The Leader News
BREAKING
Top Ad
Opinion

මේ රාජ්‍ය සේවයට වැඩි පඩි මොනවා කරනවාට ද? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 7, 2024 • 10:22 AM

මේ රාජ්‍ය සේවයට වැඩි පඩි මොනවා කරනවාට ද? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිටීමත් අන්තයට පිරිහුණු, දූෂිත, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමට කහට කෝප්පයේ සිට බදු ගෙවීමට සිදුව තිබීමත් බව, සියල්ලට පෙර මතක් කළ යුතුයි.
  • අකාර්යක්ෂම, දූෂිත, පිරිහුණු මේ රාජ්‍ය සේවයට 2010 න් පසු මෙතෙක් අයවැය මගින් තෙවරක් වැටුප් වැඩිකර තියෙනවා.
  • වෛද්‍යවරුන් ඔවුන්ගේ රුපියල් 35,000 ක මාසික DAT දීමනාව 2024 ජනවාරියේදී රුපියල් 70,000 දක්වා දෙගුණ කර ගත්තා.
  • ඊට අමතරව 2024 අයවැයෙන් සියලු රජයේ සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කෙරුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටීමත් අන්තයට පිරිහුණු, දූෂිත, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමට කහට කෝප්පයේ සිට බදු ගෙවීමට සිදුව තිබීමත් බව, සියල්ලට පෙර මතක් කළ යුතුයි.

 

රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)දූෂිත, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමට කහට කෝප්පයේ සිට බදු ගෙවීමට සිදුව තිබීම

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2022 පළමු කාර්තුවේ ශ්‍රී ලාංකීය ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව සේවක සේවිකාවන් මිලියන 01.3 ක් වූ මේ රාජ්‍ය සේවය, මේ රටට ඩොලරයක්වත් සොයා දෙන සේවයක් නෙවෙයි. ඔවුන්ට බාර වගකීම වෙන්නේ සමාජ පැවැත්මට අවශ්‍ය සේවා සැපයීම හා කාර්යාල පරිපාලනය පවත්වා ගැනීමයි. ඔවුන් දූෂිතව, අකාර්යක්ෂමව අන්තයට පිරිහුණු රාජ්‍ය සේවාවක් යැයි කියන්නේ ඔවුන්ගේ ඒ සමාජ වගකීම් කිසිවක් හරියාකාරව නෙකෙරෙන නිසයි.  

වෙළෙඳ කලාපයේ රස්සා බේරා දීමට හාම්පුත්තු ආණ්ඩුවෙන් සහන ඉල්ලතිරටට ඩොලර් උපයා දෙන්නේ අවිධිමත් ක්ෂේත්‍රයෙහි ශ්‍රමිකයින් සංඛ්‍යාවයි.

 

රටට ඩොලර් උපයා දෙන්නේ සේවක සේවිකාවන් මිලියන 03.6 ක් වන විධිමත් පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන වැවිලිකරයේත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවලත් මිලියන 02.5 ක් පමණ වන සේවක සේවිකාවන් සහ මිලියන 02.1 ක් පමණ වන සංක්‍රමණික සේවක සේවිකාවන්ද අයත් අවිධිමත් ක්ෂේත්‍රයෙහි ශ්‍රමිකයින් සංඛ්‍යාවයි.

අකාර්යක්ෂම, දූෂිත, පිරිහුණු මේ රාජ්‍ය සේවයට 2010 න් පසු මෙතෙක් අයවැය මගින් තෙවරක් වැටුප් වැඩිකර තියෙනවා. ඊට අමතරව විවිධ සේවාවවල නිරත රජයේ සේවක කොටස් ආණ්ඩුවට බල කරමින් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගෙන තියෙනවා. වෛද්‍යවරුන් ඔවුන්ගේ රුපියල් 35,000 ක මාසික DAT දීමනාව 2024 ජනවාරියේදී රුපියල් 70,000 දක්වා දෙගුණ කර ගත්තා. ඊට අමතරව 2024 අයවැයෙන් සියලු රජයේ සේවක මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කෙරුවා. රජයේ සේවක වැටුප් මේ කාලයේ දළ වශයෙන් සියයට 40 කින් පමණ වැඩි වුනා.

 

දොස්තරලාගේ 'ඩැට් එක' සහ සුව සේවක 'අප්සෙට් එක' – සුනිල් කන්නන්ගර
වෛද්‍යවරුන් ඔවුන්ගේ රුපියල් 35,000 ක මාසික DAT දීමනාව 2024 ජනවාරියේදී රුපියල් 70,000 දක්වා දෙගුණ කර ගත්තා.

නමුත් මේ කාලය තුල පෞද්ගලික අංශයට වැටුප් වැඩි කෙරුවේ එකම එක අවස්ථාවයි. ඒ අවුරුදු ගණනාවක උද්ඝෝෂණ හේතුවෙන් ආණ්ඩුව මැදිහත්වී 2016 දී අයවැය සහන දීමනාවක් ලෙස රුපියල් 2,000 ක මාසික දීමනාවක් ලබා දුන්නා. ඉන් පසු අවුරුදු කිහිපයක පෞද්ගලික අංශයේ උද්ඝෝෂණ සමග 2023 දී ජාතික මාසික අවම වැටුප රුපියල් 16,000 ක් ලෙස තීන්දු කෙරුවා. නිකමට ගණන් හැදුවම, වෛද්‍යවරුන්ගේ රුපියල් 70,000 ක මාසික DAT දීමනාව, පෞද්ගලික අංශයේ මාසික අවම වැටුප වගේ සතර ගුණයකටත් වඩා වැඩියි.

දැන් හෙට අනිද්දට, මේ රජයේ සේවකයින් තවත් වැටුප් වැඩිවීම් ඉල්ලා දවස් 02 ක් වර්ජනය කරනවාලු. ආණ්ඩුව තීන්දු කෙරුවට, ඔවුන්ට වැටුප් ගෙවන්නේ සාමාන්‍ය ජනතාවයි. පොල් කඩන්න ගහට නගින මනුස්සයාගේ ඉඳන් ත්‍රීවිල් රියැදුරත්, තණකොල කපන්න පාරවල් ගානේ ඇවිදින තරුණයත් රුපියල් 16,000 ක අවම වැටුපක් ගන්න පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් ලක්ෂ ගණනකුත් මේ දූෂිත, අකාර්යක්ෂම අන්තයට පිරිහුණු රජයේ සේවක වැටුප් වැඩි කරන්න තවත් බර කර ගැසිය යුතුද?

 

රජයේ සේවක වැටුප රු.10,000කින් නගී !රටේත් අවම මාසික වැටුප රුපියල් 50,000 ක සිට ඉහළට ප්‍රමිතියක් ඇතිව වැටුප් සකස් කර ප්‍රසිද්ධ කරන මෙන් ආණ්ඩුවට කියන්න ඕනේ.

ඔවුන් ඉල්ලන ඒ අනවශ්‍ය, අමතර වියදම දැරිය යුතුදැයි ආණ්ඩුවට කලින් සාමාන්‍ය ජනතාව තීන්දු කළ යුතුයි. ඉල්ලන පලියට රාජ්‍ය සේවා වැටුප් වැඩි නොකරන මෙන් ආණ්ඩුවට කිව යුතුයි. ඒ වෙනුවට ජාතික වැටුප් කොමිසමක් පිහිටුවා, බඳවා ගැනීමේ හා සේවා කොන්දේසි, සේවා අයිතිවාසිකම් සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණද සමග සමස්ථ රජයේ සේවාවේත් පෞද්ගලික අංශයේත් රටේත් අවම මාසික වැටුප රුපියල් 50,000 ක සිට ඉහළට ප්‍රමිතියක් ඇතිව වැටුප් සකස් කර ප්‍රසිද්ධ කරන මෙන් ආණ්ඩුවට කියන්න ඕනේ. ඇත්තටම නම්, ජනාධිපතිවරණයෙන් දිනන්න බලා ගෙන අලුතෙන් ඇඳුම් මහන අපේක්ෂකයින්ගෙන් අහන්න ඕනේ, ඒ ඉල්ලීම ඉටු කරනවාද නැද්ද කියලා.   


මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 ජූලි 07 යි


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ රාජ්‍ය සේවයට වැඩි පඩි මොනවා කරනවාට ද? - (කුසල් පෙරේරා) | The Leader