The Leader News
BREAKING
Top Ad
Opinion

බංකොලොත් රටක ටයිටැනික් පිබිදීම...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 24, 2024 • 6:06 PM

බංකොලොත් රටක ටයිටැනික් පිබිදීම...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ රට බංකොලොත් බවින් මිදිලා කියල මේ 28 වෙනිදා රනිල් ප්‍රකාශයක් කරනවා සහ ඒ ප්‍රකාශය කරනකොටම රටේ හැම අස්සක් මුල්ලකම රතිඤ්ඤ පත්තුකරලා කිරිබත් කනවා කියන එක.
  • රනිල් කිව්වට බංකොලොත් බව අවසන් කියල එහෙම බංකොලොත් බව අවසන් වෙනවද කියන එක තමයි ඉත්තෑවන්ගේ ප්‍රශ්නය.
  • ඇත්තටම ගත්තම බංකොලොත් බව අවසන් වෙනවට කැමති නැති කුඩුකේඩු අවිඥාණයක් මෙතන වැඩකරනවා.
  • මේක තරමක් ආරම්භ උනේ 2023 අග විතර.
අකුරු ප්‍රමාණය (Font Size):

හදනවා. ඒක වෙනම ආතල් එකක්.

ඒ කියන්නේ රට බංකොලොත් බවින් මිදිලා කියල මේ 28 වෙනිදා රනිල් ප්‍රකාශයක් කරනවා සහ ඒ ප්‍රකාශය කරනකොටම රටේ හැම අස්සක් මුල්ලකම රතිඤ්ඤ පත්තුකරලා කිරිබත් කනවා කියන එක.


දැන් මේක රනිල් විසින් පටන්ගන්න දේශපාලන ජිමික් එකක් කියල කියන්න දේශපාලන ප්‍රවාහ දෙකක් (ජාතික ජන බලවේගේ සහ සමඟි ජන බලවේගේ) උත්සාහ කරනවා. හැම තැනම ඉත්තෑවෝ දුවනවා. රනිල් කිව්වට බංකොලොත් බව අවසන් කියල එහෙම බංකොලොත් බව අවසන් වෙනවද කියන එක තමයි ඉත්තෑවන්ගේ ප්‍රශ්නය.

ඇත්තටම ගත්තම බංකොලොත් බව අවසන් වෙනවට කැමති නැති කුඩුකේඩු අවිඥාණයක් මෙතන වැඩකරනවා.

හැබැයි මට අනුව මේක රනිල් පටන්ගත්ත එකක් නෙවෙයි.


මේක තරමක් ආරම්භ උනේ 2023 අග විතර. නත්තල කිට්ටු කරලා. සහ 2024 ජනවාරි පළවෙනිදා වගේ කාලෙක. ලංකාවේ මිනිස්සු ටිකක් විතර සාමාන්‍යකරණය වෙච්ච ලංකාවේ උත්සව සමරන්න ගත්ත එකත් එක්ක.

ඒක හයිප් එකකට ගමන්කළේ මෙවර 2024 අලුත් අවුරුද්ද එක්ක. ඒක කළේ අර කුඩුකේඩු පිරිමි ඇස්වලට වැලි ගහමින් ලංකාවේ පහල මැද පන්තියේ ගැහැණු. වගේම නිර්ධන පන්තියේ ගැහැණු.


පහල මැද පන්තියේ පිරිමි ලංකාවේ දේශපාලනයට දෙස් දෙවොල්  දෙමින්, සාපකරමින් ඉදිද්දී ගැහැණු ලස්සනට ඇඳලා පැලඳළ 'එක මිටට' තිලකවර්ධන එක ආක්‍රමණය කළා. කැන්ඩි එක ආක්‍රමණය කළා. ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එක ආක්‍රමණය කළා. කොටුවේ කඩේ ආක්‍රමණය කළා. තව තිබ්බ ලොකු පොඩි නෝ ලිමිට්, ෆැෂන් බග් කඩ ආක්‍රමණය කළා. පමුණුව ඊස් මීස් නැතුව ගියා.


රැවුල් කොන්ඩ වවාගෙන හැමදාම ලෝකෙට සාපකරපු පිරිමි හොල්මන් වෙන තරමට ගැහැණු මේ 'සාමාන්‍යකරණය' එක්ක එකතු උණා. අයිස් පර්වතයේ වැදුන ටයිටැනික් එක ගැන හිතන්නේ නැතුව උන් වෙළඳපළ නම් ජැක්ව වැළඳගෙන කාර් එක ඇතුලේ රමණය කළා.

කිරිබත්ගොඩ නම් පහළ පන්තියේ රෝගලක්ෂණයක් වන පොඩි ටවුම හරහා නුවර ඒසී යන්න බැරි නිසා උන් ආවේ කඩවත දක්වා හයිවේ එකේ. නැත්නම් අර කැළණි කැම්පස් එක අස්සෙන් එන හරස් පාරකින් දාල කිරිබත්ගොඩ බයිපාස් කරලා.

ඒ පිබිදීමේ හයිප් එක තමයි අවුරුද්දෙන් පස්සේ පිරිමි වෙසක් දන්සැල් වලට ගත්තේ. අර ගැහැණු ප්‍රයිඩ් රයිස් දන්සැල් හොඳට වන්දනා කළා. අයිස් ක්‍රීම් තොග පිටින් කෑව. පන්සලුත් ගියා.

ඒකම තවත් දිග්ගැස්සුනා පොසොන් ඒකට. කිලෝමීටරයට තුන ගානේ දන්සැල්. මිහින්තලේ සෙනඟ පොදියයි. මේ හයිප් එක කොච්චරද කියනවා නම් ඇත්තටම රනිල් ආණ්ඩුව ඒකෙන් අවදිවුනා. රනිලුත් ගිහිල්ල බැලුව මේක ඇත්තද කියල. නැත්නම් රනිල්ට ඕව ගැන මෙලෝ රහක් නැහැ කියල ඕනි කෙනෙක් දන්නවා.

ඒ නිසා ලංකාවේ මේ 'ටයිටනික් පිබිදීම' කලේ ජිවිතයට ආශාකරන ගැහැණු. උන් ඔය පැරිස් ක්ලබ්, අර ක්ලබ්, මේ ක්ලබ්, ඇඩ්වොකාටා, වෙරිටේ රිසර්ච්, සුනිල් හඳුන්නෙත්ති, සහ සමාජ සංචලනය ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැති කුහක හර්ෂ ද සිල්වා වගේ උන් ගැන සතපහකට මායිම් කළේ නැහැ. ඒ වයිබ් එක වෙනුවෙන් ලංකාවේ ගැහැණුන්ට මගේ උම්මා එක!


ඇත්තටම මේක රනිල් කරපු දෙයක් නෙවෙයි. ලංකාව නම් ටයිටැනික් එකේ ඉන්න රෝස්ලා කරපු දෙයක්. ගිලෙනවෝ ගිලෙනවෝ කියා කියා පිරිමි අඬ අඬ ඉන්නකොට උන් ෂොපින් ගියා. ඉන්න මොහොතේ හරි ජීවත්වෙන්න හැදුව. රනිල් කරේ ඒ හයිප් එක තමන්ගේ කරගත්ත එක. ඇත්තටම ඒක අයිතිත් රනිල්ට. ඒ නිසා ඒක එයා ගත්තට කමක් නැහැ.

ඉස්සරවෙලා ධනාත්මක වෙන්න ඕනි පැරිස් ක්ලබ් එක නෙවෙයි. අපි. අපි තමයි උත්සාහ කරන්න ඕනි මේ වලෙන් ගොඩඑන්න. පැරිස් ක්ලබ් එක ඒක අපිට කරලා දෙන්නේ නැහැ. ඒක අපිම කරගන්න ඕනි (හරියට යුද්දේ අපිට කවුරුවත් ඉවරකරලා දුන්නේ නැහැ වගේ).

 

ඒ වයිබ් එක මුලින්ම මේ පොළවේ හැදුවේ වැල නොකැඩී තිලකවර්ධන එකට ගිහිල්ල වියදම් කරපු අපේ ගැහැණු!

ගාමන්ට් යන ගැහැණු, විදේශයන් වල දහදිය හෙලන ගැහැණු, තේ දළු කඩන ගැහැණු, හම්බ කරන්නේ උන්. වියදම් කරන්නෙත් උන්. මේක උන්ගේ පොළොව.
ඉස්සරහදි ලංකාව කවුරු අතට යන්න ඕනිද කියල තීරණය කරන්නෙත් උන්....

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...