පොහොට්ටුව කඩලා අරගෙන දිනන්න පුළුවන් කියා ය. තෙවනුව ඔවුන් කීවේ රාජපක්ෂලා සහ පොහොට්ටුව දෙකම ගත්තොත් රනිල්ට දිනන්න පුළුවන් කියා ය. ඔවුන් කියූ කිසිවක තාර්කික පදනමක් තිබුණේ නැත. එයින් අන්තිමට අමාරුවේ වැටුණේ රනිල් ය.
රනිල්ව නැවත ජනාධිපති කරගැනීමේ මූලග්ගාය තදියමක් මුලින්ම හැදුණේ රනිල්ගේ පෝඩ මුත්තු සෙට් එකට ය. අරගලය නිසා පිනා චාන්ස් එකට ඇමතිකම් ලැබුණු පසු ඔවුන් හිතුවේ තමන් දැන් දේශපාලන ඔස්තාර්ලා කියා ය. ඔවුන් හිතුවේ පොහොට්ටුවේ බලය තිබෙන්නේ ඔවුන්ට කියා ය. ඔවුන්ගේ බල ලෝභයට ඉස්පාසුවක් තිබුණේ නැත. කලබලේට කොරොස් කටෙත් අත දාන්න බැහැ කියා අපේ පැරැන්නන් කියා තිබෙන්නේ මේ නිසා ය. අන්තිමට කොරහත් බිඳගෙන ඇඟෙත් හලාගෙන අතත් තුවාල කර ගත්තා නේද…

ලන්සා ගිය මාර්ගය නිවැරදි ය. ඔහු ඍජුව පොහොට්ටුවෙන් ඉවත් වී රනිල්ට වැඩ කළේ ය. එය අවම තරමින් සදාචාරාත්මක ය. ඒ කෙලින් දේශපාලනයකි. නමුත් රනිල්ගේ පෝඩ මුත්තු ටික වැඩේ වර්චස් කළෝ ය. ඔවුන් හැසිරුණේ පොහොට්ටුවේ අලුත් අයිතිකාරයන් වගේ ය. පොහොට්ටුවේ මිනිස්සු එවැනි හයිකාරකම්වලට කැමති නැත. ඔවුන් ගරු කරන්නේ මහින්ද රාජපක්ෂ වැනි පතාක යෝධයන්ට ය. අච්චර කරලත් ඔවුන් ගෝඨාභය රාජපක්ෂටවත් එහෙම විශේෂයෙන් සැලකුවේ නැත. එහෙව් එකේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආව ලොකුසීන් කාඩ්බෝඩ්සේකරලා ඔවුන්ට කිසිසේත්ම දිරවන්නේ නැත. පොහොට්ටුවේ මිනිස්සුන්ට රනිල්ව එපා කෙරෙව්වේ රනිල්ගේ පෝඩ මුත්තුන් ය.
අරගලයෙන් ලැබුණු පිනා චාන්ස් බලය තිබියදී පොහොට්ටුවේ මිනිස්සුන්ට සලකන්නේ මෙහෙම නම් මැතිවරණයකින් බලය දුන්නොත් කොහොම තියේවිද කියා හැමෝම කල්පනා කළා. රාජපක්ෂලා තියා දෙයියන්නාන්සේ කිව්වත් පොහොට්ටුවේ මිනිස්සු එහෙම නිවට වෙන පිරිසක් නොවේ. මහින්ද රාජපක්ෂව 2015 පරාජය කරන්නෙත් මේ කඳවුරේම මිනිස්සු තමයි. රාජපක්ෂලා දන්නවා තමන්ගේ මිනිස්සු ගැන. ඒ නිසා තමයි රාජපක්ෂලා ඒ මිනිස්සු සමග ඉතාම නිහතමානීව ගෞරවාන්විතව හැසිරෙන්නේ. රනිල්ගේ පෝඩ මුත්තුන්ට ඇමති තටු ලැබුණාම හිතුවා පොහොට්ටුවේ මිනිස්සු ඔවුන්ගේ සපත්තු ලෙව කයි කියලා. අන්න ඒ අහංකාරකම තමයි ඔවුන්ගේ මෝඩකමට හේතු වුණේ.

අනෙක් පැත්තෙන් සජබ මන්ත්‍රීලා රනිල් ගාවට එන්නෙත් නැත්තේ මේ පෝඩ මුත්තුන්ගේ කෙරුවාව නිසයි. ඒ විතරක් නොවෙයි එජාපය පවා රනිල්ට සහාය දෙන්නේ නැත්තේ ඔය පෝඩ මුත්තු ටික නිසයි. ඕනෑම වැඩක් කරන කොට මිනිස් හැඟීම් ගැන අවබෝධයෙන් එය කරන්න ඕනා. විශේෂයෙන්ම දේශපාලනය කරන කොට. ඔය පෝඩ මුත්තු ටික දේශපාලනයට එන්නේ තමන්ගේ තාත්තලාගේ පිහිටෙන් මිසක් තමන්ගේ ඇති කෙන්ගෙඩියකින් නොවෙයිනේ. එවැනි අය විශේෂයෙන්ම නිහතමානී වෙන්න ඕනා. තමන් සියල්ල දත් කියලා හිතාගෙන නටන්න නරකයි. තමන්ගේ මිනිස්සුන්ට මැර ගොම්පාට් දාන්න යන්න නරකයි.
රනිල්ට තිබුණේ ලන්සලා එක්ක වැඩේ කරන්න. එහෙනම් සජබ මන්ත්‍රීලා වෙලාවට රනිල් ගාවට යනවා. කොහොමත් පොහොට්ටුවත් එක්ක රනිල්ට දෙමළ සහ මුස්ලිම් ඡන්ද ගන්න බැහැ කියලා ඕලෙවල් කරන ළමයෙකුට වුණත් තේරෙනවා. ඒ ගැන අපි මුල ඉඳලම බොහෝම කරුණාවෙන් තාර්කිකව තේරුම් කළේ ඒකයි. නමුත් ඒ සාධාරණ විවේචන තේරුම් ගන්න තරම් සංයමයක් සහ පරිණත බුද්ධියක් ඔවුන්ට තිබුණේ නැහැ. ඉතින් ගම කා ගත්තා.

දැන්වත් රනිල් කළ යුත්තේ ඔය පෝඩ මුත්තුන්ගේ බොරු වැඩවලට මහන්සි නොවී තමන්ගේ කඳවුරේ මිනිස්සු ටික තමන්ට එකතු කර ගැනීමයි. You should do real politics for a change, Mr President. ඔබ දේශපාලනය කරන්න. ඔබේ දේශපාලන මතවාදය පිළිගන්න අය ඉන්නේ සජබයේ මිසක් වෙන තැනක නොවෙයි. ඔබ ටාර්ගට් කළ යුත්තේ එතනයි. ඔවුන්ට අවස්ථාව දෙන්න. දෙමළ සන්ධානය එකතු කර ගන්න. මේක තමයි ඔබේ අවස්ථාව. පෝඩ මුත්තු කරපු වැඩෙන් ඔබට දැන් නොඉල්ලා ඉන්නත් බැහැ. මේ වෙලාවේ පොලිටිකල් ගේම් ගහන්න යන්න එපා. දැන් මිනිස්සු ඉන්නේ කේන්තියෙන්. ඒ නිසා පොහොට්ටුවට පොහොට්ටුවේ දේශපාලනය කරන්න දීලා ඔබ ඔබේ දේශපාලනය කරන්න. And let the people decide.
ධර්මය ඔබට මග වේවා!(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 ජූනි 18



