The Leader News
BREAKING
Top Ad
Opinion

වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)

T

The Leader Desk

June 22, 2024 • 8:14 AM

වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම  ! - (රවි කරුණානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවකට ආණ්ඩු බලය නොතිබුණත් විපතටපත් ජනතාවට කඩිනම් සහ මූලික සහන සැළසීම කොළඹ අපිට දුෂ්කර වුණේ නෑ.
  • ඒ නිසා තමයි 2015 වසරේ අපි බලය ලබාගත් අවස්ථාවේම, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද සහාය ඇතිව, ක්‍රියාත්මක වුණේ.
  • ඒ 2022 වසරේ ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ අවශ්‍ය මැදිහත්වීම සිදුකර එම ජනතාවට නිවාස ලබාදුන් නිසයි.
  • මේ විදිහට මට කජීමා වත්තේ අත්දැකීම සිහිපත් කළේ පසුගියදා මහවැලිය වලව කළාපයේ ගොවීන් සඳහා උරුමය වැඩසටන යටතේ සින්නක්කර ඔප්පු බෙදාදීමේ උත්සවයේදී ජනපති සිදුකළ ප්‍රකාශයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

එවකට ආණ්ඩු බලය නොතිබුණත් විපතටපත් ජනතාවට කඩිනම් සහ මූලික සහන සැළසීම කොළඹ අපිට දුෂ්කර  වුණේ නෑ. නමුත් ඔවුන්ගේ ජීවනRavi Hari para logo තත්ත්වය ස්ථාවර කරන්න නම් ඔවුන්ට ස්ථිර වාසස්ථානයක් ලබාදිය යුතු වුණා. ඒ නිසා තමයි 2015 වසරේ අපි බලය ලබාගත් අවස්ථාවේම, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද සහාය ඇතිව, ක්‍රියාත්මක වුණේ. නමුත් එවකට ජනාධිපති එය වලක්වනු ලැබුවා. ඒ නිසා, ඒ ජනතාවට දශකයකට අධික කාලයක් අවාසනාවන්ත ජීවිතයක් ගෙවන්න සිදුවුණා. ඒ වගේම අවස්ථා කිහිපයකදී යළි යළිත් කජීමා වත්තත්  ගිනි ගත්තා.

 
නමුත් කජීමා වත්තේ ඉරණම මෙවර වෙනස් කරන්න අපිට හැකිවුණා. ඒ  2022 වසරේ ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ  අවශ්‍ය මැදිහත්වීම සිදුකර එම ජනතාවට නිවාස ලබාදුන් නිසයි. මේ විදිහට මට කජීමා වත්තේ අත්දැකීම සිහිපත් කළේ පසුගියදා මහවැලිය වලව කළාපයේ ගොවීන් සඳහා උරුමය වැඩසටන යටතේ සින්නක්කර ඔප්පු බෙදාදීමේ උත්සවයේදී ජනපති සිදුකළ  ප්‍රකාශයක්.

" ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාස වල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා" ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

 

448353753 862578262568462 2749222470759970027 nමහවැලිය වලව කළාපයේ ගොවීන් සඳහා උරුමය වැඩසටන යටතේ සින්නක්කර ඔප්පු බෙදාදීම
කතාව ඇත්ත. මෙරට ගොවි ජනතාව ප්‍රමුඛ ඉඩම් ලාභීන් රැසකට තිබෙන්නේ බලපත්‍ර හිමිකම පමණයි. සින්නකර ඔප්පු හිමිකමක් පසුගිය වසර 76ක කාලය තුළ ඔවුන්ට ලැබී නැහැ. ඒ නිසා එදිනෙදා වගා කටයුත්තක් සිදුකර කීයක් හෝ සොයාගන්න වඩා දෙයක් එයින්  ලැබුණේ නෑ. ඔවුන්ට තිබුණේ නමට සීමාවූ දෙපළක් මිස, වාණිජ වටිනාකමක් සහතික කළ දේපළක් නෙවෙයි. අවම වශයෙන් රට පුරා පවුල් ලක්ෂ 20 ක් , පරම්පරා තුනක පමණ කාලයක් මේ පීඩාවෙන් බැට කෑවා. ඒ කාලය තුළ වමේ කියලා පක්ෂ කීයක් තිබුණද ? ඒ  කවුරුත් ගොවියාගේ ඉඩම් අයිතිය වෙනුවෙන් වගේම නාගරික වැසියාගේ නිවාස හිමිකම වෙනුවෙන් පෙනී හිටියද ?  කොයි මැතිවරණ ප්‍රකාශයේද ඒ ගැන පොරොන්දුවක්වත් තිබුණේ ?  නමුත් ජනතාවගේ මේ  සැබෑ ප්‍රශ්නය දැක ඊට ස්ථිර විසඳුම් දුන්නේ දක්ෂිණාංශිකයන්, ලිබරලුන් කියපු අපි   යි.

 

             

ඒ දේ අදටත් වෙනසක් නොමැති බවට  මේ උරුමය වැඩසටහන සාක්ෂි දරනවා.  කොළඹ නගරයේ සැබෑ පීඩිතයා නිවසක සින්නක්කර අයිතිය හිමිවීමත් සමඟ දේපොළ හිමියකු බවට පත්වෙනවා. ඔහුට මෙහිදී තම ඉරණම වෙනස් කරගැනීම වෙනුවෙන් අවස්ථාව හිමිවෙනවා. සමාජවාදී - කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයේ කියන්නේ ඉඩම්, දේපොළ ඇතුළු ප්‍රාග්ධන සංචිත රාජ්‍ය සතු විය යුතු බවයි. නමුත් ලිබරල් අදහස වෙන්නේ ඉඩම් දේපොළ ඇතුළු ප්‍රාග්ධන සංචිත කිරීම පෞද්ගලික කටයුත්තක්, නැතහොත් පුද්ගලයාට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.



ඒ අර්ථයෙන් වසර 76ක් තිස්සේ අපේ රටේ ඉඩම් හිමිකම වගේම නාගරික නිවාස හිමිකම තිබී තියෙන්නේ සමාජවාදී - කොමියුනිස්ට් ආකාරයට රාජ්‍ය සතුවයි. ඒ නිසා අත්වින්දේ දුක පමණයි. තමන්ගේ දුක්ඛිත ජීවන තත්ත්වය වෙනස් කරගැනීම හීනයකට වැඩි දෙයක් වුණේ නෑ. රජයෙන් මොනවා හරි ලැබෙයි කියලා හූල්ලන ජීවිතයකට සියල්ල සීමා වුණා. නමුත් ඉඩමක, නිවසක සින්නක්කර අයිතිය ජනතාවට ලැබීමත් සමඟ සියල්ල වෙනස් වෙනවා. මුලින්ම වෙන්නේ ඊට තමන්ගේ කියන හැඟීම එකතු වීම. අනුන්ගේ දේ (රජයේ) පරිස්සම් නොකළත් තමන්ගේ දේ පරිස්සම් කරන්න කාටවත් නීති අවශ්‍ය නෑ.

 

image 4a95880e0fඉඩම වගේම තමයි, වාසය කරන නිවාස තවදුරටත් රජයේ නොවෙයි. එය අයිති තමන්ටයි

ඉඩම වගේම තමයි, වාසය කරන නිවාස තවදුරටත් රජයේ නොවෙයි. එය අයිති තමන්ටයි. එහි නඩත්තුව තමන් විසින් සිදුකර ගන්නවා. මෙතෙක් හිස් අතින් සිටි තමන්ට දැන් වත්කමක් තිබෙනවා. ඊට සින්නක්කර අයිතිය ලැබී තිබෙන නිසාම ඊට රුපියල්  මිලියන ගණනක වාණිජ වටිනාකමක් එක්වී තිබෙනවා.  දැන් කිසිවක් නොතිබූ තැනැත්තාට ව්‍යාපාරයක් අරඹන්න හැකියාව තිබෙනවා. කුඩා ණයක් ගෙන ක්‍රමයෙන් ඉහළට එන්න අවස්ථාව තිබෙනවා. අවශ්‍ය නම් වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට අවස්ථාව හිමිවෙනවා. ජීවන තත්ත්වය වෙනස් වෙනවා. මේ වෙනකොටත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ආයතනය පිහිටුවීමට ද කටයුතු යොදමින් තිබෙනවා. මේ මඟින් එකිනෙකාට ආර්ථිකයට එක්වීමට අවස්ථාව හිමිවෙනවා. එක් එක් පුද්ගලයා සතු ප්‍රාග්ධන ප්‍රමාණය වර්ධනය වන විට ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩවඩාත් උසස් වෙනවා. ඒ සමඟ ඊට දායකවන තවත් පිරිසකගේ ද ජීවන තත්ත්වය උසස් වෙනවා. ඔන්න   ඕක තමයි අපි කියන, අපි යෝජනා කරන පෞද්ගලීකරණය !

00000


ඉඩම් , දේපොළ සියල්ල රජය සතු වුණාම, ජනතා බදු මුදල් වියදම් කිරීමේ හැකියාව මත, ඒ ප්‍රමාණය මත අපේ ජීවිත සීමා වෙනවා. එතන අඩු පෝලිම් විතරයි. කියුබාවේ නම් ඒකත් තියෙනවා. ඒ තමයි ලස්සන වචන කියන අපේ විවේචකයන් ඔබට ඉදිරිපත් කරන ජීවිතය .  නමුත් රජය සතු ඉඩම් , දේපොළ ජනතාවට ලබාදී, ප්‍රාග්ධනයට නිදහසේ වර්ධනය වෙන්න දී,  ඔවුන්ගේ  ජීවිත වෙනස් කරගැනීමේ, ආර්ථික ක්‍රියාවලියට බද්ධ වී ව්‍යවසායකත්වය වර්ධනය කරගන්නට අවස්ථාව ලබාදීම තමයි අපි ඔබට ඉදිරිපත් කරන ජීවිතය.ඒකට පුද්ගලීකරණය කියලා කියනවා. ඒ අනුව ඉඩමේ අයිතිය අහිමි නමුත් රටේම කුස පිරවූ  ගොවියාට තම ඉඩමේ  සින්නක්කර අයිතිය ලබාදෙන, අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන 60 % ක බහුතරයේ සිටින නාගරික කුලී නිවාස හිමියාට සිය නිවසේ හිමිකම ලබාදෙන ලංකා ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණ ව්‍යාපෘතිය මේ වන විට දියත්කර තිබෙනවා. ඒ අතින් මේක විප්ලවවාදීන් අත්හළ විප්ලවීය වැඩක්. විප්ලවීය පෞද්ගලීකරණයක්.

 
(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk

[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...