The Leader News
BREAKING
Top Ad
Opinion

ඡන්දදායකයා නොමඟ යවන මත සමීක්ෂණ - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

June 30, 2024 • 8:19 AM

ඡන්දදායකයා නොමඟ යවන මත සමීක්ෂණ - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාලිකාකරුවන් මහජනයා ගැවසෙන බස් නැවතුම්පොළවල්වල, පොළ භූමිවලට ගොස් මතය විමසා ක්ෂණිකවම ප්‍රතිඵල නිකුත් කරනු ලබන මත සමීක්ෂණ රාශියක් හතු පිපෙන්නා සේ බිහි වී ඇති බව පෙනී යයි.
  • එසේම දිගටම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මත සමීක්ෂණයේ යෙදෙන Institute of Health Policy (IHP) ආයතනයේ වාර්තා මත පදනම්ව විදේශ මාධ්‍ය ආයතන පවා වාර්තාකරණයේ යෙදුණු නමුත් සමීක්ෂණ පැවැත්වීම පිළිබඳ අත්දැකීම් ඇති විද්වතුන් එම සමීක්‍ෂණය පවත්වන ආකාරය දැඩි ලෙස විවේචනයට ලක් කොට ඇත.
  • නියැදියට යොදාගන්නා පුද්ගලයන් ප්‍රමාණය 444 දෙනෙකු තරම් කුඩා ප්‍රමාණයක් වීම.
  • සමීක්ෂණයට භාජනය කරන පුද්ගලයන් දත්ත එනම් ආදායම් ප්‍රමාණය, අධ්‍යාපන තත්ත්වය, වාර්ගික පසුබිම වැනි විස්තර ද හෙළිදරව් නොකිරීම නිසා මෙම සමීක්ෂණය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවට විවේචන එල්ල වෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

නාලිකාකරුවන් මහජනයා ගැවසෙන බස් නැවතුම්පොළවල්වල, පොළ භූමිවලට ගොස් මතය විමසා ක්ෂණිකවම ප්‍රතිඵල නිකුත් කරනු ලබන මත සමීක්ෂණ රාශියක් හතු පිපෙන්නා සේ බිහි වී ඇති බව පෙනී යයි.

මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොළඹ කාර්යාලය (UNHCR) විසින් කරන ලද ලෙස හැඟෙන ලෙස පිටු කිහිපයකින් යුක්තව සකස් කරන ලද මත සමීක්ෂණයක් සංසරණය වු සිදුවීමක් එය ව්‍යාජ ලේඛනයක් බවටත් තම ආයතනය විසින් එවැනි සමීක්ෂණයක් සිදු නොකරන ලද බවටත් එම ආයතනය විසින් ප්‍රකාශ කිරීමෙන් අවසන් විය.

 

එසේම දිගටම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මත සමීක්ෂණයේ යෙදෙන Institute of Health Policy (IHP) ආයතනයේ වාර්තා මත පදනම්ව විදේශ මාධ්‍ය ආයතන පවා වාර්තාකරණයේ යෙදුණු නමුත් සමීක්ෂණ පැවැත්වීම පිළිබඳ අත්දැකීම් ඇති විද්වතුන් එම සමීක්‍ෂණය පවත්වන ආකාරය දැඩි ලෙස විවේචනයට ලක් කොට ඇත. නියැදියට යොදාගන්නා පුද්ගලයන් ප්‍රමාණය 444 දෙනෙකු තරම් කුඩා ප්‍රමාණයක් වීම. සමීක්ෂණයට භාජනය කරන පුද්ගලයන් දත්ත එනම් ආදායම් ප්‍රමාණය, අධ්‍යාපන තත්ත්වය, වාර්ගික පසුබිම වැනි විස්තර ද හෙළිදරව් නොකිරීම නිසා මෙම සමීක්ෂණය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවට විවේචන එල්ල වෙමින් පවතී.

සමීක්ෂණයක් පැවැත්වීමේදී World Association For Public Openion Research (WAPOR) ආයතනයේ නිර්ණායක අනුව එය පැවැත්වීමට ආධාර ලැබුණු ආකාරයද හෙළිදරව් කළ යුතුය. නමුත් අතීතයේ අපේ රටේ පැවැති මැතිවරණ සම්බන්ධ සමීක්ෂණ ද ඒ ඒ පක්ෂවලට සම්බන්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සිදු කරන ලද පක්ෂග්‍රාහී ඒවාය. රජයක් බලයට පත්වූ විට එම සමීක්ෂණ පැවැත් වූ ආචාර්යවරුන්ට විවිධ තනතුරු හිමි වී ඇත. 

 

මහ ඡන්දය යළිත් කොට්ඨාස ක්‍රමයට !මෙම සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ විශ්වාසනීයභාවය වර්තමානය වන දැඩි ලෙස බිඳවැටී ඇත. 
මැතිවරණ සමීක්ෂණ පැවැත්වීමේ ඉතිහාසය වසර සියයකට වඩා වැඩිය. නමුත් මෙම සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ විශ්වාසනීයභාවය වර්තමානය වන දැඩි ලෙස බිඳවැටී ඇත. 

2004 ඉන්දීය මහ මැතිවරණයේදී සියලුම මත සමීක්ෂණ භාරතීය ජනතා පක්ෂයේ නායක අතල් බිහාරි වජ්පායි මහතාගේ ජයග්‍රහණය බලාපොරොත්තු වූවත් කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළේය. එසේම මෙවර ලෝක්  සභා මැතිවරණයේදීද ඉන්දියාවේ සියලු සමීක්ෂකයන් මෙන්ම මාධ්‍ය ආයතන ද බලාපොරොත්තු නොවූ තරම් ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට ඉන්දීය විපක්ෂය වූ I.N.D.I.A සන්ධානය සමත් විය. එම සන්ධානය අපේක්ෂා කළ ප්‍රතිඵලයට වඩා ආසන සියයකට වඩා ලබා ගැනීම ඉන්දියාවේ මත සමීක්ෂණ පවත්වන හින්දු වැනි පුවත්පත්වලටත් NDTV වැනි මාධ්‍ය ආයතන වලටත් උපකල්පනය කිරීමට නොහැකි විය. මෙහි සුවිශේෂත්වය වන්නේ මැතිවරණයකදී ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසුව පැවැත්වූ  Exit Poll ප්‍රතිඵලද සම්පුර්ණයෙන්ම වෙනස් වීමයි. 

104177934 GettyImages 613698468ඩොනල්ඩ් ට්‍රම්ප් - හිලරි ක්ලින්ටන්

 

2016 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන් පරාජය කරමින් ජයගත්තේ ද, මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට 2016 වාසරේ පැවැති Brixit ජනමත විචාරණයේදීද සියලු මත සමීක්ෂණ ය වැරදුණි.

කෙසේ නමුත් මැතිවරණයකදී ප්‍රචාරණ සමයේ සමහර රටවල මත සමීක්ෂණ පැවැත්වීම තහනම් කොට තිබුණත් ලංකාවේ නීතිමය තත්ත්වය අනුව එවැනි සමීක්ෂණ කිරීමට බාධාවක් නොමැත. 

මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමේ දී එය අතිශය පෞද්ගලික කාර්යයක් සේ සලකා මැතිවරණයේදී ඡන්දය ලබාදීම බොහෝම ඡන්දදායකයන්ගේ සිරිතයි. 

 

ජනාධිපතිවරණය නොවැම්බරයේ !අවිනිශ්චිත මත සමීක්ෂණ වාර්තා මත පදනම්ව අනාගත දේශපාලන තීරණ ගැනීමට කටයුතු කළහොත් ?

මෙවැනි අවිනිශ්චිත මත සමීක්ෂණ වාර්තා මත පදනම්ව අනාගත දේශපාලන තීරණ ගැනීමට යම් දේශපාලකයෙක් කටයුතු කළහොත් ඉතා අවාසනාවන්ත දේශපාලන අනාගතයක් ඔහුට හෝ ඇයට හිමිවීමට බොහෝ ඉඩකඩ ඇත. 


සටහන :
Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) 
විධායක අධ්‍යක්ෂ
ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය
prasadrharischandra@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඡන්දදායකයා නොමඟ යවන මත සමීක්ෂණ - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර) | The Leader