The Leader News
BREAKING
Top Ad
Opinion

ව්‍යවසායක රාජ්‍යයක් කරා…..- (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

June 17, 2024 • 4:19 PM

ව්‍යවසායක රාජ්‍යයක් කරා…..- (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියලු දෙනාගේ අවධානය යොමු වී ඇත.
  • ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනය පිළිබඳව සාකච්ඡා සිදුවීමද ව්‍යාපාරිකයන්ගේ දේශපාලන ආගමනය පිළිබඳ ජනතාව නවත්තම ඇසකින් බැලීමට හේතුවක් වී ඇත.
  • සමානුපාතික නියෝජන ක්‍රමය අනුව මැතිවරණ පැවැත්වීම 1989 සිට ආරම්භ වීමත් සමග දේශපාලන පක්ෂවලට වියදම් කිරීමට හැකි ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය දේශපාලන පක්ෂවලට දැඩි ලෙස දැනෙන්නට විය.
  • ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කටයුතුවල නියැලෙන එක්තරා නාලිකාවක් එම වැඩසටහනේ නමින්ම දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට උත්සාහ ගන්නා බවටද ආරංචි ලැබී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සියලු දෙනාගේ අවධානය යොමු වී ඇත.

 මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මෙම සංකල්පය පිළිබඳව කතා කරන ප්‍රධාන පුද්ගලයා වන අතර “ සතුටු දයක් ව්‍යවසායකත්ව  රාජ්‍යයක් “ එහි ප්‍රධාන තේමා පාඨය වේ.

hgjzxhck

ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනය පිළිබඳව සාකච්ඡා සිදුවීමද ව්‍යාපාරිකයන්ගේ දේශපාලන ආගමනය පිළිබඳ ජනතාව නවත්තම ඇසකින් බැලීමට හේතුවක් වී ඇත.

අතීතයේ දේශපාලකයාට උදව් කිරීමට ව්‍යාපාරිකයින් සිටි නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට පිවිසීමටවත් දේශපාලනය කිරීමටත් ඒ තරම් උත්සාහයක් දැරුවේ නැත.

දේශපාලකයන් ලඟින් ඇසුරු කළ දාස මුදලාලි, ඇලෝෂියස් මුදලාලි, නවලෝක මුදලාලි, හෝ ඤාණම් වැනි ව්‍යාපාරිකයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත. නැත්නම් ව්‍යාපාරිකයන් දේශපාලනයට යොදවා ගැනීම පිළිබඳව දේශපාලන පක්ෂවලට අවශ්‍යතාවයක් තිබුණේ ද නැත.

උපාලි විජේවර්ධන මහතාට තිබූ දේශපාලන අභිලාෂය ඔහුගේ අතුරුදහන් වීමත් සමඟම අවසන් විය.

උපාලි විජේවර්ධන මහතාට තිබූ දේශපාලන අභිලාෂය ඔහුගේ අතුරුදහන් වීමත් සමඟම අවසන් විය.

සමානුපාතික නියෝජන ක්‍රමය අනුව මැතිවරණ පැවැත්වීම 1989 සිට ආරම්භ වීමත් සමග දේශපාලන පක්ෂවලට වියදම් කිරීමට හැකි ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය දේශපාලන පක්ෂවලට දැඩි ලෙස දැනෙන්නට විය.

zdcsdf
පුවත්පත් හිමිකරුවන් වූ තිලංග සුමතිපාල හා ටිරාන් අලස්, දේශපාලනයට පිවිසි අතර විද්‍යුත් මාධ්‍ය හිමිකරුවෙකු වන කිලි මහරාජා තමන්ගේ ගෝලයන් තුන්දෙනෙකු එක් අවස්ථාවකදී විවිධ පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් කොට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන පෙන්විය. දෙරණ නාලිකාව ද තමාගේ විකාශන කාලය හිතවතුන් වෙනුවෙන් ලබාදෙමින් ඔවුන් ප්‍රවර්ධනය කිරීම සිදු කළේය. ග්‍රාමීය ප්‍රජා සංවර්ධන කටයුතුවල නියැලෙන එක්තරා නාලිකාවක් එම වැඩසටහනේ නමින්ම දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට උත්සාහ ගන්නා බවටද ආරංචි ලැබී ඇත.

යටත් විජිත පාලන යුගයේ සිටම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පන්තිය නිෂ්පාදකයන් නොව රජයට විවිධ සේවා සැපයීම, මිනිරන් පතල් පවත්වාගෙන යෑම සහ අරක්කු රේන්ද බලපත් ආදිය ලබා ගැනීමෙන් දියුණුවට පත් වූ පිරිසක් වුහ.

අපේ වර්තමාන ව්‍යාපාරික පැලැන්තියේ බහුතරය සැකසී ඇත්තේ ද රජය සමඟ ගනුදෙනු කරන හෝ රජයේ අනුග්‍රාහකත්වය මත බදු ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමෙන් වාසි ලබාගන්නා කණ්ඩායමකිනි. ඇතැමුන්ට කොටස් වෙළඳපොළ අයථා ගනුදෙනු, සිනි, ටයිල් බදු වංචා පිළිබඳ බරපතල චෝදනා එල්ල වන්නේ එබැවිනි.  එංගලන්තයෙන් කසල ආනයනය කළේද මෙම ව්‍යාපාරික පැලැන්තියෙම වේ.

ගෝලීය ධනවාදය මේ වනවිට අර්බුදයට ලක්වී ඇත. මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට අපේක්ෂිත ආසන 400 සීමාවට ළං වීමට තබා සරල බහුතරය තනිවම ලබා ගැනීමටත් නොහැකි වූයේ, විරැකියාව, ඇති නැති පරතරය වර්ධනය වීම  යන කරුණු මතය.

dp edu
රවි වෙත්තසිංහ වැනි ව්‍යාපාරිකයන් අපගේ පොදු ප්‍රවාහන සේවයට සිදු කරන ලද හානිය අපට තවමත් මතකය. පසුව එහි කාලයක් අමාත්‍යාංශ ලේකම් ධූරය දැරූ ධම්මික පෙරේරාට දැනෙන යමක් කරන්නට හැකි වූයේද යන්න පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුය. නමුත් ඔහුගේ DP Education වැඩපිළිවෙල විශේෂයෙන් අගය කළ යුතුය.

රටක ආර්ථිකයක් බිඳවැටීමෙන් පසු ජනතාව විවිධ අත්හදා බැලීම් සිදුකරන බව ග්‍රීසිය ආජන්ටිනාව වැනි රටවල සිදුවූ දේශපාලන වෙනස්කම් පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. එම රටවල විටෙක වාමාංශික පක්ෂවලටත් විටෙක කිසිදා දේශපාලනයේ නියැලුනේ නැති ව්‍යාපාරිකයන් කෙරෙහි ද ජනතාව විශ්වාසය තබා ඇත.

ජනතාව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටුණු විට මේ තත්ත්වය ඇතිවේ. නමුත් එම සිදුවූ වෙනස්කම් මත එම රටවල් ඉදිරියට ගමන් කර තිබේද යන්න පිළිබඳව ගැඹුරින් සොයාබැලිය යුතුය.

ලංකාවේ ප්‍රධානතම සමාගම් 20 සලකා බැලුවහොත් ඉන් බහුතරය බැංකු මූල්‍ය සමාගම් ඇතුළු සේවා සපයන ආයතන වේ. මෙය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා වෙනස් කිරීමට ලක්ෂ අටක් සිටින ත්‍රිරෝද රථ රියදුරන්ද ව්‍යවසායකයන් සේ සලකා කටයුතු කිරීමෙන් හැකි වේද? 2013 වර්ෂයේ ප්‍රකාශිත The Enterpreternal State ග්‍රන්ථයේ ආර්ථික විද්‍යාඥවරියක වන මරියානා මැසුකාටෝ සාකච්ඡා කරන සංකල්ප අපට කොතරම් අදාළ ද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතුය. ලාභයම බලාපොරොත්තුවෙන් කටයුතු කරන ලුම්පන් ව්‍යාපාරික පන්තියකට වඩා ජනහිතකාමී ව්‍යාපාරික පංතියක් ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නගන්නේ නම් එය ලෝකයේ පළවෙනි එවැනි රාජ්‍යය වනු ඇත.

සටහන :
Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යවසායක රාජ්‍යයක් කරා…..- (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) | The Leader