The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල්ගේ මහා ලොකු ජයග්‍රහණය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

June 27, 2024 • 4:16 PM

රනිල්ගේ මහා ලොකු ජයග්‍රහණය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි රනිල් කියූ සියල්ල සැබෑය.
  • පෝස්ටර් නොඅලවා පරිසරය ලස්සන කිරීමට ගෝඨාභය ජනපති පෙන්වූ ආදර්ශය ගෝඨාභය විසින්ම පත් කළ “නූතන ප්‍රගතිශීලී තරුණ” ඇමතියන් විසින්ම අමු අමුවේ කෙලෙසා දැමීම විශාල ජයග්‍රහණයකි.
  • එය කෙතරම් ශුභද කියනවා නම් 30 වසරක සාපලත් යුද්ධය අවසන් කළ දවසේ මූණ පුළුටු කර ගෙන කළු කොඩි දාගෙන හිටි උන් පවා ඊයේ මහා රෑ කොළඹ පාරවල් දිගට කිරිබත් උයා පපරේ ගසා රතිඤ්ඤ පත්තු කළේය.
  • දැන් ජාත්‍යන්තරය අප දෙස බලන්නේ ඉතාම ශුභවාදීව බවට අපට කිසිම සැකයක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි රනිල් කියූ සියල්ල සැබෑය. පෝස්ටර් නොඅලවා පරිසරය ලස්සන කිරීමට ගෝඨාභය ජනපති පෙන්වූ ආදර්ශය ගෝඨාභය විසින්ම පත් කළ “නූතන ප්‍රගතිශීලී තරුණ” ඇමතියන් විසින්ම අමු අමුවේ කෙලෙසා දැමීම විශාල ජයග්‍රහණයකි.

jhdsf34

එම ආදර්ශය අගයමින් එදා තාප්ප පුරා චිත්‍ර ඇන්ද තරුණයන් පසුව කෝච්චිවලින් පැමිණ කළ සාහසික අරගලයෙන් පත් වූ රනිල් විසින්, බල්ලෙකුට බලන්න අප්පිරිය එම චිත්‍ර සියල්ල වැසෙන සේ ඔහුගේ ශුභාරංචි පෝස්ටරය ඇලවීම ඊටත් වඩා ජයග්‍රහණයකි.

 

ලංකාව වැනි රටක පෝස්ටර් නොඅලවා දේශපාලනය කරන්න සිතූ අප වැනි අයට රනිල්ගේ පුත්තු ටික ගැසූ කණේ පහර පංකාදුය. ලංකාවේ ඉන්නා නූගත් වැසියන්ට ගැලපෙන ආකාරයට පෝස්ටර් දේශපාලනය කරන හැටි මහේෂ් හපුගොඩ දාර්ශනිකතුමාගේ හෑල්ලෙන් අපි ඊයේ ඉගෙන ගත්තා. තැනක් යූ සෝ මච්!

බයිබලයේ ශුභාරංචිය කියෙව්වාට පසුව ඇසූ හොඳම ශුභාරංචිය ගෙනාවේ රනිල්ය. එය කෙතරම් ශුභද කියනවා නම් 30 වසරක සාපලත් යුද්ධය අවසන් කළ දවසේ මූණ පුළුටු කර ගෙන කළු කොඩි දාගෙන හිටි උන් පවා ඊයේ මහා රෑ කොළඹ පාරවල් දිගට කිරිබත් උයා පපරේ ගසා රතිඤ්ඤ පත්තු කළේය. ණය ගෙවාගන්න බැරි නිසා වාරික ගෙවීම කල් දා ගැනීම යනු සිතා ගන්න බැරි මහා විශාල ජයග්‍රහණයකි. එවැනි දැවැන්ත ජයග්‍රහණයක් ලැබීම වෙනුවෙන් මේ රටේ උන් හරි නම් දවස් හතක් පාටි දැමිය යුතුය. රනිල් සිය හෑල්ලේ කීවාක් මෙන් ණය කල් දා ගැනීම වැනි ශුභාරංචියකට සතුටු වෙන්න බැරි උන් මොකටද නේද!


ඒ සියල්ලටම වඩා වටින්නේ අරගලකරුවන් විසින් මිනිසුන් නිරුවත් කොට පාරවල් දිගට ඇදගෙන ගොස් දූෂණය කර පහර දී ඝාතනය කළ ආකාරයත්, නිවාස සහ වාහන ගිනිබත් කළ ආකාරයත්, ජනාධිපති මන්දිරයේ ඇඳ පුටු මත රිලවුන් මෙන් පනිමින් ස්විමින් පූල් එකේ සබන් ගා නා මළ පහ කළ ආකාරයත් ජාත්‍යන්තරයට පෙන්වා ලද ඒ විශිෂ්ට අරගලයේ ජයග්‍රහණය යටපත් කරමින් ණය ගෙවීම කල් දා ගැනීමේ දැවැන්ත ජයග්‍රහණය ජාත්‍යන්තරයට යෑමය. දැන් ජාත්‍යන්තරය අප දෙස බලන්නේ ඉතාම ශුභවාදීව බවට අපට කිසිම සැකයක් නැත.

sdfw45345


රනිල් සිය හෑල්ලේ කීවාක් මෙන් අනෙක් නායකයන් “ණය ගෙවන්නේ කෙසේද” කියා සිතමින් බය වෙන විට, රනිල් හිතුවේ “ණය නොගෙවා ඉන්නේ කොහොමද” කියාය! අන්න මොළ. රනිල් කීවාක් මෙන් පසුගිය 16 වතාවේම IMF වැඩසටහන අසාර්ථක වීම ගැන පුදුමයක් නැත. මන්ද මෙතෙක් සිටි ජනපතිවරුන්ට IMF එක කියන කියන පදේට නටන්න තරම් ශක්තියක් තිබුණේ නැති නිසාය. එය හරියටම නටන්නට මහා ධෛර්යක් තිබුණේ රනිල්ට සහ රනිල්ගේ පුත්තුන්ටය. අනෙක් නායකයන් රාජ්‍ය සම්පත් ඵලදායි කිරීමට හිතද්දී රනිල්ගේ පුත්තු සැලසුම් කළේ ඒවා විකුණා දැමීමටය. අන්න සැලසුම්! කොච්චර අමාරු වැඩද!

ඒ අනුව බලන කල රනිල් නමැති ඒ විශිෂ්ට නායකයා විසින් කළ මේ මහා හපන්කම ලක් ඉතිහාසයේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය නොවේ යැයි කිව හැක්කේ කාටද! 2022 ජූනි මාසයේ ඩොලර් බිලියන 80 ට තිබුණු ණය දැන් ඩොලර් බිලියන 100 ට වැඩි කරලා ණය ගෙවීම කල් දාගන්නවා කියන්නේ ලේසි පාසු වැඩක්ද! ඒකම ඇති නෙව රනිල්ව නැවත ජනාධිපති කරන්න… මොකද එතකොට අපි දන්නවා 2027 වසරේ ණය ගෙවන්න වුණාම රනිල් සහ රනිල්ගේ අති දක්ෂ පුත්තු ටික තව අවුරුදු කීපයකට ගෙවීම කල් දාගන්නවා. එහෙම කල් දදා ගියාම කවදාවත් ණය ගෙවන්න ඕන නැහැනේ! එතකොට අපිට හැමදාම ශුභාරංචි අහා අහා කිරිබත් කකා ඉන්නත් පුළුවන්. රනිල්ගේ මොළේට ගහන්න මොළයක් නැහැ කියලා රනිල්ගේ පුත්තු කියන්නේ ඒකයි... දිස් ඉස් පොලිටික්ස්.

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූනි 27
https://theleader.lk/featured/13743-eranda-ginige-2022-10-12-11-05-07

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...