ෂිකව ගෙවන්නට තිබෙන ණය වාරික ගෙවන්නට නොහැකි තැනකට රට වැටීමය
 
1977 පසු ආණ්ඩු විදේශ ණය පසුපස ගියේ මේ ගෙවුම් ශේෂ අර්බුදය නිසාය. 2008 වන විට සාම්ප්‍රදායක ණය ගන්නා ක්‍රම සියල්ලම පාවිච්චි කර තිබූ අතර ISB හෙවත් ස්වෛරී බැඳුම්කර නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ගිනි පොලියට ණය ගන්නටත් ඒ අනුව සිදුවිය. මේ පාරෙන් ගොස් 2023 වර්ෂය වන විට නොගෙවා ඇති විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 37.3 ක් වී ඇත. රට බංකොලොත් වූවා යැයි කියන්නේ 2022 සිට වාර්ෂිකව ගෙවන්නට තිබෙන ණය වාරික ගෙවන්නට නොහැකි තැනකට රට වැටීමය.
බැංකු හිඟ ණය අර්බුදය: ආර්ථිකය දිගු අවපාතයකට තල්ලු කරලා - (පි සමරසිරි)රටේ ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමේ නිර්මාණාත්මක තත්වයක් නොමැති නිසා ඒ ඒ ආණ්ඩු කළේ අභ්‍යන්තර ණය ගැනීමය
 
දේශීය ණය තත්වයද මේ වගේම බරපතළ තත්වයකට පත්වූ බව බොහෝ අය දන්නා කාරණයකි. රටේ ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමේ නිර්මාණාත්මක තත්වයක් නොමැති නිසා ඒ ඒ ආණ්ඩු කළේ අභ්‍යන්තර ණය ගැනීමය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරමින් ආර්ථිකයේ ප්‍රසාරණයක් හෝ වර්ධනයක් නොමැති මුදල් වෙළෙඳපොළට නිකුත් කිරීමය. මේ නිසා සිදුවූ හානිය කාටත් හොඳටම පැහැදිලිය.

මීළඟ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට මුහුණ දීමට තිබෙන ප්‍රධාන අභියෝග අතරින් කීපයක් වන්නේ පහත සඳහන් ඒවාය.


1. විවෘත ආර්ථික මොඩලය හරහා රට පැමිණ ඇත්තේ අවිධිමත් ආනයන පිරී ගිය හා නියාමනය මග හැරී ඇති වෙළෙඳපොළ ක්‍රමයක් තුළට බැවින් එය කළමනාකරණය කරන්නේ කෙසේද?

2. ඉහත තත්වය හේතුවෙන් සිඳී යමින් තිබෙන විදේශ මූල්‍ය තත්වය වර්ධනය කර ගැනීමට සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කවරේද?

 3. මෙම තත්වය කළමනාකරණය නොකරන්නේ නම් 2025 වසරේ සිට වාර්ෂික විදේශ මූල්‍ය ගලා ඒම දැනට ඇති ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 25 දක්වා වර්ධනය කරන්නේ කෙසේද? (මේ ඩොලර් බිලියන 25 යනු වෙළෙඳ ශේෂය පියවීමට අවශ්‍ය හිඟ ඩොලර් බිලියන 8 සහ ණය ගෙවීමට අවශ්‍ය ඩොලර් බිලියන 05 එක් වූ විට හැදෙන එකතුවයි.)

4. ආණ්ඩුවේ ආදායම වැඩි කරන්නේ කෙසේද? සහ ආදායම් සමාජයේ බෙදීයාමේ පැත්තෙන් වෙළෙඳපොළේ සිදුකළ යුතු නව ප්‍රතිසංස්කරණ කවරේද?

5. මෙම තත්වය තුළ ආර්ථික වර්ධනය හා බෙදීයාම යන දිසාවට සිතන විට රාජ්‍යයේ වපසරිය කුමක්ද? සහ පෞද්ගලික ව්‍යවසායකත්වයේ හෙවත් වෙළෙඳපොළේ වපසරිය කුමක්ද? යනාදී අභියෝග මෙහි දී ප්‍රධාන වෙයි.



සමාජ ප්‍රජාතන්ත්‍රවදය ද? සමාජ වෙළෙඳපොළ ද?
 
ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්මෙහිදී පෙනී යන එක් ආර්ථික ස්ථාවරයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු අය ඉදිරිපත් කරන නව ලිබරල් වෙළඳපොළ කේන්ද්‍රිය ක්‍රමයයි.
මීළඟ ජනාධිපතිවරණයේ ආර්ථික කලාපය මෙහෙය විය යුතු ප්‍රධාන න්‍යාය විය යුත්තේ කුමක්ද? යන්න මීළඟට මතුකර ගත යුතු ප්‍රධාන ගැටලුවයි.

මෙහිදී පෙනී යන එක් ආර්ථික ස්ථාවරයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු අය ඉදිරිපත් කරන නව ලිබරල් වෙළඳපොළ කේන්ද්‍රිය ක්‍රමයයි. එයට එදා ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී කීවේ එම ක්‍රමය ‘සමාජ වෙළෙඳපොළ ක්‍රමය බවයි. ඔහුගේ එම ස්ථාවරය තුළ මා මුලින් සඳහන් කළ විවෘත ආර්ථිකය යැයි හඳුන්වා දුන් ක්‍රමය සහ රටේ ආර්ථිකය කඩා වැටුණු ක්‍රමයේ සියලු ව්‍යධීන් පවතින බව මගේ අදහසයි. එම ක්‍රමය ගමන් කරනුයේ තව තවත් අපනයනය දුර්වල කරන ආනයනය විවෘත වන වෙළෙඳ ප්‍රතිපත්තියකටය. එසේම ආයෝජනය නොමැති වීම නිසා ගෙඩි පිටින් රටේ සම්පත් හා ඉඩම් විදේශික කොම්පැනිවලට ලබා දීමේ මීළඟ අවධිය කරා යනු ඇත. ඊටත් අමතරව රාජ්‍යයේ වපසරිය අඩු කරන්නට යැයි කියමින් රාජ්‍ය සම්පත් විකුණා දැමීම එහි ඊළඟ ක්‍රියාදාමයයි.

IMF එකේ ‘චෙක් ලිස්ට් එක’ වන්නේ මෙම ක්‍රමය දිගටම ක්‍රියාත්මක කිරීම වන හෙයින් ඒ න්‍යාය පත්‍රය වෙනසකින් තොරව කරන්නට වත්මන් රජය උත්සාහ ගන්නා බව පැහැදිලිය.

මේ තත්වය තුළ නව විකල්ප ආර්ථික න්‍යාය මත රටේ ආර්ථිකය මෙහෙයවන්නට සිදුවීම අනිවාර්ය වී ඇති බව මගේ අදහසයි. එම නව මාවත පදනම් විය යුත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රිය ආර්ථික මොඩලයක් මත බව මගේ යෝජනාවයි.

විපක්ෂය කොයිබට ද?
 
විපක්ෂ මන්ත්‍රීන් හයක් ආණ්ඩුවට !මේ තත්වය තුළ ප්‍රධාන විපක්ෂයේ ධාරාවන් පදනම් විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ, මොඩලය කුමක්දැයි තේරුම් කරගැනීම ඉතාමත් අවශ්‍යය.
 
මේ තත්වය තුළ ප්‍රධාන විපක්ෂයේ ධාරාවන් පදනම් විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ, මොඩලය කුමක්දැයි තේරුම් කරගැනීම ඉතාමත් අවශ්‍යය.

ජාතික ජන බලවේගයේ ආර්ථික ක්‍රියාදමය කේන්ද්‍රගත වන්නේ කුමන ස්ථාවරයක ද යන්න තවමත් ඒ අය කියා නැත. එය නොකියා මේ ජනාධිපතිවරණය ජය ගැනීමේ ඉඩක් ද නැත. ඒ නිසා ඒ අය මේ අභියෝගය ජයගන්නා ක්‍රමය රටට කිව යුතුව ඇත.
 
සමගි ජන බලවේගය ස්වකීය ආර්ථික මෙහෙයවීමේ දිසානතියක් Blue print නමින් මේ වන විට ඉදිරිපත් කර ඇත. එය එම පක්ෂයේ අවසාන මැතිවරණ ප්‍රකාශයදැයි මා දන්නේ නැත. එය තවදුරටත් සාකච්ඡා කළ යුතු පදනම් පත්‍රිකාවක් නම් ඒ සාකච්ඡාව ධනාත්මකව කිරීමට හැකියාවක් ඇත. එම පත්‍රිකාවේ තිබෙන සමහර අදහස් නියෝජනය කරන්නේ ජර්මනියේ ඉදිරිපත් වූ නව වෙළෙඳපොළ ආකෘතිය සහ සමාජ ආරක්ෂණ ආකෘතිය කැටිකර ගත් අදහසක් යැයි කීමේ වැරැද්දක් නැත. එම ආකෘතිය තුළ තිබෙන සමහර නිර්-නියාමනකරණ අපේ රටට ගැළපෙන්නේද යන්න යළි විමර්ශනය කළ යුතු බව යෝජනා කළ හැකිය.

එසේම පැරණි එ.ජා.ප. ආර්ථික ප්‍රතිපත්තිය ලෙසින් වික්‍රමසිංහ මහතා යෝජනා කරන ‘රාජ්‍ය දියකර හැරීමේ’ පැත්තෙන් එන ප්‍රතිසංස්කරණ විපක්ෂයේ න්‍යාය පත්‍රවලින් ඉදිරිපත් විය යුතු නැත.
 
මේ සංවාදය තවදුරටත් වර්ධනය කළ යුතු බව මගේ යෝජනාවයි. විශේෂයෙන්ම ‘රාජ්‍යයේ නියාමන හා මැදිහත්වීමේ ඉඩ’ ආරක්ෂා කරන, සහ වෙළෙඳපොළ යාන්ත්‍රණය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් බවට මීළඟ රජයේ ආර්ථික වැඩසටහන පත්විය යුතුය.
 
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළඳපොළ ආර්ථිකයක් ( Social Demoractic Market Economy) ලෙසින් එය නම් කිරීමේ වැරැද්දක් නැත. මේ සංවාදය ඉදිරි මාසය තුළ ගොඩ නගන ලෙස ඉල්ලීම මගේ කිවිදා දැක්මය.

Charitha Herath(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
charith9@yahoo.com

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2024 ලංකාදීප 14 ජූනි )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...