The Leader News
BREAKING
Top Ad
Opinion

ලැජ්ජ නැතිකම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

June 15, 2024 • 5:46 AM

ලැජ්ජ නැතිකම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරන්නේ මහා ලොකු වීරකමක් කළා වගේ.
  • එයින් පෙන්වන්නේ තමන්ගේ ඇති නොහැකියාව මිසක් හැකියාව නොවෙයි.
  • අඩුම ගානේ ඒ ගැන තමන්ට තියෙන්න ඕනා සංවේදී බවක්.
  • එදා හම්බන්තොට විකුණන කොට මහා ලොකු ජාතික වීරයන් වගේ පෙළපාලි ගිය උන් අද හැසිරෙන හැටි දැක්කම පිළිකුලයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරන්නේ මහා ලොකු වීරකමක් කළා වගේ. ලැජ්ජ වෙන්න ඕනා මහත්තයො. රටේ සම්පත් රකින්න පොරොන්දු වුණ ගෝඨාභයගෙන් ඇමතිකම් අරගෙන දැන් රනිල්ගේ විකුණන් කෑමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන උන්දැලා මහා ලොකුවට ටයි පොල්ලකුයි කෝට් බෑයකුයි දාගෙන හෙන වීරයෝ වගේ කතා කරන්නේ රටේ බලශක්ති නිෂ්පාදනය සහ බෙදාහැරීම රජයෙන් පිටට පවරලා. එයින් පෙන්වන්නේ තමන්ගේ ඇති නොහැකියාව මිසක් හැකියාව නොවෙයි.

 

CEBරටේ බලශක්ති නිෂ්පාදනය සහ බෙදාහැරීම රජයෙන් පිටට පවරලා

සැබෑ වීරකම තමයි රජයේ ආයතන රජයේ අයිතිය සහ පාලනය යටතේම සාර්ථක කිරීම. ඒක තමයි දක්ෂකම. ඒක තමයි අභියෝගය. ඒ අභියෝගයට මුහුණ දෙන්න බැරුව ආයතනය විකුණා දැමීම ඕන මෝඩසේකරයෙක්ට කරන්න පුළුවන්නේ! ඒකට කිසිම බුද්ධියක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒක ආඩම්බර වෙන්න හේතුවක් නොවෙයි. අඩුම ගානේ ඒ ගැන තමන්ට තියෙන්න ඕනා සංවේදී බවක්. තමන්ට දැනෙන්න ඕනා තමන් මේ කයිවාරු ගහන්නේ තමන්ගේ මව්බිමේ සම්පතක් විකුණලා කියලා. ඒක හරියට තමන්ගේ අම්මව විකුණලා කයිවාරු ගහනවා වගේ අවජාතක වැඩක් කියලා තමන්ගේ පපු කැවුත්තට දැනෙන්න ඕනා.


රටේ සම්පත් විකුණලා හෙන පොරවල් වගේ හිනා වෙවී කයිවාරු ගහන්නේ දේශද්‍රෝහීන් මිසක් මේ රටට සැබැවින්ම ආදරය කරන මිනිසුන් නොවෙයි. මොවුන් මේ සෙල්ලම් කරන්නේ අපේ මුතුන් මිත්තන් දිවි පුදා රැක ගත්තා වූද අපේ ජාතික වීරයන් බොහෝ වෙහෙස මහන්සි වී දිනා ගත්තා වූද රාජ්‍ය සම්පත් සමග. එහෙම දිනා ගත් සම්පත් පිටරට කොම්පැණිකාරයන්ට විකිණීම හරිද? ඒවායේ අයිතිය තියෙන්නේ මේ රටේ අනාගත පරම්පරාවට. මොවුන් විකුණන්නේ ඒ අනාගත පරම්පරාවේ අයිතිය. මුන්ගේ සොහොන්වලටත් හෙන නොගහා තිබ්බොත් තමයි පුදුමේ…

 

unnamed 4හම්බන්තොට විකුණන කොට මහා ලොකු ජාතික වීරයන් වගේ පෙළපාලි ගියා

තමන්ගේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතන සාර්ථක කරගන්න බැරි නම් එක්කෝ කරන්න පුළුවන් මිනිහෙකුට දීලා පඬි කතා නොකියා යන්න ඕනා. එහෙම නැත්නම් ඔය කරන ජාතික අපරාධයට ජාතියෙන් සමාව ගන්න ඕනා. එදා හම්බන්තොට විකුණන කොට මහා ලොකු ජාතික වීරයන් වගේ පෙළපාලි ගිය උන් අද හැසිරෙන හැටි දැක්කම පිළිකුලයි. අඩුම තරමින් ඒ ගැන වේදනාවකින් හරි කතා කළා නම් කමක් නැහැ. නමුත් මේ ආණ්ඩුවේ සේල්ස් රෙප් ඇමතිලා කතා කරන්නේ ඒ ගැන කිසිම සහකම්පනයක් නැතිව.

 

unnamed 3තෙල් පෝලිම්

මේ තමයි අරගලයේ අරමුණු. මොවුන් මුල ඉඳලම හිටියේ මේ සැලැස්මේ. ගෝඨාභය මොවුන්ට අහු වුණා. මේකට තමයි තෙල් පෝලිම් ඇති කළේ. මේකට තමයි භීෂණය ඇති කළේ. දැන් ඒවා මතක් කර කර ජනතාව බය කර කර රජයේ සම්පත් ටික විකුණනවා. විකිණුවේ නැත්නම් නැවතත් පෝලිම් හැදෙයි කියලා ජනතාවට බිල්ලො මවනවා. මොනතරම් ලැජ්ජ නැති කමක්ද? මුන් රටක ඇමැතිවරුද… IMF එක ඉස්සරහා ලංකාව දණ ගැස්සුවා. දැන් IMF එක පිට දාලා පනත් සම්මත කරගෙනම රටේ සම්පත් ටික විකුණනවා. මේ සරල සත්‍යය මේ රටේ ජනතාවට තේරුම් ගන්න බැරිද?


ඊළඟ වරණය කුමක් වුවත් රනිල්ගේ ආණ්ඩුවට මේ ජාතික අපරාධයෙන් ගැලවෙන්න බැහැ. ඒ විපාකය ඵල දෙනවාමයි. “අනේ අපිට මේවා කරන්න බැහැ… ඒ නිසා විකුණනවා…” කියලා කියන නෝන්ජල් ඇමතිවරුන්ගෙන් ඇති ඵලය කුමක්ද? මීට වැඩිය හොඳයි වැඩ කරන්න පුළුවන් ඇමතිලා සෙට් එකකට කැබිනට් එක විකුණන එක. හැබැයි වැඩි කල් යන්න කලින් දවසක් එනවා ඔය විකුණන රාජ්‍ය සම්පත් නැවත බේරා ගනිව්! කියලා මේ රටේ ජනතාව නැගී සිටින. එදාට මා මේ කියන කතාවේ සත්‍යය වැටහේවී. ධර්මය ඔබට මග වේවා!


eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...