The Leader News
BREAKING
Top Ad
Opinion

ව්‍යවස්ථා අර්බුදය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 6, 2024 • 10:37 AM

ව්‍යවස්ථා අර්බුදය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් එහි ආදීනව ඔවුන්ටම කැරකී තිබේ.
  • එහි මූලික සිද්ධාන්ත උල්ලංඝනය වන ආකාරයට සංශෝධන කිරීමෙන් වෙන්නේ ව්‍යවස්ථාවේ සංගත බව බිඳී යෑමය.
  • වසර හයකට ධූර කාල සකසා ඇත්තේ හේතුවක් ඇතුවය.
  • දැන් පැන නැගී ඇති ව්‍යවස්ථා අර්බුදය ඔවුන්ම නිර්මාණය කර ගත් පාරාවළල්ලකි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් එහි ආදීනව ඔවුන්ටම කැරකී තිබේ. රාජ්‍යයක ව්‍යවස්ථාවක් හදන්නේ කිසියම් සංගත ආකාරයකටය. එහි මූලික සිද්ධාන්ත උල්ලංඝනය වන ආකාරයට සංශෝධන කිරීමෙන් වෙන්නේ ව්‍යවස්ථාවේ සංගත බව බිඳී යෑමය. සුළු සුළු වෙනස්කම් කළාට ලොකු වෙනස්කම් කිරීම අනුවණ ක්‍රියාවකි. එසේ කරනවාට වඩා අලුතෙන්ම ව්‍යවස්ථාවක් හැදීම යහපත්ය. නමුත් එකදු සංශෝධනයක් හෝ හරියට කර ගන්න බැරි දේශපාලන නියෝජිතයන් ඉන්නා දුර්වල සමාජයක අලුත් ව්‍යවස්ථා හදන්නට යෑමත් භයානකය.

වසර හයකට ධූර කාල සකසා ඇත්තේ හේතුවක් ඇතුවය. ධූර කාලය ඕනෑවට වඩා කෙටි වූ විට කිසියම් ප්‍රතිපත්තියක් අනුව නිශ්චිත සැලසුමක් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලැබීමට කාලයක් නැත. ප්‍රජාතන්ත්‍රය යනු කඩිකුලප්පුවට බලය මාරු කිරීම නොවේ. ප්‍රජාතන්ත්‍රය යනු ජනතාව විසින් අනුමත කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමය. එම ප්‍රතිපත්ති සහ සැලසුම් නුසුදුසු යැයි ජනතාව කිසියම් මොහොතක සිතන්නේ නම් කළ යුත්තේ වරණයක් තබා නව ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා කරන නියෝජිතයන් තෝරා ගැනීමයි. ඒ සඳහා ප්‍රතිපාදන මුල් ව්‍යවස්ථාවේ තිබිණි. 19 යෙන් කළේ එම මූලික සිද්ධාන්ත මුළුමනින්ම බිඳ දැමීමයි. රනිල් එදා සිටම කළේ එවැනි අතාර්කික වැඩමය.

එම ප්‍රතිපත්ති සහ සැලසුම් නුසුදුසු යැයි ජනතාව කිසියම් මොහොතක සිතන්නේ නම් කළ යුත්තේ වරණයක් තබා නව ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා කරන නියෝජිතයන් තෝරා ගැනීමයි.


අපි නම් ඔය අමන වැඩවලට එදා සිටම විරුද්ධ වීමු. 19 වැනි සංශෝධනය වෙනුවෙන් එදා කතා කළ අය අද නහයෙන් අඬන හැටි දුටු විට දෙකොණින් සිනහා පහළ වේ. දැන් පැන නැගී ඇති ව්‍යවස්ථා අර්බුදය ඔවුන්ම නිර්මාණය කර ගත් පාරාවළල්ලකි. ජනතාව විසින් සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ ධූර කාලය වසර හයකි. එය අඩු කළත් වැඩි කළත් සැබැවින්ම ජනතාවගේ සම්මතය කෙළෙසීමකි. ධූර කාලය වැඩි කිරීම ප්‍රජාතන්ත්‍රය උල්ලංඝනයක් වන්නේ යම් සේද ධූර කාලය අඩු කිරීමද ප්‍රජාතන්ත්‍රය උල්ලංඝනයකි.


තමන් ගෙන යන IMF ව්‍යාපෘතිය අවසන් කිරීමට රනිල්ට කාලය මදිය. මේ මාසයේ ජනපතිවරණය කැඳවුවහොත් ඔහුට අන්ත පරාජයක් ලැබෙන නිසා නොඉල්ලන බවද කවුරුත් දනී. එබැවින් ඔහු හදන්නේ ඔහු විසින්ම කළ අඥාන ව්‍යවස්ථා සංශෝධනය නැවත වෙනස් කර තව කාලයක් බලයේ සිටීමට විය හැකිය. ගෝඨාභය ජනපතිට ලැබුණු ජන වරම වනචර අරගලය හරහා අත්පත් කර ගත් රනිල් කිසිම ලැජ්ජාවක් නැතුව ඒ ධූරය දික් කර ගැනීමට උත්සාහ කළත් ඒ ගැන පුදුමයක් නැත. මට අර රනිල්ගේ පුත්තුන්ගෙන් නැවත අහන්න තියෙන්නේ නුඹලාට ලැජ්ජාවක් නැතිද? කියා පමණී.

 

images 16තමන් ගෙන යන IMF ව්‍යාපෘතිය අවසන් කිරීමට රනිල්ට කාලය මදිය.

 

19 වැනි සංශෝධනය ව්‍යවස්ථා උල්ලංඝනයක් බවට අධිකරණය හදිසියේවත් තීන්දු කළහොත් වෙන්නේ මරු වැඩකි. එවිට මෙය හාස්‍යජනක අර්බුදයකට යයි. මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලය පිළිබඳවත් එවිට ගැටලුවක් පැමිණේ. එවිට 2019 ජනපතිවරණයේ නීත්‍යානුකූලභාවයත් ප්‍රශ්නගත වේ. එවිට ගෝඨාභයගේ ජනපති ධූරයත් ගැටලුකාරී වේ. එවිට එම ධූරයට පත් කළ රනිල්ගේ ධූරයත් නැවත අර්බුදයකට යයි. ඒ කාලයන් තුළ ගත් සියලු තීරණ අර්බුදයට යයි. ට්‍රැක්ලන්තයේ තවත් ව්‍යවස්ථා අර්බුදයක් අත්විඳීමේ භාග්‍යය එවිට අපට උදා වේ. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” - නිර්මාල් දේවසිරි (2022)




(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූලි 6



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යවස්ථා අර්බුදය - (එරන්ද ගිනිගේ) | The Leader