The Leader News
BREAKING
Top Ad
Opinion

දිනා පැරදීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 11, 2024 • 5:11 AM

දිනා පැරදීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද චින්තනය යනු බණ්ඩාරනායක දර්ශනයයි.
  • මතවාදීව ගත හොත් මෙයින් ඔප්පු වෙන්නේ බණ්ඩාරනායක-රාජපක්ෂ ප්‍රතිපත්ති හෙවත් ජාතික චින්තනය අවසානයේ ජයග්‍රහණය කර ඇති බවත් ජේ ආර් සහ විජේවීර මතවාද පරාජය වී ඇති බවත්ය.
  • පොහොට්ටුවේ පිරිස් සජබයට සහ ජවිපෙට එකතු වීමට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ මෙම මතවාදීය සමානකරණය කියා කීම සාධාරණය.
  • පොහොට්ටුවට ඇති සැබෑ ප්‍රශ්න මේවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහින්ද චින්තනය යනු බණ්ඩාරනායක දර්ශනයයි. සිංහල බෞද්ධ, ජාතික ව්‍යාපාරය, පංච මහා බලවේග ආදී වෙනස් වෙනස් වචනයෙන් කීවාට මේ තමයි ලංකාවේ දේශපාලනයේ අනන්‍ය මැදුම් පිළිවෙත. එජාපය ආන්තික ලිබරල් ලිබටේරියන්. ජවිපෙ ආන්තික සමාජවාදී කොමියුනිස්ට්. ජනරජය බිහි වීමෙන් වසර වසර පනහකට පසු එජාප සහ ජවිපෙ කඳවුරු පොහොට්ටුවේ මතවාදය පිළිගෙන ඒ මැද තැනට පැමිණ තිබේ. මෙය සුවිශේෂී අවස්ථාවකි.

 

සර්ව පාක්ෂික සමුළුව : සජබ තීරණය අද නොවේ හෙට - ජවිපෙ නොඑයි !
එජාපයේ මහා පළුව සජබයයි. එය මෙරට ප්‍රධාන විපක්ෂයයි. ඒ කඳවුර අද සපුරා කතා කරන්නේ බණ්ඩාරනායක-රාජපක්ෂ ප්‍රතිපත්තියට සමානවය. ජවිපෙ සිය කොමියුනිස්ට් සිහිනයෙන් අවදිව අද ලෝකය පුරා යමින් කතා කරන්නේ බණ්ඩාරනායක-රාජපක්ෂ ප්‍රතිපත්තියට සමානවය. මතවාදීව ගත හොත් මෙයින් ඔප්පු වෙන්නේ බණ්ඩාරනායක-රාජපක්ෂ ප්‍රතිපත්ති හෙවත් ජාතික චින්තනය අවසානයේ ජයග්‍රහණය කර ඇති බවත් ජේ ආර් සහ විජේවීර මතවාද පරාජය වී ඇති බවත්ය. මෙය හරි නම් සැමරිය යුතු මොහොතකි.

වෙනත් වචනයෙන් කිවහොත් පොහොට්ටුවේ ප්‍රධාන සතුරු පක්ෂ පොහොට්ටුවේ මතවාදය වැළඳගෙන තිබේ. පොහොට්ටුවේ පිරිස් සජබයට සහ ජවිපෙට එකතු වීමට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ මෙම මතවාදීය සමානකරණය කියා කීම සාධාරණය. ජනතාව අන්දුන් කුන්දුන් වී සිටින්නේ මෙන්න මේ නිසාය. 

එතකොට පොහොට්ටුවට මොකද වෙන්නේ? දේශපාලන පක්ෂයක් හැටියට පොහොට්ටුවට මෙය අභියෝගයකි. සතුරා තමන්ගේ මතයම කතා කරන්නට ගත් විට තව දුරටත් අප කරන්නේ කුමක්ද? අපගේ විශේෂත්වය කුමක්ද? පොහොට්ටුවට ඇති සැබෑ ප්‍රශ්න මේවාය.

එම මතවාදයේ උරුමක්කරුවන් ලෙස අපට පෙනී සිටිය හැකිය. නමුත් එය ප්‍රමාණවත් නොවේ. එසේ නම් අපගේ මතවාදයේ ඊළඟ පියවර අපට නිර්මාණය කළ හැකිය. එක්තරා ආකාරයකට ගෝඨාභය කරන්න හැදුවේ එයයි. නමුත් එය සාර්ථක වූයේ නැත. එයින් පෙනෙන්නේ එම ඊළඟ පියවර පරිකල්පනය කිරීම පහසු නැති බවයි. නොඑසේ නම් එහෙම එකක් සැබැවින්ම නැත. එහෙනම් දැන් මොකද කරන්නේ?

 

රනිල් - චන්ද්‍රිකා සහ ජූලි චැංග් මාතර කලා උළෙලට එක්වේ
පොහොට්ටුවේ එක්තරා පිරිසක් පරාජිත ලිබරල් ලිබටේරියන් ජාත්‍යන්තරවාදයට විතැන් වෙමින් තිබේ. එය බැලූ බැල්මට පුද්ගලික උවමනාවන් මත වුවත් එහි විඥාන ක්‍රියාවලිය මතවාදීය වේ. පොහොට්ටුවට එහෙනම් ඒ මග යා හැකිය. එනම් පොහොට්ටුවට “නව එක්සත් ජාතික පක්ෂය” බවට පත් විය හැකිය. එය පොහොට්ටුවේ මතවාදීය පරාජයයි. එජාපයේ මතවාදීය ජයග්‍රහණයයි. නමුත් මා හිතන්නේ මේ රටේ ඉදිරියට ජයගන්නේ බණ්ඩාරනායක-රාජපක්ෂ ප්‍රතිපත්තිම කියාය.

මා මේ පෙන්වන කාරණය විකාරයක් ලෙස ඇතැමුන්ට පෙනිය හැකිය. මතවාදීමය දේශපාලනය පිළිබඳව නොදන්නා අයට අපභ්‍රංසයක් මෙන් පෙනෙනු ඇත. ඒ කාලයේත් මෙවැනි විශ්ලේෂණ අප ලියූ විට බොහෝ අය තේරුම් ගත්තේ නැත. තේරුම් යන විට ප්‍රමාද වැඩිය. එයට ඔවුන්ට දොස් කියා වැඩකුත් නැත. බිම් මට්ටමේ ජනතාවට මේවා කියා වැඩකුත් නැත.

ධර්මය අපට මග වේවා!

පොහොට්ටුවේ පළු ගැලවීම - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...