The Leader News
BREAKING
Top Ad
Opinion

පච්ච සිරාලා සහ ටැටූ දුලාන්ලා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 12, 2024 • 4:37 PM

පච්ච සිරාලා සහ ටැටූ දුලාන්ලා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක යම් සම්ප්‍රදායක, ඇදහිමක සහ කැපවීමක නොමැකෙන සලකුණක් විදියට පාවිච්චි වෙලා තියනවා.
  • ටැටූ කියල කිව්වම එන්නේ පොඩි ළාමක ටිං ටිං ෆැෂන් අදහසක් උනාට පච්ච කියල කිව්වම ඊට වැඩි බරක් ඔයාලට දැනෙනවා ඇති.
  • නිහාල් නෙල්සන්ගේ 'සොමියට වරෙං පුතා' සිංදුවේ තියන ''පච්ච සිරාලා'' කිව්වම එයාල ළාමක ටිං ටිං ටැටූ කාරයෝ නෙවෙයි කියල ඔයාලට තේරෙනවා ඇති.
  • පැරණිම බටහිර ආගමක් වන යුදෙව් ධර්මය ඇතුලේ වගේම ඒකෙම යම් දිගුවක් වන ඉස්ලාමයේ ඇතැම් කොටස් අතරෙත් ශරීරයේ ටැටූ ගැසීම තහනම්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතුලේ ටැටූ තිබිල තියනවා. විකාශනය වෙලා තියනවා. ඒක යම් සම්ප්‍රදායක, ඇදහිමක සහ කැපවීමක නොමැකෙන සලකුණක් විදියට පාවිච්චි වෙලා තියනවා.

පච්ච කියන එකේ අදහසම තමයි නොමැකෙන කියන එක. ඒ අදහසින් වියෝ වෙච්ච කිසිම දෙයක් පච්ච සංස්කෘතියේ අධ්‍යාත්මය එක්ක බැඳෙන්නේ නැහැ.

ටැටූ කියල කිව්වම එන්නේ පොඩි ළාමක ටිං ටිං ෆැෂන් අදහසක් උනාට පච්ච කියල කිව්වම ඊට වැඩි බරක් ඔයාලට දැනෙනවා ඇති. නිහාල් නෙල්සන්ගේ 'සොමියට වරෙං පුතා' සිංදුවේ තියන ''පච්ච සිරාලා'' කිව්වම එයාල ළාමක ටිං ටිං ටැටූ කාරයෝ නෙවෙයි කියල ඔයාලට තේරෙනවා ඇති.  උං සිරා පොරවල්. සිරා කියන්නේ සීරියස් කියන එක.

ඒ කියන්නේ පවත්නා ක්‍රමයේ ආන්තික සීමාවක ඉන්න සාමාන්‍යයෙන් පවත්නා ක්‍රමයට එක් ආකාරයකට හෝ වෙනත් ආකාරයකට අභියෝගයක් වෙච්ච මිනිස්සු කොටසක් තමයි 'පච්ච සිරා' නියෝජනය කළේ. ඒ නිසා එයාගේ පච්චයට ගැඹුරු දේශපාලන අර්ථයක් තිබ්බ.

පැරණිම බටහිර ආගමක් වන යුදෙව් ධර්මය ඇතුලේ වගේම ඒකෙම යම් දිගුවක් වන ඉස්ලාමයේ ඇතැම් කොටස් අතරෙත් ශරීරයේ ටැටූ ගැසීම තහනම්. නැත්නම් හරාම්. නමුත් එයාලගෙත් දැන් තරුණ කොටස් මේක ෆැෂන් එකක් විදියට කරනවා.

ඈත බටහිර සහ සමකාලීන ලෝකයේත් ටැටූ ගොඩක් වෙලාවට යක්ෂයා එක්ක සම්බන්දකමක් පවත්වනවා. ඒ නිසා වෙන්න ඇති බටහිර ආගම් මේ සම්බන්දයෙන් සවිඥානික වෙලා තියෙන්නේ සහ තහනම් කරලා තිබෙන්නේ.

මට මතකයි ටැටූ එන්න කලින් පච්ච ගහපු කාලේ නැත්නම් අපි පොඩි කාලේ වැඩිහිටියෝ ගහගෙන හිටියේ ඔය යක්ෂයාට අදාල පච්ච. කිනිස්ස වටේ එතිලා ඉන්න නිරුවත් ගැහැණු රුවක්, යක්ෂයාගේ වචනයට අවනත වෙච්ච තහනම් ඇපල් කන ගැහැණියක්, තනිකරම යක්ෂයාගේ රුව වගේ ඒවා තමයි ස්ථිර පච්ච (permanent tattoos) හැටියට ගහගෙන හිටියේ (අම්මා බුදුවේවා වගේ ඒවත් මේ අතර තිබ්බ) සහ එයාල ටිකක් බය නැති චන්ඩි. මරණය එක්ක සෙල්ලම් කරපු අය. හෝ තරමක මුරණ්ඩු ඉතිහාසයක් තිබ්බ අය. ඒක මරු...

ඒ පච්ච ස්ථිරයි, වේදනාත්මකයි, අධ්‍යාත්මිකයි (ඒ කියන්නේ පච්චයට අර්ථයක් තිබ්බ). එයාල තද හිත ඇති මින්ස්සු කියල පිළිගැනීමක් තිබ්බ. ඉංග්‍රීසියෙන් කිව්වොත් ටෆ් ගයිස් ඕ ගල්ස් (tough guys or girls).

දැන් ටැටූ ෂොප් එකක් දානකොට ටැටූ ගහනවා කියන කියන කොටම එතැනම ලියනවා ටැටූ අයින් කරන්නත් පුළුවන් කියල (tattoo removal) සහ තාවකාලික ටැටූ ගහන්නත් පුළුවන් කියල. ඒ කියන්නේ දැන් ගොඩක් ඉන්නේ ඉස්ටිකර් ටැටූ කාරයෝ. ගහන ටැටූ එක ජීවිත කාලයක් පුරා දරාගන්න බැරි උං. තද හිත නැති උං.

මේක ලියන්න ඕනි උනේ මේ දවස්වල ක්ලබ් වසන්ත නිසා වැඩිපුර කතා වෙන අර ටැටූ ෂොප් එකේ අයිතිකාරය ගැන. ඒ කියන්නේ මේ දවස්වල මාධ්‍ය වලින් අලුතෙන් භෞතිස්ම කරලා (baptize) ඉන්න ''ටැටූ දුලාන්'' ගැන.

ඌ අර බොරුවට අඬපු ඇඬීල්ල ඇතුලේ පේනවා ඌ ස්ටිකර් ටැටූ කාරයෙක් කියන එක. ඌ ගේමක් ගැහුවා කියන එක සෑහෙන්න සත්‍ය උනත්, ඌ ඇතුලේ යක්ෂයා හොඳටම ඉන්න බව සත්‍ය උනත් පච්ච සිරාල ඔහොම හොටු පෙරාගෙන අඬන්නේ නැහැ. ඒ එකක්.

අනික තමයි මේ වෙලාවේ ඌව ''ටැටූ දුලාන්'' කියල මාධ්‍යකාරයෝ නම් කරන එකේ වෙනම දේශපාලනයක් වැඩ කරනවා. ඒ කියන්නේ ගෝනවල සුනිල්, සොත්ති උපාලි, නාවල නිහාල්, කිඹුලාඇලේ ගුණා, බැද්දගානේ සංජිව, කඩුවෙල වසන්ත, බ්ලුමැන්ඩල් සංඛ, තෙල්බාලා, කොස්ගොඩ සුජී, රණාලේ සමයං, අංගොඩ ලොක්ක වගේම ඒ විදියටම එළිසමය තියල (rhyme) නාමකරණය කරන්නේම ඉවත්කරන්න බලාගෙන (remove).

ඒ කියන්නේ අර මම ලිස්ට් එකක් විදියට ලියල තියන නම් ලැයිස්තුවේ කුමන නමක් ඔබට ඇහුණත් එයාල නිකම්ම පාතාල ප්‍රවර්ගයට වැටිලා ඕනි වෙලාවක මරණයට පත්වීම හෝ අතුරුදහන් වීම හෝ ආයුධ පෙන්නන්න ගිහිල්ලා මරණයට පත්වීම ස්වාභාවික දෙයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ ඉවත්වීම හෝ ඉවත්කිරීම සාමාන්‍ය දෙයක් වෙනවා.

ටැටූ දුලාන් අහිංසකයෙක් කියන්න නෙවෙයි මේ හදන්නේ. ඌ ගේමක් ගහල තියනවා කියල පේනවා. නමුත් මේ භෞතිස්ම කිරීම නම් ඉක්මන් වැඩියි වගේ...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පච්ච සිරාලා සහ ටැටූ දුලාන්ලා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader