The Leader News
BREAKING
Top Ad
Opinion

'වැඩට ආවට' වැටුප් වර්ධක-සහතික දීම ඇණකොටා ගන්න වැඩක් වෙයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 11, 2024 • 11:14 AM

'වැඩට ආවට' වැටුප් වර්ධක-සහතික දීම ඇණකොටා ගන්න වැඩක් වෙයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට කෙරෙන සැළකීමක් වශයෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඇගයුම් සහතිකයක් ලබා දීමට ජනාධිපති වික්‍රමසිංහ ඇමති මණ්ඩලයට යෝජනා කෙරුවා කියලා ප්‍රවෘත්තියක් ඊයේ හවස් වන විට ඇහුනා.
  • නමුත් වැඩ වර්ජනයකට හවුල් නොවුනා කියලා වැටුප් වර්ධක දීමේ නෛතික අවසරයක් ඇතැයි මම හිතන්නේ නැහැ.
  • අපේ ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා අංක 14.1(ඈ) යටතේ වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීම, වෘත්තීය සමිති සංවිධානය කිරීම, මූලික මානව අයිතියක්.
  • එනිසාම වෘත්තීය සමිති නෛතිකව ලියාපදිංචි කිරීම 1935 අංක 14 නම් ආඥා පනත මගින් සහ පසුව 1970 අංක 24 යැයි වන “වෘත්තීය සමිති පනත” ලෙස සිව්වන වරටත් සංශෝධනයකර ක්‍රියාත්මක කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට කෙරෙන සැළකීමක් වශයෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඇගයුම් සහතිකයක් ලබා දීමට ජනාධිපති වික්‍රමසිංහ ඇමති මණ්ඩලයට යෝජනා කෙරුවා කියලා ප්‍රවෘත්තියක් ඊයේ හවස් වන විට ඇහුනා. තමන්ගේ තේරුම් ගැනීමේ තරමට ඕනේ දෙයක් අගය කරමින් ඕනැම කෙනෙකුට තමන්ගේ අත්සනින් තවත් අයෙකුට සහතික දීමේ තහනමක් නැහැ. නමුත් වැඩ වර්ජනයකට හවුල් නොවුනා කියලා වැටුප් වර්ධක දීමේ නෛතික අවසරයක් ඇතැයි මම හිතන්නේ නැහැ.

 



වැඩ වර්ජනය කිරීම, මේ රටේ නීති විරෝධී කාර්යක් නෙවෙයි. අපේ ව්‍යවස්ථාවේ අනු ව්‍යවස්ථා අංක 14.1(ඈ) යටතේ වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීම, වෘත්තීය සමිති සංවිධානය කිරීම, මූලික මානව අයිතියක්. එනිසාම වෘත්තීය සමිති නෛතිකව ලියාපදිංචි කිරීම 1935 අංක 14 නම් ආඥා පනත මගින් සහ පසුව 1970 අංක 24 යැයි වන “වෘත්තීය සමිති පනත” ලෙස සිව්වන වරටත් සංශෝධනයකර ක්‍රියාත්මක කෙරෙනවා.

මාධ්‍යවේදීන් ඒ ගැන නොදැන සිටියට, කතා නොකළට, ඒ මූලික අයිතිය ශ්‍රී ලංකාණ්ඩුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 හා 98 සම්මුතීන් අත්සන් කර අපරානුමත කරමින් ක්‍රියාත්මක කිරීමටත් බැඳී සිටිනවා. එතකොට, අදාල පාලක අධිකාරීන්ට පූර්ව දැනුම් දීම්කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස වැඩ වර්ජනය කිරීමේ කිසිම දොසක්, පාපයක් තියෙන්න බැහැ. දෝසය තියෙන්නනේ වෘත්තීය සමිති සමාජ කතිකාවකට සූදානම් නොවීමෙයි. තමන්ගේ ඉල්ලීම් සම්බන්ධ සියලු පාර්ශව සමග සංවිධිත ක්‍රියාවලියක් තුල සාකච්ඡා නොකර හදිසි වර්ජන තීන්දු ගැනීමෙයි. ලොකුම දොස අපේ වෘත්තීය සමිති නායකයින් එහෙම ප්‍රජාතන්ත්‍රීය සාකච්ඡාමය ක්‍රියාවලියකට සූදානම් නැති නායකයින් වීමෙයි. 

 

එහෙම අඩුපාඩු තිබුණට, වර්ජනය නොකළ අයට ආණ්ඩුවක් විශේෂයෙන් සැළකීමේ පදනම මොකක්ද? ඇමති මණ්ඩලය ජනාධිපතිගේ ඒ යෝජනාවට හිස වැනුවට, ඒක සාධාරණය වෙන්නේ නැහැ. ඒ නිසා වර්ජකයෙකුට හෝ වැඩ වර්ජන තීන්දුවට හවුල් වූ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතියකට ඒ ඇමති මණ්ඩල තීන්දුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නත් ඉඩ තියෙනවා, මට හිතෙන හැටියට.

 

450534841 879912920840348 6437387022661798357 n
එවැනි නෛතික ක්‍රියාවලියක් අපේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ (???) සාමකාමී මැදිහත්වීමක් වුනාට, ආණ්ඩුවේ තීන්දුව ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමට ගියහොත් කාර්යාලවල, වැඩපළවල, සමහරවිට ඉස්කෝලවල පවා බරපතල සේවක බෙදීමකට හේතු වෙන්න පුළුවන්. එය ආරම්භ වෙන්නේ මේ නාම ලේඛනය හදන්නේ කවුද කියන තැනින්. ආයතන ප්‍රධානියා ඒ වැඩේ බාර ගනීවිද? මෙය වැටිලා තියෙන, අකාර්යක්ෂම රාජ්‍ය සේවා තවත් අඩාල කෙරෙන වැඩක් වෙන්න පුළුවන්. “අපිව පාවලා දීලා උඹලා වැටුප් වර්ධක ගත්තා නම්, උඹලම කරපල්ලා” කියන ආකාරයේ කාර්යාලීය මානසිකත්වයකට එය ඉඩ හදන්න පුළුවන්. වඩාත් නරක අතට ගියොත්, “පුළුවන් නං හදලා යවපල්ලකො” කියන තර්ජනයත් ඒ මත සිදුවිය හැකි ගුටි කෙළිත් ඇතැම් විට අසන්න දකින්න ඉඩ තියේවී.

 

වැඩවර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න

ඒ නිසා මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට, විශේෂයෙන් තාමත් යම් සේවක නැඹුරුවක් ඇති අගමැති දිනේශ් ගුණවර්ධන වැන්නන්ට, බාර ගන්නවා නම් මගේ එකම උපදෙස, “වෘත්තීය සමිති සමග ඔවුන්ගේ ඉල්ලීම්වල දිග පළල සාකච්ඡා කරන්න වාඩි වෙන්න. ඒ කරුණු කාරණා සියලු පාර්ශව හවුල් කර ගන්නාසමාජ සාකච්ඡාවකට තියන්න. ඔය වැටුප් වර්ධක ගෙවීමේ හිතුවක්කාර තීන්දු අනාගතයට ඉතිරි කරන ඉතාම වැරදි පූර්වාදර්ශයක් වෙනන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය වැඩේ නම්, කරන්න එපා”.


මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 ජුලි 11

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...