The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් රැවටීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 1, 2024 • 11:57 AM

රනිල් රැවටීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් මෙවර වෙන්නේ රනිල්ගේ පුත්තු විසින් රනිල්ව රැවටීමය.
  • මහපොළොවේ යථාර්ථය වසා බොරු චිත්‍රයක් මවා පෙන්වූ බව දැන් පැහැදිලිය.
  • නමුත් ජාතික මතවාදය වෙනුවෙන් මේ රටේ තිබෙන එකම සැබෑ දේශපාලන කඳවුර වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැවටීමට අප විරුද්ධය.
  • අපේ පක්ෂයට එය විශාල පාඩුවක් වන බව දැන දැනම එය කළේ “පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට” යන මහින්ද චින්තනය පෙරදැරිවය. රනිල්ව රැක ගන්න මේ තරම් දඟ දාන ඔය පුත්තු ටික එදා ගෝඨාභය ජනපතිව රැක ගන්න මොනවද කළේ?
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් මෙවර වෙන්නේ රනිල්ගේ පුත්තු විසින් රනිල්ව රැවටීමය. හා හා පුරා කියා මාතරදී පැවැත්වූ සිය ජනපතිවරණ මංගල රැළියට සෙනග ගෙනැවිත් තිබුණේ කොළඹ වතුවලිනි. එසේ ගෙනැවිත් තිබුණු අය තමන්ව මාතර වෙරළ තීරයට trip එකක් ගෙනාවට ස්තුති කරන වීඩියෝවක් viral වෙමින් තිබේ. අභිමානවත් මාතර ජනතාවට මෙහෙව් නව නින්ගිරාවක් මීට පෙර කිසිවෙකුත් විසින් කර නැත.

එහෙම බස්වලින් ඇදලත් හිටියේ දහසකට අඩු සෙනගකි. සෙනගට වඩා ලොකුවට වේදිකා තනා තිබිණි. තාත්තාගේ සල්ලි නාස්ති කරන පුත්තු ටික අඩුම තරමින් එම වේදිකා ටිකවත් නිර්මාණශීලීව සකසා තිබුණේ නැත. කිසිදු විශේෂත්වයක් තිබුණේ නැත. රැළිය සම්පූර්ණයෙන්ම අසාර්ථකය.

 

ඇමතිවරුන් දිව්රුම්දීම අද: මෛත්‍රීට ඇමතිකමක් නොලැබෙන ලකුණු!

ඔය පුත්තු ටික ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාවත් රැවටූ ආකාරය දැන් සියලු දෙනාටම පැහැදිලිය. මහපොළොවේ යථාර්ථය වසා බොරු චිත්‍රයක් මවා පෙන්වූ බව දැන් පැහැදිලිය. ගෝඨාභය මහතා හිතුවේ ඔවුන් සැබැවින්ම රටට ආදරය කරන උගත් බුද්ධිමත් තරුණ නායකයන් කියාය. ඔවුන්ට රාජ්‍ය ඇමතිකම් දී ගැසට් එකකින්ම අමාත්‍යංශ සහ ආයතන පැවරුවේ අවංකව ඔවුන්ට අවස්ථාවක් දීමටය. කිසිදු ඡන්ද පදනමක් නැති අලි සබ්‍රිට අධිකරණ ඇමතිකම පවා දුන්නේය. පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රීවරුන් ගෝඨාභය ජනපති සමග අමනාප වීමට ප්‍රධාන හේතුවක් වුණේ එයයි. අන්තිමට ඔවුන් ගෝඨාභයටත් පිටුපා පක්ෂයටත් පිටුපා ජාතික ප්‍රතිපත්තිවලටත් පිටුපා රනිල්ගේ ඔඩොක්කුවේ නැළවෙමින් රටේ සම්පත් විකුණමින් රනිල්ගේ සාක්කුවට විදියි.

රනිල්ව රැවට්ටුවාට නම් අපිට කමක් නැත. නමුත් ජාතික මතවාදය වෙනුවෙන් මේ රටේ තිබෙන එකම සැබෑ දේශපාලන කඳවුර වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැවටීමට අප විරුද්ධය. පොහොට්ටු නායකයන් විසින් රනිල්ව අගමැති කළේ කැමැත්තකින් නොවේ. ජනපති කළේත් කැමැත්තකින් නොවේ. ඒවා කළේ ඒ අවස්ථාවේ රාජ්‍යය රැක ගැනීමටය. එයින් අදහස් කරන්නේ රනිල් විසින් රාජ්‍යය රැක්කා කියා නොවේ. එයින් අදහස් කරන්නේ රනිල්ව පත් කිරීමෙන් රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණය නැවතුණා කියා පමණී. ලේ වැගිරීමකින් තොරව රාජ්‍යය බේරා ගැනීමට වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. අපේ පක්ෂයට එය විශාල පාඩුවක් වන බව දැන දැනම එය කළේ “පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට” යන මහින්ද චින්තනය පෙරදැරිවය. 

 

මැයි 9 වැනිදා සිද්ධියට ශවේන්ද්‍ර ඇතුළු 18කට නොතීසි
රනිල්ව රැක ගන්න මේ තරම් දඟ දාන ඔය පුත්තු ටික එදා ගෝඨාභය ජනපතිව රැක ගන්න මොනවද කළේ? අගමැති මහින්දව රැක ගන්න මොනවද කළේ? පොහොට්ටුවේ මිනිස්සු රැක ගන්න මොනවද කළේ? මැයි 9 වැනිදා පොලිසිය බාරව හිටියේ කවුද? QR code එක ප්‍රමාද කළේ කවුද? ණය ගෙවන්නේ නැහැ කියලා ප්‍රකාශ කළේ කවුද? අද ඔවුන් ඉන්නේ කොතනද?

ගෝඨාභය ජනපතිට අප මුල සිටම මහපොළොවේ සත්‍යයම පෙන්වා දුන්නෙමු. රනිල්ට වුණත් අප පෙන්වන්නේ මහපොළොවේ සත්‍යය පමණී. මාතර රැළියෙන්ම ඒ සත්‍යය තේරුම් ගන්නවා නම් යහපති. සිවිල් වැසියෙකුට චණ්ඩි පාර්ට් දැමූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අද බරපතල වැඩ ඇතිව බන්ධාගාර ගත කර තිබෙන බවත් අවසාන වශයෙන් මතක් කරමු. ධර්මය ඔබට මග වේවා!

රනිල්ගේ මහා ලොකු ජයග්‍රහණය - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූලි 1 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...