The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ ඊළඟ නායකයා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 14, 2024 • 6:45 AM

ජවිපෙ ඊළඟ නායකයා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊටත් වඩා ජවිපෙ මතවාදය ජාජබය අතින් දූෂණය විය.
  • එයත් සමග ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයක උගත් බවත් කියැවේ.
  • ධනපති පන්තියට පමණක් ලැබිය හැකිව තිබූ අධ්‍යාපනය තමන්ටත් ලබා ගැනීම සඳහා නිර්ධනයාට සටන් කරන්නට සිදු විය.
  • නමුත් අද ලාල්ලා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ නැති බව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊටත් වඩා ජවිපෙ මතවාදය ජාජබය අතින් දූෂණය විය. එබැවින් ජවිපෙ කාඩරය මස්තබාල්දු වී තිබේ. ඔවුන්ට ගැලපෙන නායකයා ලාල් කාන්ත සහෝදරයාය.

ලාල්ගේ දුව යැයි කියන තරුණියක් ඉංග්‍රීසි සිංදුවක් කියන වීඩියෝවක් මේ දිනවල viral වෙමින් තිබේ. එයත් සමග ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයක උගත් බවත් කියැවේ. නිර්මාණකරුවා එයින් පෙන්වන්නට උත්සාහ කරන්නේ ජවිපෙ නායකයන්ගේ දෙබිඩි ගතියයි. නමුත් අප ඇසිය යුතු ප්‍රශ්නය එය නොවේ. 

ලාල් කාන්ත කියන ආකාරයට අනුන් දෙන දෙයකින් යැපෙන ඔහු වැනි නිර්ධනයෙකුටත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර සිය දරුවාට ධනේශ්වර පෞද්ගලික විශ්ව විද්‍යාලයක උගන්වා ඉංග්‍රීසියෙන් සිංදු පවා කිව හැකි වෘත්තිකයෙකු කිරීමට හැකි රටක ලාල්ලා කියන 75 වසරක සාපය කුමක්ද? යන ප්‍රශ්නයට ලාල් පිළිතුරු දිය යුතුය. මන්ද ඔහුගේ දරුවන්ට ඒ ආකාරයට සාර්ථක වීමට හැකි නම් එය සාපයක් නොවේ. ලංකාවේ සමාජ ආර්ථික දියුණුවට ලාල්ගේ දුව හොඳ නිදර්ශනයක් නොවේද? 



ජවිපෙ මුලදී නම් පෙනී සිටියේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිවය. එහි පදනම වූයේ අධ්‍යාපනය සෑම මිනිසෙකුටම පොදු (common) දෙයක් විය යුතුය යන කොමියුනිස්ට් මතවාදයයි. ධනපති පන්තියට පමණක් ලැබිය හැකිව තිබූ අධ්‍යාපනය තමන්ටත් ලබා ගැනීම සඳහා නිර්ධනයාට සටන් කරන්නට සිදු විය. නමුත් අද ලාල්ලා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ නැති බව කියයි. එයින් අප තේරුම් ගත යුත්තේ කුමක්ද? තවදුරටත් නිර්ධනයන් නැතිද? නොඑසේ නම් නිර්ධනයන්ට එකකුත් ධනපතියන්ට එකකුත් ලෙස අධ්‍යාපනය “නො පොදු” දෙයක් වූවාට කමක් නැතිද? ලාල් මේවාට පිළිතුරු දිය යුතුය.

මේ අධ්‍යාපනික කාරණය එකක් පමණී. අනෙක් සියලු කරුණු ඇසුරෙහි පවා ජවිපෙ මුහුණ දෙන අර්බුදය මෙයයි. ජවිපෙ නායකත්වයට පත් වීමට නියමිත ලාල් මේ මූලික මතවාදීය අර්බුද විසඳා ගත යුතුය.

ජනප්‍රියවාදී ජාජබ ව්‍යාපෘතිය තව පෝය තුනකින් බිඳ වැටෙන විට ජවිපෙ තවදුරටත් දේශපාලනිකව රෙළවන්ට් වීමට නම් ලාල් තමන්ගේ දුවට කියා හෝ ඉංග්‍රීසියෙන් මාක්ස් කියවිය යුතුය. ධර්මය ඔබට මග වේවා!

මහේෂ් අමලියන් එල්ලයිද? - ( එරන්ද ගිනිගේ )(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
නාමල් රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූලි 13


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජවිපෙ ඊළඟ නායකයා - (එරන්ද ගිනිගේ) | The Leader