සහභාගිවෙමින් ඔහු විසින් සම්පාදිත "මාගේ දේශය අවදි කරන්නට" කෘතිය පිලිබද අදහස් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ,
අපේ සිත් සනසගැනීම පිණිස "දියුණු වෙමින් පවතින රටක්" ලෙස එදා සිට අද දක්වා සිතමින් වැඩ කලත් එය එසේ වී නොමැති බවත් එසේ නොවීමට නොයෙක් හේතු කාරනා තිබුනත් ඔහු එය දකින්නේ යම් ක්‍රියාවලියක ප්‍රතිපලයක් බවය.
ඒ සදහා වූ විසදුම "මාගේ දේශය අවදි කරන්නට" කෘතියේ ඇතුලත් කර තිබෙන බව සේනක දඹවින්න කියා සිටියේය.
අපේ රට සෞභාග්‍යමත් දේශයක් කිරීම සදහා ප්‍රායෝගික යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන Vision 2024 Limited හි කොටස්කරුවන් වන්නේ, ලෝකය පුරා වාසය කරන ලාංකික සම්භවයක් ඇති රටේ අනාගතය පිලිබද ඇල්මක් දක්වන පිරිසක් බවද සේනක දඹවින්න ප්‍රකාශ කළේය.
තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ, අපේ රට සිටින තත්වයෙන් ගොඩගැනීමට තවත් පරම්පරාවකට රට භාර නොදී "ක්වොන්ටම් පිම්මක්" මගින් හෝ සියලුම ප්‍රශ්න විසදා දැමිය යුතු අදහසින්ය.
සවිස්තරාත්මකව අදහස් බලාගැනීමට වීඩියෝව පහතින් නරඹන්න,



