The Leader News
BREAKING
Top Ad
Opinion

තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා.... (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 26, 2024 • 1:25 PM

 තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා.... (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා.
  • මේ එකතුවෙලා තියෙන්නේ හරියටම දන්නේ නැති ආරංචියක් එක්ක.
  • ඒ නිශ්චිත ලෙස රනිල් නිසා නෙවෙයි.
  • ඇත්තටම තිබ්බ තැන ඉඳල දශමයක් හෝ අපි ගොඩඑන පැත්තට ඇවිල්ල ඉන්න හින්ද.
අකුරු ප්‍රමාණය (Font Size):

අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා. ඒ කියන්නේ ස්ලෝගන් එක මාකට්වෙලා.

හැබැයි තවත් දෙයක්. ඒ ස්ලෝගන් එක එක්ක රට නිකම් දෙකට බෙදෙනවා වගේ වෙලා තියනවා. හරියට ජනමත විචාරණයක හැඩහුරුකමක් එක්ක. මේක ඒ නිසා 'ගෝඨා ගෝ හෝම්' වගේම ඉහලින්ම මාකට් වෙච්ච ස්ලෝගන් එකක්. හැමෝම ඒ එක්ක එකතු උණා.

එක කට්ටියක් ඔව් ආරංචිය සුබයි කියනවා. අනික් අය මොන පිස්සුද මොන සුබයක්වත් නැහැ. සම්පුර්ණයෙන් අසුබයි කියනවා. මේ බුකියේ ජනමත විචාරණයෙන් නම් අසුබ පැත්තට කට්ටිය වැඩී. ඒක ලංකාවේ හැටි. අපි හිතමු ඒක තමයි බුකියේ ජනප්‍රිය රැල්ල කියල.

බුකිය නොවන ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මොකක් හිතයිද කියන්න තවමත් දන්නේ නැහැ.

කොහොම උනත් තවමත් ආරංචිය මොකක්ද කියන්න දන්නෙත් නැහැ. මේ එකතුවෙලා තියෙන්නේ හරියටම දන්නේ නැති ආරංචියක් එක්ක.

අනික දැන් හිතුවොත් මේක රනිල්ගේ කැම්පේන් එකේ කොටසක් කියල එහෙමනම් රනිල් තමයි සුබ ආරංචිය පැත්තේ ඉන්නේ. අනික් ඔක්කොම ඉන්නේ අසුබ පැත්තේ.

ඒ අනුව සියල්ල දෙකට බෙදෙනවා. රනිල් සහ රනිල්ට එරෙහි හැටියට. අතරමැද මොකුත් නැහැ.

මම වඩාත් කැමති සුබ පැත්තේ හිටගන්න. ඒ නිශ්චිත ලෙස රනිල් නිසා නෙවෙයි. ඇත්තටම තිබ්බ තැන ඉඳල දශමයක් හෝ අපි ගොඩඑන පැත්තට ඇවිල්ල ඉන්න හින්ද. සහ ඉතුරු ටික යන්න ධනාත්මක සිතුවිල්ලක් ඕනි නිසා.

වෙන ඕනෑම ආණ්ඩුවක් තිබ්බත් අවුරුද්දකින් පස්සේ එයාලටත් මෙහෙම කියන්න වෙනවා. නැත්නම් ආණ්ඩුකිරීමේ නෛතිකබව නැතිවෙනවා.

තිබ්බ තැන මට මතකයි. දැන් ඉන්න තැන මට දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා (ජනප්‍රිය නොවුණා වුනත්).

 

Mahesh Hapugoda

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා.... (මහේෂ් හපුගොඩ) | The Leader