එතැනදි අනිත් ජීවීන්ට වඩා සංකීර්ණ අහාර රටාවක් හිමි මිනිසාට අහාර නිෂ්පාදනයත්, සපයාගැනීම වෙනුවෙන් වැඩි අරගලයක් කරන්න සිදු වෙලා තියෙනවා. කොහොමවුණත් මේ අහාර ක්‍රියාවලිය ලෝකයේ හැම තැනකටම එකම විදිහට පවතින්නේ නැහැ. සමස්තයක් විදිහට ආහාර හිඟතාවය අද ලෝකයේ මුලිකම අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. ලෝකය සංවර්ධනයේ ඉහළ අවධියක සිටියත් මිලියන සිය ගණනක් මිනිස්සු කුසගින්නේ දුක් විඳිමින් ලෙඩ රෝග වලට ගොදුරුවෙලා මිය යනවා. අද ලෝකය හමුවේ තිබෙන දැවැන්ත අභියෝගයක් වෙලා තියෙන්නේ මේ ගැටලුවට විසඳුමක් සොයා ගැනීමයි.
ගෝලීය මට්ටමෙන් කුසගින්න පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මකව තිබෙනවා. මේ සඳහා ප්‍රමුඛ කාර්යභාරයක නියැලෙන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ඉලක්කය වන්නේ, සැමට ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගැනීම සහ ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්ත්වයේ ආහාර සඳහා මිනිසුන්ට නිතිපතා ප්‍රවේශය ඇති කිරීමයි.
මිලියන සිය ගණනක් මිනිස්සු කුසගින්නේ දුක් විඳිමින් ලෙඩ රෝග වලට ගොදුරුවෙලා මිය යනවා. සාමාන්‍යයෙන් තමන්ගේ රට තුළ ආහාර අවශ්‍යතාවය නිසියාකාරව සපුරාගැනීමේ හැකියාව බොහෝ රටවලට නැහැ. මේ නිසා බොහෝ රටවල් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනත් රට වලින් ආනයනය කරනවා. නමුත් මෑතකාලයේ ලෝකයට මුහුණ දෙන්න වුණ දේශගුණික කාලගුණික විපර්යාස, වසංගත තත්වයන්, යුද්ධ ආදිය නිසා ආහාර නිෂ්පාදනයන් කඩා වැටුණා, ගෝලීය සැපයුම් ජාල බිඳ වැටුණා, ආහාර හිඟයත් එක්ක ආහාර මිලත් වැඩි වුණා. ඉන්ධන, පොහොර, කෘෂි යෙදවුම් උපකරණ මිලත් ඉහළ ගියා, ශ්‍රමික වැටුප් වැඩි වීම් වගේ ගැටළු නිසා ආනයනයන් මත ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම අවදානමකට ලක් වුණා. මේ නිසා තමන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් තම රට තුළම නිෂ්පාදනය කරගැනීමට බල කළ තත්වයක් සෑම රටකටම වගේ ඇති වුණා. ශ්‍රී ලංකාවටත් මේ ගෝලීය බලපෑම දැඩිව සිදු වුණා. රට මුහුණ දුන්න කොඩිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, කාබනික පොහොර ව්‍යාපෘතිය වැනි දේවල් නිසා මෙරට ආහාර සුරක්ෂිතතාවය තවත් දරුණු අවදානමකට ලක් වුණා.
මේ නිසා නැවත රට ගොඩනැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ ආහාර සුරක්ෂිතාවය තහවුරු කරගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ක්‍රියා මාර්ග රැසක් ගෙන තියෙනවා. ඒ අතර කෘෂි නවීකරණ වැඩසටහන වේගවත් කිරීම ප්‍රමුඛ පියවරක්.
කෘෂි නවීකරණ වැඩසටහන වේගවත් කිරීම ප්‍රමුඛ පියවරක්.ආහාර සුරක්ෂිතතාව කියන්නේ, පෝෂ්‍යදායී සහ ප්‍රමාණවත්ව ආහාර පහසුවෙන් ලබාගැනීමට පුද්ගලයාට ඇති හැකියාව මනින මිණුමක්. මෙහි දී සලකා බැලෙන ප්‍රධාන කරණා හතරක් තියෙනවා. එකක් ප්‍රමාණවත් ආහාර ලබාගැනීමට පොදු මහජනයාට තිබෙන හැකියාව. එනම් ආහාර සැපයුම නිසියාකාරයෙන් පැවැතීමේ අවශ්‍යතාවය. ඒවගේම එම සැපයුම සඳහා නිසි වෙළඳපොලකුත්, සාධාරණ ප්‍රතිපත්ති මත සැකසුණු මිලකුත් තිබිය යුතුයි. ඒ විතරක් නෙමෙයි ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබාගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. මේ කාරණා සම්පුර්ණ විය යුතුයි වගේම අයහපත් කාලගුණික තත්ත්වයන්, දේශපාලන අස්ථාවරත්වයන් හෝ ආර්ථික සාධක වැනි තත්වයන් ආහාර ලබාගැනීමේ හැකියාවට බාධාවන් වෙන්නත් බැහැ. ආහාර සුරක්ෂිතතා අරමුණු සාක්ෂාත් කරගැනීමට නම් මේ කරුණු හතරම එකම ආකාරයට , නිවැරදිව ඉටු විය යුතුයි.
මේ වෙනුවෙන් මේ රටේ ක්‍රියාත්මක වුණු දීර්ඝකාලීන වැඩපිළිවෙල රැසක් තිබුණා. නවසිය තිස් ගණන් වන විටත් වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ වැවිලි ආර්ථිකයට නිසා අපේ ආහාර භෝග වගාවන් මඟ හැරිලා තිබුණේ. මේ නිසා රටේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩිම පංගුව ආනයනය කිරීම සිදු වුණා. ඒ යුගයේ පැන නැඟුන ලෝක යුද්ධය, ගෝලීය ආර්ථික අර්බුද නිසා ආහාර ප්‍රශ්නයට අපිත් මුහුණ දුන්නා. මේ නිසා මෙරට කෘෂිකර්මාන්තය නංවාලිමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එදා වගාවන් සඳහා රජයේ ඉඩම් බෙදා දීම, වාර්මාර්ග සංවර්ධනය, කෘෂි උපදේශන සහ වෙනත් පහසුකම් සැලසීම, සහනාධාර ලබා දීම සිදු වුණා. අදටත් මෙවැනි ව්‍යාපෘති අඛන්ඩව සිදුවෙමින් තිබෙනවා.
වගාවන් සඳහා සහනාධාර ලබා දීම නමුත් දැන් මේ ක්‍රමවේදයේ සීමාවකට අපි පැමිණ තියෙනවා. මේ රටේ ඉඩම් වලින් වගා කළ හැකි ඉඩම් තිබෙන්නේ සියයට 50 කට අඩු ප්‍රමාණයක්. මේ ප්‍රමාණයෙනුත් සියයට 80 වඩා අක්කරයේ හමාරේ කුඩා වගා ඉඩම්. ඒත් මේ ඉඩම් පවා නිසියාකාරව වගාවට යෙදවෙන්නේ නැහැ. අද කෘෂිකර්මයේ දී වැදගත් වෙන්නේ භූමියේ උපයෝගිතාවය, වැඩි අස්වැන්න සහ ශ්‍රමයේ උපරිම ඵලදායිතාවය අත්පත් කරගැනීමයි.
ලංකාවේ ශ්‍රම බලකායෙන් 27්‍ර ක් විතර කෘෂිකර්මයේ යෙදි සිටිනවා. නමුත් මේ නිෂ්පාදනය, රටේ දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය 9% ක් තරම් අඩු මට්ටමේ එකක්. විශාල පිරිසක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටීමත්, නිෂ්පාදන ආදායම අවම වීමත් නිසා ඒ ආදායම් බෙදිලා ගිහිල්ලා ඒක පුද්ගල ආදායම තවත් අඩු වෙනවා.
මේ තත්වය නිසා කෘෂිකර්මය කියන්නේ හොඳම ආදායම් මාර්ගයක් නොවෙයි. සාමාන්‍යයෙන් දියුණු රටවල කෘෂිකර්මයෙහි යෙදි සිටින පිරිස සියයට පහක දහයක තරම් ප්‍රමාණයක්, ඒ වගේම ජාතික ආදායමට විශාල පංගුවකින් දායක වෙනවා. ඒ නිසා ඒ රටවල ගොවියා කියන්නේ ඉහළ ආදායම් ලබන කෙනෙක්.
කොහොමවුණත් වගාවේ ශ්‍රමිකයන් අඩු කරන එක හෝ, වගා බිම් වැඩි කරන එක ආදායම් ගැටළුවට නිසි විසඳුමක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ අස්වැන්නේ, භූමියේ සහ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩි කරන ක්‍රමවේද හරහා වැඩි ආදායම් උපයගන්න ගොවියට අවස්ථාව හදලා දෙන එකයි. ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන ‘උරුමය’ වැනි වැඩසටහන් දැනට ක්‍රියාත්මක වෙනවා.
ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන ‘උරුමය’ වැනි වැඩසටහන්මේ ආදී ක්‍රියාමාර්ග හරහා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම වත්මන් කෘෂි නවීකරණ වැඩසටහනේ අරමුණක්. නමුත් මේක අභියෝගයක්. සාම්ප්‍රදායික කෘෂිකර්ම ක්‍රමවේද වෙනස් කරන එක, දවසෙන් දෙකෙන් කරන්න බැහැ. එහිදී රටේ ආර්ථික හා වෙළඳපොළ සාධකත්, සමාජ සංස්කෘතික ආකල්පත් ගැන අවධානය යොමු කරන්න වෙනවා.
ඒ වගේම අපි මුහුණ දෙන තව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඒ අතර වගා විනාශයට හේතු වෙන කාලගුණික තත්වයන්, වන සතුන්ගේ හානි අවම කරගැනීම වැනි ප්‍රශ්න විසඳා ගැනීම මූලිකවම සිදුවිය යුතු දේවල් අනෙක් ප්‍රධානම ගැටලුව තමයි අස්වැන්න විනාශ වීම. සාමාන්‍යයෙන් මේ රටේ අස්වැන්නෙනුත් 40 කට ආසන්න ප්‍රමාණයක් ගොවිබිමෙන් වෙළඳපොළ හරහා පාරිභෝගිකයා අතට පත්වෙන කාලය තුළ දී විනාශ වෙනවා. මේ නිසා ගොවියාට සහ වෙළෙන්දාට වෙන පාඩුවත් පාරිභෝගිකයාට ගෙවන්න සිදුවෙනවා, මේකෙන් ආහාර හිඟයත්ල මිලත් වැඩි වෙනවා. මේවාට නිසි විසඳුම් අවශ්‍යයි.
වගා ණයවගා ණය, කෘෂි රක්ෂණ, කෘෂි ව්‍යවසායකත්වය වැනි දේ තවදුරටත් ශක්තිමක් කිරීම, ආනයන ඉලක්ක කළ ආහාර ආශ්‍රිත නව නිෂ්පාදනයන් බිහිකිරීම, නවීන තාක්ෂණික මෙවලම් භාවිතය, ඩිජිටල් තාක්ෂණයේ සහය ලබාගැනීම වැනි බොහෝ දේ කෘෂිකර්ම නවීකරණය වෙනුවෙන් කළ යුතුව තිබෙනවා.
දේශගුණික විපර්යාස, ගෝලීය දේශපාලන හා ආර්ථික අර්බුද යනාදිය ගැන පෙර දැක්මක් සහිතව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කළේ 2015 වගේ කාලයක දීයි. නමුත් අපේක්ෂිත වැඩපිළිවෙලට වඩා අනපේක්ෂිත වේගයකින් විවිධ අර්බුද උත්සන්න වුණා. මේ නිසා අනාගත අභියෝග ජයගන්න නම් වඩා වේගයෙන් මේ කෘෂි නවීකරණය රටට අත්පත් කරගත යුතු වෙලා තියෙනවා. එය සාර්ථක කරගැනීමේ අභියෝගයට සියළු පාර්ශ්වවල සාධනීය මැදිහත්වීම විය යුතුයි. එනිසා,ප්‍රෞඩ කෘෂි ආර්ථිකයක් තිබුණු පෙරදිග ධාන්‍යාගාරය විදිහට නම් දරාපු රටක් විදිහට, කුසගින්න අවම, සෞභාග්‍යමත් ජිවන රටාවක් රටේ ජනතාව වෙනුවෙන් නැවත නිර්මාණය කරන්න අපි සැවොම එක්ව කැපවීමෙන් වැඩ කරමු.
එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි
[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]
සබැඳි ලිපි



