The Leader News
BREAKING
Top Ad
Opinion

මිනිසුන් යක්ෂයා තෝරාගෙන ඇත! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 10, 2024 • 4:29 PM

මිනිසුන් යක්ෂයා තෝරාගෙන ඇත! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඌ ජීවිතේ වින්ද කියන එක ඇත්ත වෙන්න පුළුවන්.
  • මදූෂ් කියන්නේ රණාලේ සමයන් ඇතුළු දහ දෙනෙක්ද කොහෙද (ගණන මතක නැහැ) කළුතර එතනමඩල දී එළොව යවපු එකෙක් කියල ලංකාවේ පාතාල වංශකතාවේ සඳහන් වෙලා තියනවා (underworld chronicle).
  • මදූෂ් එක්ක ලඟින්ම හිටිය කියන කන්ජිපානි ඉම්රාන්ගෙන් රුපියල් කෝටි ගණනක් සම්බන්දව සහ පාවාදීමක් ගැන කෝල් එකක් එන ටෙලිෆෝන් එකක අනික් අන්තයේ ඉන්න එකාට ජීවිතේ සාමාන්‍ය විදියට විඳින්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ (මේ කතාවල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ.
  • ඇත්තටම ඒවා සීරියස් ගත්තොත් ඉන්න පැයේ හරි ජීවත්වෙන්න බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔව් ඇත්ත. ඌ ජීවිතේ වින්ද කියන එක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මට අනුව ඒක අර්ධ සත්‍යයක්. ඒ කියන්නේ ඌ වින්ද විඳිල්ල උඹල හිතන ජාතියේ විඳිල්ලක් නෙවෙයි කියන එක තමයි මගේ වැටහීම.


නිකම් මෙහෙම හිතපල්ල. ලංකාවේ ලොකුම ජාත්‍යන්තර කුඩු රජා නැත්නම් ඉන්ටනැෂනල් ඩ්‍රග් ලෝඩ් හැටියට මම නම් ගණන්ගන්නේ වෙලේ සුදා. ඊට පස්සේ ලංකාවේ ලොකුම පාතාල වැඩ්ඩ නැත්නම් අන්ඩවර්ඩ් වෝ ලෝඩ් නැත්නම් පාතාල රජු නැත්නම් ගොඩ් ෆාදර් වෙන්නේ මාකඳුරේ මදූෂ්. මුං එකෙක්වත් සරල පොරවල් නෙවෙයි කියන්න අතදරුවෙක් උනත් දන්නවා.


මදූෂ් කියන්නේ රණාලේ සමයන් ඇතුළු දහ දෙනෙක්ද කොහෙද (ගණන මතක නැහැ) කළුතර එතනමඩල දී එළොව යවපු එකෙක් කියල ලංකාවේ පාතාල වංශකතාවේ සඳහන් වෙලා තියනවා (underworld chronicle).

වෙලේ සුදා, මදූෂ්, අංගොඩ ලොක්ක, සමයන්, කඩුවෙල වසන්ත වගේ නම් ලියන කොටත් අපිට මොකක්දෝ චකිතයක් වගේ එකක් එනවා. එහෙව් එකේ උං එක්ක රුපියල් කෝටි සියයක් වගේ මුදලක් එක්ක සෙල්ලම් කරපු එකෙක් (පාතාල වංශකතාවට අනුව) සරල විදියට අපි වගේ ඔහේ සැප සනීපෙන් කාල ඇඳලා සනීපෙට නිදාගෙන කැමති වෙලාවක ඇහැරිලා ''ජීවිතේ වින්ඳ'' කියන එක නම් මට පිළිගන්න බැහැ.  


මදූෂ් එක්ක ලඟින්ම හිටිය කියන කන්ජිපානි ඉම්රාන්ගෙන් රුපියල් කෝටි ගණනක් සම්බන්දව සහ පාවාදීමක් ගැන කෝල් එකක් එන ටෙලිෆෝන් එකක අනික් අන්තයේ ඉන්න එකාට ජීවිතේ සාමාන්‍ය විදියට විඳින්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ (මේ කතාවල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මම කියන්නේ දිගහැරෙන ක්‍රෝනිකල් එක).  


මෙතන තියෙන්නේ 'මරණීය විඳීමක්' කියන එකට නම් මම එකඟයි. ගොඩක් වෙලාවට කියවෙනවා වසන්ත ඒ කෝල් එකක්වත් 'සීරියස් විදියට' ගත්තේ නැහැ කියන එක. ඇත්තටම ඒවා සීරියස් ගත්තොත් ඉන්න පැයේ හරි ජීවත්වෙන්න බැහැ. ඒ කියන්නේ ඒ සල්ලි සහ මොනවා හරි එක්ක පොර මැරෙන්න හරි හිත හදාගත්ත කියන එක නම් වෙන්න පුළුවන්.

ඒ නිසා ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා වගේ එකක් නම් පොරගේ වීඩියෝ බලපුවම පේනවා. අර රිවොල්වරය උනත් තියෙන්න ඇත්තේ ඒ අවදානම එක්ක වෙන්න පුළුවන්. ඒක හරි.


තවත් එක දෙයක්. වසන්තගේ මරණය සහ ජීවන විලාසිතාව (මට නම් ඒකේ ඇති කෙමෙනක් නැහැ. කෝටි සීයක් මොන විදියට හරි තිබ්බ එකෙක් ඉන්න දවස් ටිකේ හරි ජීවිතේ විඳින හැටි ඒ එක වීඩියෝ එකකවත් මම දැක්කේ නැහැ) අපේ උන්ගේ අවිඥාණය යම් විදියකට උත්තේජනය කළා කියන එක ඇත්තක්. ඒ කියන්නේ අපේ උන්ටත් ඕනි ඒ වගේ ජීවිතයක් කියන එක ඇත්තක්. සහ ඒක හොඳ දෙයක්.


1978න් පස්සේ අපි ධනවාදී ලෝකය එක්ක ගිවිසුම්ගත වෙනවා. එක වරක් නොවෙයි සිය දහස් වතාවක් හැම චන්දෙකදීම අපි මේ ක්‍රමය වෙනුවෙන් චන්දය දෙනවා. අපි පොරොන්දු වෙනවා මේ ක්‍රමය එක්ක ජිවත්වෙනවා කියල. එහෙම පොරොන්දු වෙන හැම වතාවකම අපි සදාචාරය වෙනුවට සල්ලි තෝරාගෙන තියනවා.

දේශපාලඥයෝ සදාචාරය ගැන මයික් පැලුවට මිනිස්සු දේශපාලඥයින්ට වඩා ඉස්සරහට ගිහින් සල්ලි හොයන්න පෙළඹිලා තියනවා. වසන්ත කියන්නේ එහෙම උදාහරණයක් වෙන්න පුළුවන් (ක්‍රෝනිකල් වලට අනුව). ඕනිනම් පියුමි හංසමාලි තව උදාහරණයක්. තව ඕනෑතරම්.

දැනුත් බලන්න රටේ එකම පරමාර්ථය සල්ලි හොයන එක නෙවෙයිද?...ඉතිං මිනිස්සු වැරදි ද? දෙවියන් කිව්ව විදියට විතරක් මේ ක්‍රමය ඇතුළේ සල්ලි හොයන්න පුළුවන් ද? සල්ලි අයිති යක්ෂයාට නෙවෙයිද?

අනුරගේ කතා, ගෝඨා ගෝ හෝම් අනුස්මරණ, වැඩ වර්ජන, පෙළපාලි, පාර්ලිමේන්තු කතා ඔක්කොම දවස් ගණනකට අමතක වෙලා මුළු බුකියම වසන්ත ගැන කතා කළා. ඒ කියන්නේ මිනිස්සු අර හැම එකකටම වඩා වසන්ත වගේ වෙන්න ආස කළා කියල මට හිතෙනවා. හොඳින් හෝ නරකින් සල්ලි හොයන්න ආසයි කියල මට හිතෙනවා. සල්ලි හොයන්න මැරෙන්න උනත් ආසයි.


ඩෙන් ෂියාවෝ පෙන් කියනව වගේ මිනිස්සු පොහොසත් වෙන්න ආසයි (To become rich is a glorious thing!). මේ ක්‍රමය ඇතුලේ වෙන මොනවාවත් කරලත් වැඩක් නැහැ.


ඒ කියන්නේ මිනිස්සු ඉන්නේ නැවත වරක් පවත්නා දේශපාලනයට සහ සදාචාරයට ඉස්සරහින්. ඉස්සරහට එයාල තෝරනු ඇත්තෙත් ඒ ආශාවට හරියන මනුස්සයෙක්....ආ වැරදුනා. මනුස්සයෙක් නෙවෙයි යක්ෂයෙක්!


(මේ ගැන සංවාද කරන්න කම්මැලියි).


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...