The Leader News
BREAKING
Top Ad
Opinion

තියෙන්න ඕන තැනට වැඩ කරනවා ! - මහේෂ් හපුගොඩට ප්‍රතිචාරයක්..

T

The Leader Desk

July 2, 2024 • 4:38 PM

තියෙන්න ඕන තැනට වැඩ කරනවා ! - මහේෂ් හපුගොඩට ප්‍රතිචාරයක්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පණිවිඩ කාරයා වෙච්ච එක දැකලා මහේෂ් සර්ගේ ලිපි කියවපු හුඟක් ' වාම ' මිතුරන් කලබලයට පත් වෙලා.
  • ඔය ඔහොම වෙච්ච පලවෙනි අවස්ථාව නොවන බව මහේෂ් සර් ගේ හැම ලිපියක්ම වාගේ කියවලා තියෙන මම දන්නවා.
  • හැබැයි ඔය මහේෂ් සර් කියපු ' තිබ්බ තැනට වඩා දැන් තියෙන තැන හොඳයි ' කියන කතාව කොතරම් දුරකට ඇත්ත ද ?
  • ඇත්තටම කිව්වොත් රාජපක්ෂ පාලන සමයේ පෝලිම් වල රස්තියාදු උන එක වගේ ඒවා දැන් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

පණිවිඩ කාරයා වෙච්ච එක දැකලා මහේෂ් සර්ගේ ලිපි කියවපු හුඟක් ' වාම ' මිතුරන් කලබලයට පත් වෙලා.

පෞද්ගලිකව ගත්තම මට නම් ඒකේ අමුතුවෙන් කලබල වෙන්න දෙයක් නෑ. මොකද මහේෂ් හපුගොඩ කියන්නේ මේ වෙනකම් එහෙම එක පැත්තකට අයිති වෙලා හිටිය කෙනෙක් නෙවෙයි නේ. මීට කලින් අනුර ගැන පෝස්ට් එකක් දැම්මම ඒකට ඌයියා වෙලා මහේෂ් හපුගොඩව පතුරු ගැසු රනිල්වාදීන් අද මහේෂ්ව තම පලිහ කරගෙන. ඒ වගේම එදා ඒ පෝස්ට් එකට love react දාපු මා නියෝජනය කරන දේශපාලන කඳවුරේ සහෝදරවරුන්ට අද මහේෂ්ව නයාට අඳුකොල වගේ වෙලා. ඔය ඔහොම වෙච්ච පලවෙනි අවස්ථාව නොවන බව මහේෂ් සර් ගේ හැම ලිපියක්ම වාගේ කියවලා තියෙන මම දන්නවා. ඒ නිසා මේ මොහොත ගැන මම පුදුම වෙන්නේ නෑ.

හැබැයි ඔය මහේෂ් සර් කියපු ' තිබ්බ තැනට වඩා දැන් තියෙන තැන හොඳයි ' කියන කතාව කොතරම් දුරකට ඇත්ත ද ?

ඇත්තටම කිව්වොත් රාජපක්ෂ පාලන සමයේ පෝලිම් වල රස්තියාදු උන එක වගේ ඒවා දැන් නෑ. ඒක ඇත්ත. ඒ වගේම ඒක හොඳයි. හැබැයි ඒ කියන්නේ රනිල් ඇත්තටම මේ අර්බුදය ට විසඳුම ද ? නැත්නම් රනිල් මේ අර්බුදය විසඳුවාද ?

රනිල් බලයට පත් වන්නේ අර්බුදය ට විසඳුම විදියට කියලා කවුරු හරිම හිතනවා නම් ඒක දේශපාලනික මුලාවක් පමණයි. රාජපක්ෂලාගේ බලය බිඳ දමමින් සමාජයේ පැවැති අර්බුදය ඔස්සේ රනිල් - රාජපක්ෂ පැලැන්තිය අර්බුදයකට යාමේ දී එම පැලැන්තිය අර්බුදය ට යාම වැලැක්වීමේ උත්තරය විදියට යි රනිල් එන්නේ. අද ඔය රාජපක්ෂලා කිව්ව ට සජිත් ට බලය ගන්න කතා කරා කියල ඇත්තටම රාජපක්ෂලාගේ සැලසුම උනේ රාජපක්ෂ පවුලේ දේශපාලනික හිතවතා වෙච්ච රනිල්ට බලය මාරු කරවීමයි. ඒ රාජපක්ෂලාට සජිත් අවිශ්වාස නිසා නොව සජිත්ට වඩා රනිල් ව රාජපක්ෂලාට විශ්වාසදායි නිසාය. බලය ලැබුනාට පසු රනිල් මේ දක්වාම කරේ තම පැලැන්තිය අර්බුදය ට යාම වැලැක්වීමට සමාජය තුල අනිවාර්යෙන්ම සිදු කල යුතුව තිබූ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමයි.

රනිල්ට ඇත්තටම මේ රටේ මිනිස්සු ගැන කැක්කුමක් සංවේදනයක් තිබ්බා නම් තම පැලැන්තියේ ගජමිතුරන් බදු දැලෙන් රිංගවා සාමාන්‍ය ජනතාව අසිමාන්තිකව බදු වලින් සිර කරවන්නේ නැත. නමුත් සිදු වූයේ පොඩි එකාගේ පෑනට පැන්සලට පවා බදු ගැසීමය. ඉතින් මේ තාක් කාලයක් රනිල් සිදුකලේ තම පැලැන්තිය රැක ගැනීමට අවශ්‍ය වන කරන පියවරයන් පමණක් වන අතර මා ඉපදුන දා සිටම පාර්ලිමේන්තුව නියෝජනය කර යම් අවස්ථාවල ආණ්ඩු පවා කෙරෙවූ රනිල් තම පැලැන්තිය බේරා ගැනීමෙන් එහාට යමක් කරයි යැයි සිතිය හැක්කේ කුසගින්නට විසඳුම පාන් පෙත්තක් සිහිනයෙන් දැකිමය කියලා හිතන 'සුබ' සිහින දකින්නට පමණය.

තිබ්බ තැන මතකයි. ඉන්න තැන පේනව. තියෙන්න ඕන තැන දන්නව. ඒ නිසා ඒ තියෙන්න ඕන තැනට වැඩ කරනවා !

(සුදීප පී. විජේසේකර)
[උපුටා ගැනීම - සුදීප පී. විජේසේකර ගේ ෆේස්බුක් පිටුවෙන් ..]

සබැඳි ලිපිය :

තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා.... (මහේෂ් හපුගොඩ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තියෙන්න ඕන තැනට වැඩ කරනවා ! - මහේෂ් හපුගොඩට ප්‍රතිචාරයක්.. | The Leader