The Leader News
BREAKING
Top Ad
Opinion

චරිත නොකියා කියන ඉන්ජින් බාස් කවුද ?

T

The Leader Desk

June 15, 2024 • 2:32 PM

චරිත නොකියා කියන ඉන්ජින් බාස් කවුද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව පවසා සිටියේ සිරස ‘පැතිකඩ’ වැඩසටහනේ දී ය.
  • එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ: ප්‍රධාන ධාරාවේ කවුරුන් හෝ පවතින ආර්ථික ප්‍රශ්නය විසඳන ආකාරය පිළිබඳව ස්ථිර විසඳුමක් සොයා නොගෙන නොයෙක් නොයෙක් දේ පවසන්නේ නම් සිදුවන්නේ ඡන්දය ආසන්න වන විට ඔවුන්ගේ එම ප්‍රශ්නය අවුල් වන බවයි.
  • එනම් කාර් රථයක දෝෂය පවතින්නේ එහි ජියර් බොක්ස් එකෙහි නම් එම දෝෂය අලුත්වැඩියා කරගැනීම සඳහා ටින්කරින් ශිල්පියකු (බාස් කෙනකු) ආදර්ශ කිරීමෙන් පලක් නොවන බවයි.
  • එම තත්ත්වය මත ‘‘මා දන්නේ ටින්කරින් වැඩ පමණයි’’ යනුවෙන් කිසිවකු පවසන්නේ නම් එම පුද්ගලයා පිටමං කෙරෙන බවයි; ඔහු ප්‍රතික්ෂේප වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව පවසා සිටියේ සිරස ‘පැතිකඩ’ වැඩසටහනේ දී ය.

එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ: ප්‍රධාන ධාරාවේ කවුරුන් හෝ පවතින ආර්ථික ප්‍රශ්නය විසඳන ආකාරය පිළිබඳව ස්ථිර විසඳුමක් සොයා නොගෙන නොයෙක් නොයෙක් දේ පවසන්නේ නම් සිදුවන්නේ ඡන්දය ආසන්න වන විට ඔවුන්ගේ එම ප්‍රශ්නය අවුල් වන බවයි.

ඒ සඳහා ඔහු කදිම උපහැරණයක් ද ගෙනහැර පැවේ ය. එනම් කාර් රථයක දෝෂය පවතින්නේ එහි ජියර් බොක්ස් එකෙහි නම් එම දෝෂය අලුත්වැඩියා කරගැනීම සඳහා ටින්කරින් ශිල්පියකු (බාස් කෙනකු) ආදර්ශ කිරීමෙන් පලක් නොවන බවයි. එම තත්ත්වය මත ‘‘මා දන්නේ ටින්කරින් වැඩ පමණයි’’ යනුවෙන් කිසිවකු පවසන්නේ නම් එම පුද්ගලයා පිටමං කෙරෙන බවයි; ඔහු ප්‍රතික්ෂේප වන බවයි.

එබැවින් චරිත හේරත්ගේ යෝජනාව වන්නේ  ජියර් බොක්ස්හි පවතින දෝෂ නිවැරැදිව අධ්‍යයනය කර දේශපාලනයට පිවිසිය යුතු බවයි.

ඔහුගේ අදහස ප්‍රායෝගික ය. නමුදු මෙහි දී වඩා වැදගත් වන්නේ ඔහු පවසන එන්ජින් බාස් කවුද කවුද යන්න ය. ඔහු එය ඍජුව ම නොපවසන්නේ ඉන්ජින් බාස් තමා යැයි උපකල්පනය කරමින් ද...?

සැබැවින් ම එය ගැටලු සහගත ය. එසේ නම් මේ ඉන්ජින් බාස් ඩලස් විය හැකි ද, නොඑසේ නම් සජිත් ද, එසේත් නොමැති නම් රනිල් ද..., ඒ දෙදෙනා ම නොවේ නම් අනුර කුමාර දිසානායක ද...? ඇත්තට ම මේ ඉන්ජින් බාස් කවුද...?


සබැඳි පුවත් :
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළදපොල ආර්ථිකයක් - (මහාචාර්ය චරිත හේරත්)

 

 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චරිත නොකියා කියන ඉන්ජින් බාස් කවුද ? | The Leader