The Leader News
BREAKING
Top Ad
Opinion

ලයන් කිංග් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

June 18, 2024 • 6:03 AM

ලයන් කිංග් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාම්ප්‍රදායික සුරංගනා කතා ශෛලිය තුළ යටින් දිවෙන කටුක ජීවිත යථාර්ථයන් ලයන් කිංග් හරහාත් අපගේ විඤ්ඤාණයට කා වැද්දුනා.
  • නමුත් එය සිද්ධ වුණා 2022 වසරේ.
  • ඔබ එය නරඹා තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඇස් තෙත් වෙන්න ඇති.
  • ස්කාර්ගේ කීමට සිම්බා රැවටෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සාම්ප්‍රදායික සුරංගනා කතා ශෛලිය තුළ යටින් දිවෙන කටුක ජීවිත යථාර්ථයන් ලයන් කිංග් හරහාත් අපගේ විඤ්ඤාණයට කා වැද්දුනා. මිනිස් සමාජයේ සංස්කාර, සතුන් මගින් නිරූපණය කිරීම ලස්සන කලාවක්. කාල් මාක්ස්ගේ සමාජවාදයේ අගතිය ගැන ලියවුණු විශිෂ්ඨතම නිර්මාණය වන්නේ “Animal Farm”. මා හිතුවේ නැහැ ලයන් කිංග් කතාව මගේ ජීවිතයේ සැබැවින්ම අත්විඳින්නට හැකි වෙයි කියා. නමුත් එය සිද්ධ වුණා 2022 වසරේ.

 

6001c2b669046

කතාවේ අතිශය ඛේදනීය අවස්ථාව තමයි මුෆාසාගේ මරණය. ඔබ එය නරඹා තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඇස් තෙත් වෙන්න ඇති. ඒක අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. මුෆාසා තමන්ගේ පැටියව බේරලා අගාධයෙන් උඩට නගින අවසාන මොහොතේ ස්කාර්ගෙන් උදව් ඉල්ලනවා. නමුත් බලලෝභී ස්කාර් තමන්ගේ උල් නියවලින් මුෆාසාගේ අත්දෙකට ඇනලා කුලප්පු වෙලා දුවන ගව රැල මැද්දට උඩ ඉඳලා තල්ලු කරනවා. ඒ පාවා දීම අදහා ගන්න බැරි වන මුෆාසා සටනක් නොකර වැටෙනවා. අපි උඩට ගත්ත හුස්ම බිමට නොදා කඳුළු කැට ඇහෙන් වැටෙන්න ඉඩ නොදී හිර කරගෙන ඉන්නවා. අන්තිමට සිම්බට හමු වෙන්නේ මුෆාසාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර. ඒක තමයි ලයන් කිංග් කතාවේ defining moment එක. ඒක තමයි කාර්ටූන් එක බලන ළමයාගේ ළමා කාලය අවසාන කරන මොහොත. ඒකෙන් පස්සේ වෙන දේවල් එච්චර වැදගත් නැහැ.

ගෝඨාභය දේශපාලනය නොකළේ ඇයි? - (එරන්ද ගිනිගේ)

 

2022 වසරේ වෙන්නේ ඒක. තමන්ගේ දරුවන් වැනි රටේ ජනතාව වසංගත මරණයෙන් බේරලා ආර්ථික අගාධයෙන් ගොඩට එන්න හදපු ගෝඨාභයට වෙන්නේ මුෆාසාට වුණු දෙය. මුෆාසා දැන ගෙන හිටියේ නැහැ ස්කාර් සහ ඔහුගේ හයීනා රංචුව කළ කුමන්ත්‍රණය. ස්කාර්ට ඕන වුණේ මුෆාසාව මරලා රජ වෙන්න. හරියට රනිල් ජනාධිපති වුණා වගේ. සිම්බා බොළඳයි. හරියට නූගත් අරගලකරුවෙක් වගේ. ස්කාර්ගේ කීමට සිම්බා රැවටෙනවා. හයීනා වල් බල්ලො ටික ගිහිල්ලා තණකොළ කකා හිටිය ගව රැල කුලප්පු කරලා එවනවා. උන් දුවගෙන ආවේ හරියට කෝච්චිවල නැගලා ආව සාහසික ගමේ ගොඩේ අරගලකරුවන් ගෝල්ෆේස් පාර දිගේ දුවගෙන ආවා වගේ. අර හෝටල් උඩ ඉඳගෙන දාපු වීඩියෝවල පේන්නේ හරියටම ලයන් කිංග් එකේ අගාධය මැද්දෙන් දුවන ගව රැල.

 

ජන අරගලය සහ පාර්ලිමේන්තුව අතර සංවාදයකට මැදිහත්වන්න - 43 සේනාංක
සිම්බා තමන් කළ වරදට බයෙන් පැනලා යනවා. ස්කාර් රජ වෙනවා. හයීනා බල්ලො ටික ඇමතිවරු වෙනවා. රට බල්ලන්ට යනවා. සත්තු ටික ස්කාර්ගේ අණට යටත්ව නිවටයන් වගේ කරබාගෙන ජීවත් වෙනවා. අරගලකාරයන් තමන් විසින් කළ වරදට බයෙන් පැනලා ගිහිල්ලා. හැංගිලා. අරගල පෝස්ට් ඩිලීට් කරලා. ඇත්තටම ගොඩක් උන් රටෙන් පිට වෙලා. උන්ට තාම තේරුම් ගන්න බැහැ මොකක්ද ඒ වුණේ කියලා. ඒ නිසා උන් ඒ බිහිසුණු සිද්ධිය අමතක කරන්න දැන් බොරුවට ජොලි දානවා. තමන්වම රවට්ට ගන්නවා.

 

මුහුණ රතු වෙන පාලකයන් අතලොස්සක් අවශ්‍ය කෙරේ - ගාමිණී වියන්ගොඩ

මේක අපි හැමෝටම ඉතාම වැදගත් ජීවිත පාඩමක්. මුෆාසා වගේ අයට අත් වෙන ඉරණම මේක තමයි. මහින්ද රාජපක්ෂට 2015 වෙන්නත් මේක. මේක වළක්වන්න බැහැ. අපි කොච්චර හොඳ කළත් අපට විරුද්ධව සතුරෙක් ඉන්නවා. ගෝඨාභයගේ අත් දෙකට ඇන්නේ එක ස්කාර් කෙනෙක් විතරක් නොවෙයි. ඔහුට අමාරුම මොහොතේ ඔහුව හැර ගිය හැමෝම ස්කාර් කෙනෙක්. ඔහු අර අගාධයේ උඩට නගින කොට ඔහුට විරුද්ධ වුණු හැම එකෙක්ම හයීනා බල්ලෙක්. මම දැක්කා ගෝඨාභය ජනපති හැටියට ඒ දවස්වල පුද්ගලිකව යම් යම් අයට කතා කරලා තෙල් ගෙන්වන්න සල්ලි ඉල්ලපු හැටි. ඒවා හරිම සංවේදී මතකයන්. අන්තිමට තමන්ව ආරක්ෂා කරාවිය කියා හිතපු තමන්ගේ සටන් සගයා පවා ගෝඨාභයගේ අත් දෙකෙන් අල්ලලා පහළට විසි කළා.

ධර්මය අපට මග වේවා!

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලයන් කිංග් - (එරන්ද ගිනිගේ) | The Leader