The Leader News
BREAKING
Top Ad
Opinion

පොහොසත් වෙන්න ඉඩ දෙන්න....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 18, 2024 • 5:36 AM

පොහොසත් වෙන්න ඉඩ දෙන්න....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක මම අර පහන්තුඩාව ඇල්ල ළඟ වීඩියෝ එක කරපු කපල් එක ගැන දැරුව මතයට වෙනස් එකක්.
  • හැබැයි කාමරයක් ඇතුලේ මේ කපල් එක කරපු දේ ගැන කියන්න වරදක් මම දකින්නේ නැහැ.
  • ඒ වෙනුවෙන් ඉඩකඩ සපයන නිදහස් සමාජයක් දැන්වත් ඇතිවෙන්න ඕනි.
  • සමහර විපරීත පුද්ගල අවකාශවලට උනත් ඉඩ දෙන්න වෙනවා. බ්‍රිතාන්‍යයේ චැතර් විසින් ඇතිකරපු නව ලිබරල් ප්‍රතිසංස්කරණ එක්ක පුද්ගලයින් තම තමන්ගේ තනි පුද්ගල ගේම් එක ගහපු හැටි සහ ඒවා සාර්ථක වෙච්ච හැටි බලාගන්න හනිෆ් කුරේෂිගේ My Beautiful Laundrette (1985) බලන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


මේක මම අර පහන්තුඩාව ඇල්ල ළඟ වීඩියෝ එක කරපු කපල් එක ගැන දැරුව මතයට වෙනස් එකක්.

 

පහන්තුඩාව 'බ්ලූ ෆිල්ම්' : 2021 ට ශ්‍රී ලංකාවෙන් SEX වාර්තාවක්එතැනදී මම දැක්කේ පහන්තුඩාව පොදු අවකාශයක් හැටියට.

එතැනදී මම දැක්කේ පහන්තුඩාව පොදු අවකාශයක් හැටියට. හැබැයි කාමරයක් ඇතුලේ මේ කපල් එක කරපු දේ ගැන කියන්න වරදක් මම දකින්නේ නැහැ. විශේෂයෙන් බංකොලොත් රටක. 

දැන් මේ පාවිච්චි වෙන්නේ මොකක් හරි සුද්දගෙන් ආපු - නැත්නම් යුද්දේ නිසා පොලිසි හමුදා විසින් පාවිච්චි කරපු කසිකබල් කාමර නීතියක් හෝ සදාචාරක්. දැන් ඒ කතා හරියන්නේ නැහැ. නීතිමය ප්‍රශ්නයක් තියනවා නම් ඒවා සුද්ද කරන්න වෙනවා අනාගතය වෙනුවෙන්. සදාචාර ප්‍රශ්න ඉස්සරහට වලංගු වෙන්නේ නැහැ. ඒ මකුළු දැල් කඩාගන්න වෙනවා. 

ඩොලර් අර්බුදය හෙටින් අවසන් !දැන් තියෙන්නේ ඩොලර් හොයන යුද්දයක්.

මොකද දැන් තියෙන්නේ ඩොලර් හොයන යුද්දයක්. ඒ වෙනුවෙන් ඉඩකඩ සපයන නිදහස් සමාජයක් දැන්වත් ඇතිවෙන්න ඕනි. ඒකෙදි ඔය පරණ කතා අමතක කරන්න වෙනවා. සමහර විපරීත පුද්ගල අවකාශවලට උනත් ඉඩ දෙන්න වෙනවා. 


බ්‍රිතාන්‍යයේ චැතර් විසින් ඇතිකරපු නව ලිබරල් ප්‍රතිසංස්කරණ එක්ක පුද්ගලයින් තම තමන්ගේ තනි පුද්ගල ගේම් එක ගහපු හැටි සහ ඒවා සාර්ථක වෙච්ච හැටි බලාගන්න හනිෆ් කුරේෂිගේ My Beautiful Laundrette (1985) බලන්න. ඒක My Red Comrade (20014) එක්ක පටලාගන්න එපා.

1978 ආර්ථිකය විවෘත උනත් ඊට සාපේක්ෂව සංස්කෘතිය වෙනස් වුණේ නැහැ. යටත්විජිත ඇතුලේ තිබ්බ මේ පසුගාමී තත්වය නිසා හනිෆ් කුරේෂිල ලන්ඩන් නිව්යෝක් ගියා. ගිහින් එහෙ තිබ්බ නිදහස් වෙළඳපල අවකාශයෙන් විපුල ප්‍රයෝජන ගත්ත. මම කියන්නේ මේ ෆිල්ම් එකයි ලංකාවේ සමාජය ගැනයි නැවත කතාකරන්න ඕනි. මම ඒක මීට පෙරත් කියල තියනවා. 

 

දෙමළ මුස්ලිම් විරෝධතා වාර්තා කිරීමට ගිය නැගෙනහිර මාධ්‍යවේදීන්ට නඩුපොලිසියේ අයගේ ආතල් නිසා හරි මාධ්‍ය පඩංගුවල ආතල් වෙනුවෙන් හරි දැන් මේ ප්‍රශ්න තවදුරටත් සමාජයේ පසුගාමීබව වෙනුවෙන් පාවිච්චි කරන්න දෙන්න බැහැ
පොලිසියේ අයගේ ආතල් නිසා හරි මාධ්‍ය පඩංගුවල ආතල් වෙනුවෙන් හරි දැන් මේ ප්‍රශ්න තවදුරටත් සමාජයේ පසුගාමීබව වෙනුවෙන් පාවිච්චි කරන්න දෙන්න බැහැ. කතා කරන්න පුළුවන් අය යූ ටියුබ් වලින් සල්ලි හොයනවා වගේ ශරීරය පැත්තෙන් සල්ලි හොයන්න පුළුවන් අය එසේ කරපුදෙන්. 

ඒ කපල් තමන්ගේ වීඩියෝ වලින්, තමන්ගේ ඇඟ විකුණනවා නම් සහ ඒ ඔස්සේ ඩොලර් (හරි මොනවා හරි මුදල් ඒකකයක්) හොයනවා නම් එසේකිරීම තවදුරටත් වරදක් ලෙස දකින්න තරම් ආර්ථික තත්වයක නෙවෙයි අපි දැන් ඉන්නේ. ඉස්සරවෙලා මේක ඇත්තටම 'නිදහස් සමාජයක්' කරන්න මේ පාලකයෝ දැනගන්න ඕනි. 

දිළිඳු රටවල ගැහැනුන් පිරිමින් සහ කුඩා දරුවන් සිංගපූරුව තුළ අළෙවි වන හැටි -  අපායේ කතාව (07)සංචාරක කර්මාන්තේ කියල කිව්වට තායිලන්තේ ලඟටවත් එන්න අපිට බැහැ.

සංචාරක කර්මාන්තේ කියල කිව්වට තායිලන්තේ ලඟටවත් එන්න අපිට බැහැ. ලිංගික සේවා සැපයීම, ලිංගික සෞඛ්‍ය සම්බන්ද සම්බාහන වගේ දේවල්වල තියන සංකීර්ණ බව ගත්තම ඒවා දැක්කොත් අපේ පොලිසිවලට කලන්තේ දායි.

ඒ නිසා සමාජයක් හැටියට නිදහස් ලෙස මුදල් හම්බ කරන්න කැමති විශාල පිරිසකගේ අවකාශය අපි ඉතාම දුෂ්ට ලෙස හකුළුවමින් ඉන්නේ. ඒක වැරදියි. 

කොත්මලේ මල් කොල්ල වගේ හැමෝටම මල් විකුණන්න බැහැ. මිනිස්සු තවත් ගොඩක් දේවල් අත්හදා බලමින් ඉන්නවා පොහොසත් වෙන්න. දියුණු වෙච්ච හැම රටකම ඒ අත්හදා බැලීම් වෙනුවෙන් ඉඩක් දුන්න. 

පොහොසත් වෙනඑක අපූර්ව දෙයක් නම් මිනිස්සුන්ට එසේ කිරීමට ඉඩ දෙන්න. අලුත් තත්වයන් එක්ක මිනිස්සු වෙනස් වෙලා ඉවරයි. දැන් දේශපාලනය වෙනස් කරන්න. 

අපේ කොල්ලෝ කෙල්ලොත් ඩොලර් මිළියන් ගණන් හොයයි. ලානා රෝඩ්ස්ල සනී ලියොන්ල මෙහෙනුත් බිහිවෙයි. ඉඩ දෙන්න....



බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපියක් :
පිස්සු කෙලින්න එපා! - නිරුවත විකිනීමේ අයිතිය වෙනුවෙන් වත් පෙනී ඉන්න


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොහොසත් වෙන්න ඉඩ දෙන්න....- (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader