The Leader News
BREAKING
Top Ad
Opinion

මොකක් හරි පටන්ගන්න එක හොඳයි....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 21, 2024 • 9:43 AM

මොකක් හරි පටන්ගන්න එක හොඳයි....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජන අරගල සන්ධානය නමින් ගෝල්ෆේස් අරගලයේ හිටපු සෑහෙන ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ සංධානයකට ඒම මට අනුව හොඳ දෙයක්.
  • ඇත්තටම මේක මීට සෑහෙන්න කලින් කරන්න තිබ්බ දෙයක්.
  • නමුත් මැතිවරණයක් ගැන තවමත් ස්ථිරබවක් නැති නිසා දැන් ආව කියල එහි බලපෑමට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඇතැම් විචාරකයින් සඳහන් කරනවා මේ පැමිණීම නිසා ජාතික ජන බලවේගයට යම් බලපෑමක් වෙයි.
  • ඒක තමයි ඇත්ත දේශපාලනය කියල. නමුත් මට පේන්නේ මෙහෙම දෙයක්. අපි ජීවත්වෙන්නේ දේශපාලන බහුත්වයක් ඇති ගෝලීය නිමේෂයක.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජන අරගල සන්ධානය නමින් ගෝල්ෆේස් අරගලයේ හිටපු සෑහෙන ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ සංධානයකට ඒම මට අනුව හොඳ දෙයක්. මොකද ගෝල්ෆේස් අරගලයේ හැඟීම්, අභිප්‍රායන් සහ මනෝභාවයන් (sentiments) තවමත් සමාජයේ යම් නිර්නාමික (anomymous) හැඩයකින් හොල්මන් කරමින් තිබෙන නිසා. 

මෙතන මම හොල්මන් කියන වචනේ යොදන්නේ එහි ප්‍රභලත්වය (magnitude) සහ තිවෘරතාව (intesnitty) සලකුණුකිරීම පිණිස.

ඇත්තටම මේක මීට සෑහෙන්න කලින් කරන්න තිබ්බ දෙයක්. නමුත් මැතිවරණයක් ගැන තවමත් ස්ථිරබවක් නැති නිසා දැන් ආව කියල එහි බලපෑමට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

 

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට
ඇතැම් විචාරකයින් සඳහන් කරනවා මේ පැමිණීම නිසා ජාතික ජන බලවේගයට යම් බලපෑමක් වෙයි. ඒ නිසා මේක මේ මොහොතේ නොකර අපි හැමෝම ජාතික ජන බලවේගය වටා එකතු වෙන්න ඕනි. ඒක තමයි ඇත්ත දේශපාලනය කියල. 

නමුත් මට පේන්නේ මෙහෙම දෙයක්. 

අපි ජීවත්වෙන්නේ දේශපාලන බහුත්වයක් ඇති ගෝලීය නිමේෂයක. ඒ නිසා බහුත්ව දේශපාලනයන්ගේ ආගමනය වලක්වන්න බැහැ. ලංකාවේ උනත් රනිල් පොහොට්ටු සජබ ශ්‍රී ලංකා ජාජපෙ පෙරටුගාමී වගේ ගොඩක් අය භූමියේ ඉන්නවා. එහා මෙහා වෙනවා. 

හොරු ඇල්ලීම් වගේ දෙයක් හැරුණම ජාතික ජන බලවේගය විසින් සෘජු ක්‍රම වෙනසක් (system change) පිළිබද අදහසක් මේ වෙලාවේ කතාකරන්නේ නැහැ. ඒ වෙනුවට යම් ප්‍රතිසංස්කරන සහ මේ ක්‍රමයත් එක්ක යම් එකඟතා ප්‍රමාණයක් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ඒකට සමාජයේ යම් එකඟතාවක් ලැබෙමින් පවතිනවා. ඒ නිසා ඒක ඒ විදියට ගියාවේ. 

නමුත් මේ ක්‍රමය වෙනුවට වෙනත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් වූ රැඩිකල් අදහස් වෙනුවෙන් සිහින මවන තවත් සමාජයේ සෑහෙන කොටසකුත් ඉන්නවා. ඒ නිසා ''ජන අරගල සංධානය'' (මේක මැතිවරණ වෙනුවෙන් ගත්තම ලංකාවේ නැගල යන නමක් නෙවෙයි. ඒක වෙනම කතාවක්) බිහිවීම හොඳ දෙයක්. 

එකක් තමයි ජාතික ජන බලවේගයේ ජනප්‍රියතා අගතීන් විසින් (මම මේක මගේ එක වීඩියෝවක කියල ඇති) බහිස්කරණය වන මිනිසුන් වෙනුවෙන් යම් වේදිකාවක් නිර්මාණය වීම. 

 

ගෝල්ෆේස් අරගලකරුවන්' රැසක් සමග 'ජන අරගල සන්ධානය' දේශපාලන කරලියට
ජාතික ජන බලවේගය කතා නොකරන සෘජු වාම අපේක්ෂා සහිත මිනිසුන් වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය වීම. දැනට එයාලට යන්න තැනක් නැහැ. ඒ ඔක්කොටම වඩා වෙනත් ආකාරයේ අත්හදා බැලීමක් සඳහා ඉඩක් නිර්මාණය කිරීම. ඒ ඔස්සේ තවත් ඕනෑම දෙයක් සිදුවීමට ඉඩතිබීම.

ජාතික ජන බලවේගය වෙනුවෙන් දෘෂ්ටිමය අනෙකෙක් නිර්මාණය වීම. සහ ඒ ඔස්සේ ජාතික ජන බලවේගයට යම් යම් අගතීන්ගෙන් නිවැරදි වීමට හැකිවීම. මේ සියල්ලටමත් වඩා මාලිමාවෙන් පසු දේශපාලනයක් වෙනුවෙන් වන ප්‍රවාහයක් දැන් සිටම නිර්මාණය වීම හොඳ දෙයක්. 

කොහොම උනත් ආරම්භක ප්‍රවේශයක් හැටියට ගත්තම මට නම් ජන අරගල සංධානයේ ජනප්‍රිය වයිබ් එක මදි. එයාල ගෝල්ෆේස් නොස්ටැල්ජියාවෙන් මිඳුනොත් තවත් හොඳයි. මොකද මේ එන්නේ මැතිවරණයක්. ඒක වෙනස්ම බෝල්ගේම් එකක්. 

මොනවා උනත් මොකක් හරි දෙයක් පටන්ගන්න එක හොඳයි... ජය!

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...