රනිල් වික්‍රමසිංහගේ ගුණ වයන එවැනි කතාවක් මීට පෙර අප අසා නැත. එජාපයේ කිසිවෙකුවත් ඉතිහාසයටම ඒ තරම් සිය නායකයාගේ ගුණ කියා නැත. අඩුම තරමින් වජිර අබේවර්ධනවත් ඒ තරම් කඩේ ගොස් නැත. අවුරුදු 75 ක සිය ජීවිත කාලයටම රනිල්වත් තමන් ගැන එහෙම වර්ණනාවක් මින් පෙර අසා නැතිවාට සැක නැත. එය අසා සිටි පොහොට්ටුවේ පාක්ෂිකයන්ට පවා සිතෙන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහ යනු ලක් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ටතම ජන නායකයා කියාය.
ගියවර දිලිත් ජයවීර කීවේ “සාටකය ගලවනවා” කියාය. මෙවර කාංචන විජේසේකර කියන්නේ “පොහොට්ටුවේ පළු ගලවනවා” කියාය. ඒ වගේම ඔහු කියන්නේ දැන් “කුරහන් පාට” වැඩක් නැහැ කියාය. ඒ වගේම ඔහු කියන්නේ “පක්ෂවලින් ඉවත් වෙන්න ඔහු සහ ඔහුගේ සගයන් බය නැහැ” කියාය. ඒ තර්ජනාත්මක අදහස පැහැදිලිය. මහින්ද රාජපක්ෂ විසින් නිර්මාණය කළ ජාතික දේශපාලන ව්‍යාපාරය මේ මහපොළොවෙන් ගලවා දැමීමේ සැලැස්මේ තවත් පියවරක් මාතරින් දියත් කර තිබේ.

කාංචනගේ කතාවට ෆේස්බුක් එකේ නම් ජනතාව පිළිතුරු දී තිබේ. ඒ විශිෂ්ට කතාව ඇසූ ඇතැමෙක් මට කීවේ “මැස්සෙක් ගිය උඩ” කියාය. නමුත් මා එසේ සිතන්නේ නැත. “පොහොට්ටුවේ පළු ගලවන” ව්‍යාපෘතිය ඉතා ශක්තිමත් එකකි. එය පිටුපස බෙදුම්වාදී කොටි ඩයස්පෝරාව සිටී. එය පිටුපස ප්‍රබල බටහිර රටවල දේශපාලන පක්ෂ සිටී. එය පිටුපස කොළඹ ප්‍රභූ පැලැන්තිය සිටී. එය පිටුපස මුස්ලිම් අන්තවාදීන් සිටී. එය පිටුපස කතෝලික පල්ලිය සිටී. එය පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ සිටී.
මේ දියත් වන්නේ අරගලයේ දෙවන අදියරය. උන්ම කප්පරක් ණය අරගෙන, උන්ම නොගෙවා ඉඳලා, උන්ම ගෙවීම කල් දාගෙන, උන්ම පාටි දානවා… උන්ම පෝලිම් හදලා, උන්ම පෝලිම් නවත්තලා, උන්ම ඒ ගැන වර්ණනා කර ගන්නවා… උන්ම විදුලිය කපලා, උන්ම විදුලි බිල වැඩි කරලා, උන්ම විදුලිය දීලා, උන්ම ඒ ගැන පම්පෝරි ගහනවා… උන්ම සෙනග ගෙන්වලා, උන්ම ගස්සවලා, ගෙවල් ගිනි තියවලා, උන්ම ඒවා නවත්තලා, දැන් ඒවා පෙන්න පෙන්න ජනතාව බය කරනවා…

අනුර කුමාර හදන්නේත් පොහොට්ටුවේ පළුවක් ගලවා ගන්නටය. සජිත් ප්‍රේමදාස හදන්නේත් පොහොට්ටුවේ පළුවක් ගලවා ගන්නටය. දිලිත් ජයවීර සහ විමල් වීරවංශ හදන්නේත් පොහොට්ටුවේ පළුවක් ගලවා ගන්නටය. කාංචන විජේසේකර කියන්නේත් ඔහු පොහොට්ටුවේ මහා පළුව ගලවා ගන්නා බවය. හැමෝම පොහොට්ටුවේ පළු ගලවා ගත් විට පොදු ජන පෙරමුණේ සැබෑ පාක්ෂිකයා වෙනුවෙන් නටුව හරි ඉතුරු කරපල්ලා.
මීනු විසින් ඒවා තිබූ කවියකින් අවසන් කරමි.
හබකර මාතරින් පැන පිට
පළු ගලවමි කියා පියුමට
නැගී වයසක ඇතෙකු පිට
ආවේය මීයෙක් වෙරි පිට
ධර්මය අපට මග වේවා!
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 ජූලි 2



