The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රතිසංස්කරණය අධ්‍යාපනයටත් අවශ්‍යයි - ( සාගල රත්නායක)

T

The Leader Desk

June 30, 2024 • 11:18 AM

ප්‍රතිසංස්කරණය අධ්‍යාපනයටත් අවශ්‍යයි - ( සාගල රත්නායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත් ගමනක් යන්න පළමු පියවර තබමින් ඉන්න මොහොතක්.
  • මේ වන විටත් මේ ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා.
  • ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පුළුල් වෙනසකට ලක් කරන්න 1972 දී උත්සාහයක් ගත්තා.
  • ඒ අවුරුදු 50 කට පෙර පැවැති අධ්‍යාපනය එවකට පැවැතුන රැකියා වෙළඳපලට නොගැළපීම නිසා නවීකරණය කළ යුතු වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

අලුත් ගමනක් යන්න පළමු පියවර තබමින් ඉන්න මොහොතක්. සමාජ ආර්ථික සහ දේශපාලනික  වශයෙන් පැවැතුන වැරදි අඩුපාඩු හැම එකක්ම නිවැරදිව සකස් කරගෙන මේ අලුත් ගමන් යන්න වෙලා තියෙනවා. මොකද නැවත අනතුරක වැටෙන්න බැහැ. 

මෙතනදි වැදගත්ම ප්‍රතිසංස්කරණයක් තමයි මේ රටේ අධ්‍යාපන ක්‍රමය, මේ රටේ අනාගත සංවර්ධනයට සහ ලෝකය සමඟ සමගාමී ගමනක් යන්න සුදුසු තරමට වෙනස් කරගන්න එක.  

 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - දෙවැනි කොටසඅධ්‍යාපනය ගැන කතාකොළොත් අපි දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය වර්තමානයට ගැළපෙන්නේ නැහැ කියලා.

අධ්‍යාපනය ගැන කතාකොළොත් අපි දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය වර්තමානයට ගැළපෙන්නේ නැහැ කියලා. අධ්‍යාපනඥයන් සහ ඒ සම්බන්ධ විද්වතුන් නිතර පෙන්වලා දීලා තියෙනවා දශක තුනක්වත් පරණ අපේ අධ්‍යාපන ක්‍රමය අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ට ලක් නොවී එක තැන පල් වෙමින් තිබෙනවා කියලා. මේ තත්වයන් වෙනස් කරන්න වර්තමාන රජය උත්සාහයක යෙදී සිටිනවා. මේ වන විටත් මේ ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. කොහොමවුණත් මෙවැනි අධ්‍යපාන ප්‍රතිසංස්කරණයන් ගැන සාකච්ඡාවන් රටට අලුත් දේවල් නෙවෙයි. නිදහසෙන් පස්සේ අවස්ථා කිහිපයක්ම ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුණා. ඒ අනුව ප්‍රතිසංස්කරණයන් කරන්න උත්සහ කළා. නමුත් ඒ හැම මොහොතකම ඒ ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූ පමණින් සාර්ථක වුණේ නැහැ.

විශේෂයෙන්ම මේ ප්‍රතිසංස්කරණයන්ට එල්ල වුණු විරෝධයන් නිසා හැම ආණ්ඩුවකටම වගේ මේවා හකුල ගන්න සිදු වුණා. මේ ක්ෂේත්‍රය ලෙහෙසියෙන් වෙනස් කරන්න බැරි තත්වයක තියෙන්නේ. වෙනස් කරන්න දෙන්නේ නැහැ, මේක දේශපාලනික කාරණයක් කරගෙන ප්‍රතිසංස්කරණ වැළැක්වීම සිදුවුණා.

4pillars 1
යුනෙස්කෝ ආයතනය අධ්‍යාපනය ප්‍රධාන කුළුණු හතරක මත තබා විග්‍රහයක් කරනවා. සරලවල ඒ හතර වෙන්නේ විෂය දැනුම ලබා ගැනීම වෙනුවෙන් ඉගෙනගැනීම, යමක් කිරීමට ඉගෙනගැනීම, සහජීවනයෙන්  ජීවත් වීමට ඉගෙනගැනීම සහ පුද්ගල පෞර්ෂය ගොඩ නඟා ගැනීමට ඉගෙනගැනීම. 

 

වසංගතය පැහැරගත් අධ්‍යාපනයෙන් අවුරුද්දක් ගැන ආණ්ඩුවේ සැලකිල්ල නෑඅපේ රටේ අධ්‍යාපනය ලෝකයට නොගැළපෙන එකක් වෙන්නේ මේ දැනුම කේන්ද්‍රීය, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා.
නමුත් ලංකාවේ සිදුවන්නෙම මේ පළමු කාරණය වන විෂය දැනුම වෙනුවෙන් ඉගෙනගැනීම පමණයි කියන එක වැරදි නැහැ. තරඟකාරී විභාගවලට මුහුණ දීම අධ්‍යාපනයේ එකම අරමුණ වෙලා තියෙනවා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් තමයි අධ්‍යාපනයේ ජය ගත යුතු ඉලක්ක වෙලා තියෙන්නේ.  

අපේ රටේ අධ්‍යාපනය ලෝකයට නොගැළපෙන එකක් වෙන්නේ මේ දැනුම කේන්ද්‍රීය, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා. රටක සංවර්ධනය පුළුල් වෙන්න නම් අධ්‍යපනයේ වපසරියත් පුළුල් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ලෝකය පිළිගන්න ක්‍රමවේදය තමයි වසර දහයකට වරක්වත් අධ්‍යාපන ක්‍රමය, ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන කියන එක. නවීන ලෝකයට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරගන්න සමත් වුණොත් තමයි අධ්‍යාපනයේ නියම ප්‍රතිඵලය රටට ලැබෙන්නේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පුළුල් වෙනසකට ලක් කරන්න 1972 දී උත්සාහයක් ගත්තා. ඒ අවුරුදු 50 කට පෙර පැවැති අධ්‍යාපනය එවකට පැවැතුන රැකියා වෙළඳපලට නොගැළපීම නිසා නවීකරණය කළ යුතු වුණා. නමුත් එය සාර්ථක කරගන්න ලැබුණේ නැහැ. විවිධ සමාජ පංති බෙදීම් පදනම් කරගෙන විරෝධතා ආවා. එදා එම ප්‍රතිසංස්කරණයන් යම් තරමකට හෝ වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අදාළව පමණයි. එවකට පැවැති ආණ්ඩුව 1977 දී ලැබු මැතිවරණ පරාජයටත් මේ ප්‍රතිසංස්කරණ යෝජනා ප්‍රබල හේතුවක් වුණා.

 

old daysඅධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු විශාලම යෝජනාවලිය විදිහට 1981 දී එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව හඳුන්වන්න පුළුවන්.
පසුව 1979 දීත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ගෙනාවත් එයත් විරෝධතා මත හකුලගන්න සිද්ද වුණා. ඊට පස්සේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු විශාලම යෝජනාවලිය විදිහට 1981 දී එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව හඳුන්වන්න පුළුවන්. මේ යෝජනාවලිය සමාජයේ සෑම තරාතිරකම කොටස් සමඟ පුළුල් සංවාදයකට ගැනීමෙන් පසුව හොඳම යෝජනාවලියක් සකසන්න සැලසුම් කළත් ඊට එරෙහිවත් දැවැන්ත විරෝධයක් එල්ල වුණා. බොහෝ විරෝධයන්ට පදනමක් තිබුණෙත් නැහැ. ඒක හුදු දේශපාලනික විරෝධයක් බවට පත් වුණා.  

 

සාමාන්‍යයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට විරෝධය එල්ල වුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව හරහා. ඇතැම් විටෙක ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධයන් එල්ල වුණා. නමුත් මේ විරෝධයන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් තමන්ගේ පටු දේශපාලනික උවමනාවන් වෙනුවෙන් යොදා ගැනීම නිතර සිදු වුණා. ධවල පත්‍රිකාව නියමාකාරයෙන් සාකච්ඡාවකට නොගෙනම ඉවත් කිරීමට මේ නිසා සිදු වුණා. නමුත් පසුව ජාතික අධ්‍යාපන ආයතනය බිහි වීම, පොකුරු පාසල් ක්‍රමය ඇති වීම වැනි මෙහි යෝජනා කිහිපයක් රජය ක්‍රියාත්මක කළා. ධවල පත්‍රිකාවෙන් ශාස්ත්‍රාලීය, තෘතීක සහ වෘත්තීය අංශ තුනෙහිම ප්‍රතිසංස්කරණ යෝජනා කළේ අනාගත ලෝකයට ගැළපෙන විදිහට අලුත් ක්‍රමවේදයක අවශ්‍යතාවයත් එක්ක.
නමුත් අධ්‍යාපනය විකුණන්න හදනවාය, මුදලාලිකරණය කරන්න හදනවාය, නැති බැරි දුප්පත් ජනතාවට අධ්‍යාපනය අහිමි කරන්න යනවාය වගේ අභූත චෝදනා බොහොමයක් එදා කළා. 

 

මාතරට ත්‍රස්ත අවධානමක් නැහැ: 'ඇතැමුන් අනියත බියක් ඇතිකරන්න හදනවා' -  ජනාධිපති ලේකම්නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටකට අත්‍යාවශයි

 

නැවත 1990 දී තරුණ අසහන කොමිසම විසින් ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කළා. ඒ අතර ජාතික අධ්‍යාපන කොමිසම බිහිකර ගැනීම වැදගත්ම පියවරක්. මෙම කොමිසම මඟින් හැම අවුරුදු දහයකටම වරක් ප්‍රතිසංස්කරණ යෝජනා කර වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදෙනවා. නමුත් ඒ පළමු වාර්තාවේ සිටම මේ දක්වා එම යෝජනා කිසිවක් ඉටු කර නැහැ. අත්‍යාවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති නිවැරදි කරගන්න වුණෙත් නැහැ. 1995 දී ජනාධිපති කාර්යසාධක බලකායක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පත් කළත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විශාල විරෝධයක් මතු කරලා එයත් ක්‍රියාත්මක නොවෙන තැනට පත් කළා.

නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටකට අත්‍යාවශයි. මොකද ලෝකයේ දැනුම වෙනස් වෙනවා. ඒ වෙනස්වීම් අනුව අපි වෙනස් වෙන්න ඕන. උදාහරණයකට කිව්වොත් 2000 වසරේදී තිබුණු රැකියාවන් ඊට වසර 10 කට පස්සේ සියයට 60 කින් විතර වෙනස්වීමකට ලක් වුණා. මේ වෙනස්වීම් භාරගන්න අලුත් පරම්පරාව අධ්‍යාපනිකව සූදානම්කර නොතිබුණොත් අපිට මුහුණදෙන්න වෙන්නේ බරපතල පරාජයකටයි. අද ඩිජිටල් තාක්ෂණය, කෘතිම  බුද්ධිය වැනි නව තාක්ෂණය සමඟ ලෝකයේ රැකියා වෙනස් වෙන්න අරගෙන. බොහෝ පිරිසකට තමන් කරමින් සිටි රැකියා අහිමි වීමේ විශාල අනතුරක් නිර්මාණය වෙලා. ඒක රටක ආර්ථිකයටත් බරපතල ප්‍රශ්නයක් වෙනවා. 

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව : ඉල්ලකය වරදවාගත්, අදමිටු, අසම්පුර්ණ  ලියවිල්ල - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)පරණ ක්‍රමයට අලුත් ගමන යන්න බැහැ. 

 

එහෙම නොවෙන්න නම් මේ නව අවස්ථාවන් ජය ගැනීමට අලුත් දැනුම, වෘත්තීය හැකියාවන් ආදිය අධ්‍යාපනයට එකතු විය යුතුයි. පරණ ක්‍රමයට අලුත් ගමන යන්න බැහැ. ලංකාවට මේ වෙනස්කමේ උවමනාව තියෙනවා. හැමෝම ඒ ගැන ඕනෑ තරම් කතා කරනවා. ඒත් පටු දේශපාලන උවමනාවන් මත සිදුකෙරෙන ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරී මැදිහත්වීම්, මෙම අධ්‍යාපන වෙනස්කම් යථාර්තයක් බවට පත් කරගැනීම එල්ල වන බාධාවක් වෙලා තියෙනවා.

කොහොම වුණත් මේ රට ඉදිරියට ගොඩ නගන්න නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. නවීකරණය විය යුතුයි. හැමකෙනෙක්ම වගේ ඊට එකඟත්වයකින් යුතුව දායකත්වය සැපයිය යුතුයි. එහෙම නැතුව පටු පාර්ශවිය උවමනාවන් ගැන පමණක් සලකලා කටයුතු කළොත් අපිට රටක් විදිහට අපේ අනාගත පරපුර නිසි තැනට යොමු කරන්න අපහසු වෙන බව, අපි රටක් විදිහටම පරාජය වෙන එක, පසුගාමී වෙන එක වැළක්විය නොහැකි බව අපි මේ මොහොතේ හෝ තේරුම්ගත යුතුමයි.

 
සාගල රත්නායක
එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]
 
සබැඳි ලිපි
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රතිසංස්කරණය අධ්‍යාපනයටත් අවශ්‍යයි - ( සාගල රත්නායක) | The Leader