The Leader News
BREAKING
Top Ad
Opinion

හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)

T

The Leader Desk

June 15, 2024 • 8:56 AM

හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ පුවත මඟින් කියවුණේ, රාජ්‍ය ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇති බවක්.
  • මේ අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසත් විගණන කාර්යාලය නිර්දේශ කර ඇති බව වගේම බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බවද විගණන නිලධාරීන් සඳහන් කර තිබෙන බවත් ඒ පුවතේ සඳහන්ව තිබුණා.
  • නමුත් ඔබ රාජ්‍ය ආයතන වෙත ගිය අවස්ථා වලදී දැකලා ඇති වාහන කීයක් නඩත්තු නොකර හෝ භාවිතයට නොගෙන අත්හැර දමා තිබෙනවාද කියලා.
  • ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇතුලේ සිද්ධ වෙන්න ඕන" කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පුවත මඟින් කියවුණේ, රාජ්‍ය ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇති බවක්. පුවතේ මුලාශ්‍රය වෙලා තිබුණේ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක්. මේ  අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසත් විගණන කාර්යාලය නිර්දේශ කර ඇති බව වගේම  බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බවද විගණන නිලධාරීන් සඳහන් කර තිබෙන බවත් ඒ පුවතේ සඳහන්ව තිබුණා.

 

රාජ්‍ය ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇති බව

RKමේ පුවතට සමාජ මාධ්‍ය තුළ මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබුණා. සමහරු සුපුරුදු විදිහට වරද ආණ්ඩුවට සහ දේශපාලනඥයන්ගේ ගිණුමට බැරකර තිබුණා. තවත් පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණේ රාජ්‍ය නිලධාරීන්ගේ ගිණුමට වැරැද්ද බරවෙන ආකාරයට. අපි හැමදාමත් කළේ සිදුවීමකට පසුව වැරදිකරුවන් සෙවීම. කාවද දඬුකඳේ ගහන්නේ, කාවද කුරුසයේ ඇන ගහන්නේ කියා ආවේගය පිටකිරීම.

නමුත් ඔබ රාජ්‍ය ආයතන වෙත ගිය අවස්ථා වලදී දැකලා ඇති වාහන කීයක් නඩත්තු නොකර හෝ භාවිතයට නොගෙන අත්හැර දමා තිබෙනවාද කියලා. සෑම රාජ්‍ය ආයතන පරිශ්‍රයකම වගේ මේක සුලබ දසුනක්. ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් ඇයි ඒ විදිහට වාහන අත්හැර දා තියෙන්නේ ? ඇයි විකුණලා දාන්නේ නැත්තේ ? අබලි යකඩ වලටවත් විකුණන්න බැරි ඇයි ? කියලා, ඔබට ලැබෙන වැදගත් පොදු පිළිතුර තමයි, "ඕවා ආවට ගියාට විකුණන්න බෑ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇතුලේ සිද්ධ වෙන්න ඕන" කියලා.

B8CIWUfCUAAgwZI

ඔන්න වචනය එළියට ආවා. "ප්‍රසම්පාදනය" , ඒ කියන්නේ " රාජය අංශයන්හි ප්‍රධාන ආයෝජනයන්  සඳහා තුන්වන පාර්ශවීය විකුණුම්කරුවන් හෝ සැපයුම්කරුවන් යන බාහිර මුලාශ්‍ර මඟින් භාණ්ඩ, සේවා සහ වැඩ ලබා ගැනීමේ සහ මිලදී ගැනීයම් ක්‍රියාවලිය" විදිහට මේක අපිට නිර්වචනය කරගන්න පුළුවන්. ඉතිං ඔබ දැක ඇති රාජ්‍ය ආයතන වල රථගාල් තුළ වාහන දිරලා පස් වෙන ගාණට ගිහින් තිබුණත්, එහෙම්ම තිබෙන බවක්.



ඒ ඔය කියන ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් නැති නිසා. රාජ්‍ය අංශයට ලබාදී ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්න නිලධාරීන් බැඳිලා ඉන්න බව ඇත්ත. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වන බවත් ඇත්ත. ඇතැම්විට මේ කාලය වසර ගණනක් වෙන්න පුළුවන්.  මෙතැනදී සිද්ධවෙන දේ තමයි, ප්‍රසම්පාදන ක්‍රියාවලිය දීර්ඝ මෙන්ම සංකීර්ණවීම තුළ පොඩි රෙපයාර් එකක්  අවශ්‍ය වාහනය, ලොකු රෙපයාර් එකක් දෙන්න වෙන තැනට පිරිහීම. මහ රෙපයාර් එකක් අවශ්‍ය වාහනය කන්ඩම් වෙන තැනට පත්වීම, කන්ඩම් වාහනය පොළවට පස්වෙලා යෑම. වසර 76ක ඉතිහාසය තුළ වාහන කීයක් මේ ඉරණමට මුහුණදීලා ඇත්ද ? කවුරුත් ඒ ගැන හිතලා තියෙනවාද ?

62db2388aada4රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ගතවන දීර්ඝ කාලයේ මිලද ඒ ඖෂධයේ මිලට එකතු වෙනවා. රජය විසින් සිදුකරන මිලදීගැනීම් වලදී ඉහළ පිරිවැයක් මේ තුළ දරන්න සිදුවෙනවා.

 

වාහන උදාහරණයෙන් අපි යමු ඖෂධ උදාහරණයට. කිසියම් ඖෂධයක් ආනයනය කරන්න සිදුවෙනකොට ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී මිලගණන් ඉදිරිපත් කරන්නන් සිය මිල ඉදිරිපත් කරන්නේ, ඒ ඖෂධයේ වත්මන් මිල සම්බන්ධව සිදුකරන තක්සේරුවකින් පසුව නෙවෙයි. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ගතවන දීර්ඝ කාලයේ මිලද ඒ ඖෂධයේ මිලට එකතු වෙනවා. රජය විසින් සිදුකරන මිලදීගැනීම් වලදී ඉහළ පිරිවැයක් මේ තුළ දරන්න සිදුවෙනවා.



ඔබ නිකමට හිතන්න මිලදී ගැනීම සඳහා අපේක්ෂා කරන භාණ්ඩය සඳහා ප්‍රසම්පාදනය ආරම්භ වන මොහොතේ ඩොලරයේ වටිනාකම 200 ක් නම්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතිශය දීර්ඝ  කාලයක් ගතවෙනවා නම් ඩොලරයේ වටිනාකම ඒ අනුව 350 කට පමණ තක්සේරු කරන්න මිල ඉදිරිපත් කරන්නන් කටයුතු කරනවා. ඔන්න ඔය නිසා තමයි රාජ්‍ය අංශය කිසියම් විකිණීමක් සිදුකරන විට එය වෙළඳපොළ වටිනාකමට වඩා අඩු , එසේත් නැත්නම් අදහාගත නොහැකි ආකාරයේ පාඩුවටත්, මිලදී ගැනීමක් සිදුකරන විට, වෙළඳපොළ මිලට සාපේක්ෂව ඉහළ පිරිවැයක් දැරීමටත් සිද්ධ වෙන්නේ.

 

9946c2f0f790db24f42d2d1e6683476a XLරාජ්‍ය අංශය දින 185 ක් ගතකරන කාර්යයට පෞද්ගලික අංශය ගත කරන්නේ සති 2කට අඩු කාලයක්.

සාමාන්‍යයෙන් රාජ්‍ය අංශය මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීමට දින 185 ක් වැනි කාලයක් ගන්නවා. නමුත් පෞද්ගලික අංශය සැළකුවහොත්, ඒ තුළද මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔවුන්ද අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නවා වගේම, නඩත්තුව, භාවිතයෙන් ඉවත්කර විකුණාදැමීම සිදුකරනවා. නමුත් ඔවුන් එහිදී රාජ්‍ය අංශය ලබන පාඩුව ලබන්නේ නෑ.  ඒ ඔවුන් ගේ එම ක්‍රියාවලිය විධිමත් මෙන්ම කඩිනම්ව සිදුකරන නිසයි. රාජ්‍ය අංශය දින 185 ක් ගතකරන කාර්යයට පෞද්ගලික අංශය ගත කරන්නේ සති 2කට අඩු කාලයක්.



ඒ වගේම තමයි රජයේ ඇතැම් ප්‍රසම්පාදන වෙනුවෙන් ඉල්ලුම්කරුවන් අධිකරණ ක්‍රියාමාර්ග වලට පවා යොමුවෙනවා. එවැනි අවස්ථා වලදී 2024 නිකුත්කරන ටෙන්ඩරය නඩුකරය අවසන් වන තුරු සම්පූර්ණ කිරීමට ලැබෙන්නේ නෑ. ඒ නිසා මිලගණන් ඉදිරිපත් කරන්නන් තම මිල තක්සේරු කරන්නේ ඒ අවධානමද මේ මිලට එකතු කරමින්.

 

AdobeStock 217548038 min scaled 1කවදාවත් විගණන වාර්තා හෝ විගණන නිර්දේශ හරහා එළියට එන්නේ නෑ

 

මෙහිදී අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ සහ ජාතික අවාසනාව වන්නේ  රජය මේ ආකාරයට වැඩිපුර ගෙවන ප්‍රමාදයේ පිරිවැය කවදාවත් ගණනය නොවීමයි. ඔය ඊනියා දූෂණ විරෝධීන් වගේම, රජය සියල්ල කළ යුතුය යන ප්‍රතිපත්තියේ මාරාන්තික ආරක්ෂකයන් කවදාවත් මේ වාර්ෂිකව සිදුවන මහජන ධනය මහා පරිමාණයෙන් අපතේ යන ප්‍රමාදයේ පිරිවැය ගැන හිතලාවත් නැති බව ඔවුන්ගේ කියුම් කෙරුම් පරීක්ෂා කිරීමේදී තහවුරු වෙනවා. ඒ වගේම එය කවදාවත් විගණන වාර්තා හෝ විගණන නිර්දේශ හරහා එළියට එන්නේ නෑ. ඒ නිසා කවදාවත් එය මෙරට මාධ්‍ය වල ප්‍රවෘත්තියක් බවට පත්වන්නේත් නෑ.

අන්න ඒ නිසා මේ යල්පැන ගිය ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. නමුත් එවැනි යෝජනාවක් , අදහසක් ඉදිරිපත් කරන විටම එය උපන්ගෙයි වල දමන විවේචන එල්ල වෙනවා. චෝදනා සිදුකරනවා. ඒ නිසා දේශපාලනඥයන් බොහෝ විට ප්‍රතිපත්ති සම්පාදනයේ දී මේ වගේ තැලෙන පොඩිවෙන මාතෘකා මඟ හරිනවා.
Sri Lanka people jaffna

නමුත් වෘත්තියමය දේශපාලනඥයන් ලෙස අපේ වගකීම ජන ජීවිතය සුවපත් කිරීම. ඔවුන්ට සුවපහසු වර්තමානයක් වගේම සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම. ඒ නිසා මේ මළබැඳුණු ප්‍රතිපත්ති වෙනුවට විධිමත්, කඩිනම් ප්‍රතිපත්ති හඳුන්වාදීම ජාතික අවශ්‍යතාවයක්ව තිබෙනවා.


ඒ නිසා මම ගවේෂණශීලී, විචක්ෂණ ජනතාවට විශේෂයෙන්  තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටිනවා, ඔබ පහසු සාම්පලයක් තෝරාගෙන, ඒ ආශ්‍රිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුව ඇති ආකාරය සහ එහි වන ප්‍රමාදයේ පිරිවැය ගණනය කර බලන ලෙස. එවිට ඔබ නොසිතූ නොපැතූ ප්‍රතිපලයක් අත්දකිනු ඇතියි. ඔබ දකීවි අදහාගත නොහැකි තරම් මහජන බදු මුදල් බිලියන ගණනින් වාර්ෂිකව නාස්තිවී ගොස් තිබෙන ආකාරය. අහන පෙනෙන දේම සත්‍ය ලෙස දැකීම අපිව දුර්වල කරනවා.  


(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk

[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]

 

සබැඳි ලිපි:

ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...