සභාපතිවරයෙකු වගේම ලක්සම්බර්ග් හිටපු අගමැතිවරයෙකු වුනු ජින් ක්ලෝඩ් ජන්කර් විසින්.
ජන්කර්ගේ මේ ප්‍රකාශයේ සරල තේරුම "අපි හැමෝම දන්නවා කරන්න ඕන දේ, නමුත් අපි එය කළ පසු නැවත ජන්දයෙන් තේරී පත් වන්නේ කෙසේදැයි අපි නොදනිමු" යන්නයි. බොහෝ වෙලාවට දේශපාලනඥයන් ජනතාව කැමති දේ, ජනප්‍රිය දේ කරන්නේ මේ නිසා වෙන්න පුළුවන්.
මම හිතන විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ ජන්කර් කියන ආකාරයේ දේශපාලනඥයෙක්. ඉතිහාසය පුරා ඔහු නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි, නිවැරදි ප්‍රතිපත්තිය රට හමුවේ තබපු , ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. නමුත් ලංකාවේ 1994 සිට 2019 දක්වා කාල වකවානුවේ සිදුවූ දේශපාලන සිදුවීම් අනුව ජන්කර්ගේ කියමන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අදාළ බව තහවුරු කෙරෙනවා.

2015-2019 ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස රාජ්‍ය ආදායම ඉහළ දැමීම වෙනුවෙන් බොහොම සංවේදී වුණා. මම එවකට මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13% දක්වා ඉහළ දැමීමට අවශ්‍ය පදනම සකස් කළා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශක වල B මට්ටමේ ඉන්න නම් ඒ රටේ රාජ්‍ය ආදායම ද.දේ.නි 12% ට ඉහළින් තබාගත යුතුයි. රාජ්‍ය ආදායම ද.දේ.නි 13%ක් වීමත් සමඟ ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ලංකාව ඔවුන්ගේ දර්ශක වල B දක්වා ඉහළට ගෙනාවා. කොහොම නමුත් ඒ අවස්ථාවේ අපිට දේශපාලන විවේචන ආවේ බදු ගහනවා කියලයි. බදු වලින් රට හදන්න යනවා කියලයි. 2019 බලයට පත් ගෝඨාභය ජනාධිපති Payee tax වගේම Vat අඩු කළේ ඔවුන් එහෙම නොවන බව පෙන්නන්න වෙන්න පුළුවන්.
2019 බලයට පත් ගෝඨාභය ජනාධිපති Payee tax වගේම Vat අඩු කළේ ඔවුන් එහෙම නොවන බව පෙන්නන්න
නමුත් එහිදී රාජ්‍ය ආදායම හැකිළුණා. රාජ්‍ය ආදායම ද.දේ.නි 8% ක් දක්වා පහත වැටුණා. ඉතින් ඒ සමඟ අපි ක්‍රමයෙන් එම ශ්‍රේණිගත කිරීම් දර්ශක වල පහතට වැටුණා. ඒ අවස්ථාවේ ඉදිරියේදී රට හමුවේ බරපතළ ආර්ථික අවධානමක් ඇති බව මා සඳහන් කළා. ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂකයන් ගණනාවක් ඒ බව පෙන්වා දුන්නා. නමුත් අපි නිවැරදි බව ඔප්පු වෙන්න, මිලියන 22ක ජනතාවක් සමඟ ආපසු පෝලිම් යුගයකට යන්න වුණා.
වී.අයි. ලෙනින් කියනවා, "සමහර දශක තියෙනවා කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැති. ඒ වගේම සමහර අවුරුදු තියෙනවා දශක ගණනාවක දේවල් සිද්ධ වෙනවා" කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ ගතවූ දෙවසරත් අන්න ඒ දශක ගණනාවක දේවල් සිදුකළ වකවානුවක්. මොකද සෑම අංශයකින්ම කඩා වැටුණු රටක් ගොඩනගන්න පහසුවෙන් බෑ. විශේෂයෙන් ගත්ත ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් පිළිගත්තට පස්සේ, තත්ත්වය අතිශය බරපතළයි. ඒ නිසා තත්ත්වය ආපසු හැරවීමට බොහෝ පියවර ගන්න සිදුවුණා.
ඇත්තටම අපිට තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක් වගේ ඉතා කුඩා ඩොලර් ආර්ථිකයක්. මේ ආර්ථිකය ප්‍රසාරණය කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම තවත් අවුරුදු කිහිපයක් යන තැන යළිත් අර්බුදයට ඇද වැටෙනවා. ඒ වැටීම 2022දී ඇද වැටුණු ශාපලත් ආර්ථික ආඝාධයට වඩා දරුණු බව ප්‍රතික්ෂේප කළ හැක්කේ මුග්ධයෙකුට පමණයි. අන්න ඒ නිසයි, දැඩි ප්‍රතිසංස්කරණ සහිත වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයා යුතු බව අවධාරණය කළ යුත්තේ. තමන් බලයට පැමිණියොත් දෙන ජනතා සහන ගැන, සීනි බෝල ලොසින්ජර් කතා දසත පැතිරෙන මේ වගේ කාල වකවානුවක මේ කතාව යළි යළි කීවත් වැඩි නොවන බව මා විශ්වාස කරනවා.
ආදායම් වැඩි කරගත යුතුයි. වියදම් වලට ඉහළින් ආදායම් තබාගත යුතුයි
මේ අන්ත්‍රාවෙන් මිදෙන්න නම් ආදායම් වැඩි කරගත යුතුයි. වියදම් වලට ඉහළින් ආදායම් තබාගත යුතුයි. එහිදී තිබෙන ඉතිරිය ආයෝජනය කර තවදුරටත් අදායම් වර්ධනය කරගත යුතුයි. ආර්ථික ප්‍රතිපත්තිය ධනවාදී ද, සමාජවාදීද, මිශ්‍ර ද යන්න මෙතැනදී අදාළ නෑ.
අපිට ආර්ථිකය ප්‍රසාරණය කරගන්න බැරිවෙලා තියෙන්නේ ආදායමට වඩා වියදම් වැඩි නිසා. ඉතුරුවක් නැති නිසා. වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ වරප්‍රසාද, "ඉල්ලන සහ දෙන්න පොරොන්දු වෙන" කවුරුත්, ඒ සඳහා වන වියදම් උපයාගන්නා ක්‍රමවේදය ගැන සංවේදී නෑ. මේ හමුවේ අඬන්නද හිනා වෙන්නද කියලා හිතාගන්න බැරි කාරණය වෙන්නේ, මොවුන් සියලු ආකාරයේ බදු අයකිරීම් වලටද විරුද්ධ වීමයි. විශේෂයෙන් සෘජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමට පවා ඔවුන් විරුද්ධයි. මේ පැරඩොක්ස් එක ඉතිහාසය පුරා අපි කරේ තබාගෙන ඇවිත් තිබෙනවා. ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අහන විට ඉතිහාසය පුරා දැන දැන සිදුකල වරද තවදුරටත් කරගෙන යන්න තිබෙන සූදානම පෙන්නුම් කරනවා.
ඒ නිසා මේ ආයෙත් වටයකින් මිලියන 22 ක ජනතාවක් සමඟ රට දරුණු ආර්ථික ආඝාධයකට ඇද දමන්න කැසකවන, වත්මන් වැඩපිළිවෙල ආපසු හරවන්න යෝජනා කරන උදවියගෙන් මෙහෙම අහනවා. ඔබලා පවසන ඊනියා සහන මළු බෙදන්න වියදම් සපයා ගන්නේ කොහොමද ? හොඳින් නිරීක්ෂණය කළොත් අත්දැකිය හැකි දේ තමයි මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනය කරන කිසිවෙකුටත්, මේ මොහොතේ ප්‍රශ්න විසඳීමට අදාළව හෝ කිසිම වැඩපිළිවෙලක් නැති බව. විකල්පයක් ඉදිරිපත් කරන්නේද නැති බව. ඔවුන් හුදු ජනප්‍රියවාදී වචන ගොඩවල් පමණයි.
මේ රටේ ආර්ථික අවධානමක් සහිත පිරිස රැකගැනීම වෙනුවෙන් අස්වැසුම ලබාදී තිබෙනවා. ඊට සමෘද්ධියට වඩා තුන් ගුණයක් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ වගේම සමෘද්ධිය දුන්නේ ලක්ෂ 14 කට වුවත් අස්වැසුම ලාභීන් ලක්ෂ 20ක් වනවා.
නමුත් ආර්ථික දත්ත වෙත අවධානය යොමුකළහොත් මේ වන විට රටේ ආර්ථිකය 2018 වසරේ තිබූ තැනට ගෙනවිත් තිබෙනවා. අඩුවක් තිබෙන්නේ පෞද්ගලික වාහන ආනයනය නොකිරීම පමණයි. ඒ වගේම මේ රටේ ආර්ථික අවධානමක් සහිත පිරිස රැකගැනීම වෙනුවෙන් අස්වැසුම ලබාදී තිබෙනවා. ඊට සමෘද්ධියට වඩා තුන් ගුණයක් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඒ වගේම සමෘද්ධිය දුන්නේ ලක්ෂ 14 කට වුවත් අස්වැසුම ලාභීන් ලක්ෂ 20ක් වනවා. උරුමය හරහා ජනතාව දේපොළ හිමියන් බවට පත්කරමින් සිටිනවා. ග්‍රාමීය ජනතාව සින්නක්කර ඉඩම් ඔප්පු හිමියන් බවට පත්වන විට කොළඹ වැනි අධි නාගරික ජනතාවගේ නිවාස අයිතිය උරුමකර දී ඔවුන්ද දේපොළ හිමියන් බවට පත්කර තිබෙනවා. නොමිලේ සහල් දෙන අතර පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදෙනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගත් නිසා විදෙස් ණය ආධාර මත ආරම්භ කර තිබී අත් හැර දමා තිබු ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ වෙනවා. කඳුකර දශකය හරහා ප්‍රාදේශීය මට්ටමට දැවැන්ත මුදලක් පැමිණ තිබෙනවා. ඒ හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විප්ලවීය නැගිටීමක් නුදුරේදීම සිදුවෙනවා. ඒ කියන්නේ අසංවිධාත්මක ලෙස ආර්ථිකය සමඟ බද්ධ වූ පිරිස රැකගන්නට ද මේ වැඩපිළිවෙල සමත්ව තිබෙනවා.
මෙහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ අර්බුදයේ පිරිවැය දැරීමට කාටත් සිදුවන බවයි. ඇතැමුන් ආණ්ඩුව සමඟ ආරෝවක සිටියත් සමාජයක් ලෙස වරදක් සිදුකළා නම් ඒ වරදේ පිරිවැය දරන්න සමාජයටම සිදුවනවා. ඒ නිසයි කියන්නේ, වත්මන් වැඩපිළිවෙළෙන් ආපසු හැරෙන්න බෑ කියලා. ආපසු හැරුණොත් යළි නැගිටීමකුත් නෑ.
(රවී කරුණානායක )
එජාප ජාතික ලේකම්
හිටපු මුදල් හා විදේශ අමාත්‍ය
rk@gfm.lk
[උපුටා ගැනීම - මොනරා පුවත්පතින් ]
සබැඳි ලිපි:
ආරංචිය සුබයි : Sri Lanka Won - (රවි කරුණානායක)
වත්කම් විප්ලවය : කොළඹින් ලංකාවටම ! - (රවි කරුණානායක)
ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට ! - (රවී කරුණානායක)
හරි පාර : කවුරුත් නොදකින ප්‍රමාදයේ පිරිවැය - (රවී කරුණානායක)



