The Leader News
BREAKING
Top Ad
Opinion

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි? - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

July 15, 2024 • 8:39 AM

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි? - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඔහු පවසා ඇත. ලාල්කාන්ත මෙම “තරමක් අමුතු ප්‍රකාශය” කොට ඇත්තේ ඉකුත් 08 වන දා මහනුවර දී විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමිනි.
  • එහෙත්, මෙය ඔහු ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ගෙන් එදා මෙදා තුර අසන්නට නොලැබුණු අන්දමේ දුලබ ප්‍රකාශනයකි.
  • ” එසේ පැවසූ ලාල්කාන්ත ඒ සමඟම මෙසේ ද කියා ඇත.
  • පී, සජබ, ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට්, ස්වාධීන ඇතුළු තව කොයිතරම් නම් වෘත්තීය සමිති මේ රටේ තිබෙනව ද?
අකුරු ප්‍රමාණය (Font Size):


ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඔහු පවසා ඇත. 

ලාල්කාන්ත මෙම “තරමක් අමුතු ප්‍රකාශය” කොට ඇත්තේ ඉකුත් 08 වන දා මහනුවර දී විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමිනි.

 



“කුමන ආකාරයේ වෘත්තීය අරගල සිදු කළත් මේ ක්ෂේත්‍රවල අඛණ්ඩ වර්ජන කරන්න ගියොත් අනිවාර්යයෙන් මහජන ප්‍රතිරෝධයක් එනවා. වෛද්‍ය වර්ජනයක් පැවැති අවස්ථාවේ ජනතාව වෛද්‍යවරුන්ගේ නිවෙස්වලට ගැහුවා. වාහන පවා කුඩු කළා. ඒ වගේම තමයි ළමයින්ට නිසි පරිදි අධ්‍යාපනය නොලැබුණොත් මවුපියන් ගුරු, විදුහල්පතිවරුන්ට එරෙහිව පාරට බහිනවා. දැන් අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වගේම විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජන ආරම්භ කර තිබෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ල වෙලා. මේවා අපිට පිළිගන්න බැහැ. අපේ ස්ථාවරය අරගල කරන්න, උද්ඝෝෂණ කරන්න, ඒත් වැඩ කරන්න කියන එකයි” ඔහු පවසා තිබේ.

එහෙත්, මෙය ඔහු ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ගෙන් එදා මෙදා තුර අසන්නට නොලැබුණු අන්දමේ දුලබ ප්‍රකාශනයකි.

” එසේ පැවසූ ලාල්කාන්ත ඒ සමඟම මෙසේ ද කියා ඇත.

 

වැඩවර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්නවැඩ වර්ජන නොමැතිව ඉල්ලීම් දිනා ගැනීමට ඕන තරම් ක්‍රම තියෙනවා.
“වැඩ වර්ජන නොමැතිව ඉල්ලීම් දිනා ගැනීමට ඕන තරම් ක්‍රම තියෙනවා. වැඩ වර්ජන පමණක්ම නෙවෙයි උත්තරය. අපි දරුවන් ගැන සිතා කටයුතු කළ යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ අතර තිබෙන ගැටලුවලට වඩා වෘත්තීය සමිති අතර ගැටලු වැඩියි. මේ රටේ අලකලංචි, බෙදීම් මෙන්ම අර්බුද වැඩිම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේයි. ප්‍රගතිශීලී, විකල්ප, ජේ. වී. පී, යූ. ඇන්. පී, සජබ, ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට්, ස්වාධීන ඇතුළු තව කොයිතරම් නම් වෘත්තීය සමිති මේ රටේ තිබෙනව ද? මේවා සමගියෙන් කටයුතු කරනව ද? බෙදීම් තමයි තිබෙන්නේ. 

ලංකාවේ වෘත්තීය සමිතිවල වැඩ කරන්න ලෙහෙසි පහසු නැහැ. ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් එන අවස්ථාවේ වෘත්තීය සංගම් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න අරගල කරන එක සාමාන්‍ය දෙයක්. මේ අරගල කරන අය මැතිවරණ සටන් භූමියට එන්න එපා. අපි දැන් සියලු දෙනාම එකතු වෙලා අරගල කරන්න ඕනේ මැතිවරණ සටන් භූමියේ. මේ ඉන්න පාලකයෝ පන්නා දමන සටනට තමයි අපි දැන් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මේ බංකොලොත් රටේ රාජ්‍ය සේවකයෝ සිදුකරන ඉල්ලීම් දෙන්න බැහැ කියලා අරගලකරුවෝ දැනගන්න ඕන. මේ ජාති ද්‍රෝහී කණ්ඩායම පන්නා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කර මිස ජනතා ඉල්ලීම් දිනාගත නොහැකියි.’’

අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා' -අනුර අලුත් ගමනකට සැරසේලාල් කාන්තලා ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියේ දේශපාලන පක්ෂයක් බව පක්ෂ ව්‍යවස්ථාවේ මුල් කොටසේම සඳහන් ව ඇත.

 

ලාල් කාන්තලා ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියේ දේශපාලන පක්ෂයක් බව පක්ෂ ව්‍යවස්ථාවේ මුල් කොටසේම සඳහන් ව ඇත. එය විද්‍යාත්මක සමාජවාදී දර්ශනයෙන් මඟ පෙන්වීම් ලබන බවත් පවතින ධනපති සමාජ ක්‍රමය නව සමජවාදී සමාජ ක්‍රමයක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට එය ක්‍රියා කරන බවත් පක්ෂ ව්‍යවස්ථාවේම සඳහන් ය. මේ ප්‍රතිපත්තිමය රාමුව තුළ රැඳී සිටීම සඳහා පක්ෂ සාමාජිකත්වයට බල කෙරෙන විශේෂ විධිවිධානයන් ද එම පක්ෂ ව්‍යවස්ථාවෙන්ම පනවනු ලැබ තිබේ. 

පොදු වාමාංශික දේශපාලන පක්ෂ නියමයන් පරිදි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන බවට දිවුරුමක් ද දී ඇති විද්‍යාත්මක සමාජවාදය පිළිබඳව අවබෝධයක් ලත්, දේශපාලනමය වශයෙන් සන්නද්ධ වූවෙකි. ඔහු දේශපාලනය පිළිබඳව කතා කළ යුත්තේ ද එම න්‍යායන් උල්ලංඝනය නොවන ලෙසිනි. 

එමෙන්ම පක්ෂ ව්‍යස්ථාවට හා පක්ෂ විනයට බැඳී සිටීම පක්ෂ විශ්වාසය කඩ නොකිරීම සාමාජිකත්වයේ වගකීම් ලෙස පක්ෂයේ ව්‍යස්ථාවේම සඳහන් කර ඇති පසුබිමක ලාල් කාන්ත මීට පෙර ද මෙවැනිම බරපතල කතාවක් කියා තිබේ. ඒ යූටියුබ් සාකඡාවක දී ය. එනම් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට සමාජවාදයෙන් බැහැරව හිඳින බවකි. 

 

ඒ අනුව දැඩි විධිවිධානයන් සහිත ව්‍යවස්ථාවකින් බැඳී සිටින ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු ජනතා විමුක්ති පෙරමුණේ මුඛ්‍ය අරමුණ වන සමාජවාදය අත හැරියායැයි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කිරීම පක්ෂ ව්‍යවස්‍ථාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව අතිශයින් පැහැදිලි ය. නමුත් එය ජනතා විමුක්ති පෙරමුණේ නිල ප්‍රකාශයක් සේම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දක් ද නොවන බව පෙනී යයි.

සාමාන්‍යයෙන් අප රටේ දේශපාලනඥයකු වෙතින් යමක් පැවසුණු විට එය එම පක්ෂයට අවාසිදායක නම් පක්ෂ ලේකම් වැනි වගකිව යුත්තකු කරන විශේෂ ප්‍රකාශයක් තිබේ. එනම් එය ඔහු ගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ නිල අදහසක් නොවන බවකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ යනු එසේ එක් එක්කෙනාට කටට එන එන දේවල් කිව හැකි පක්ෂයක් නොවේ. එවන් පසුබිමක් තුළ පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා පවා ලාල්කාන්තගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකිරීම තුළින් පෙනී යනුයේ ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන්ම දැන් ලාල් කාන්ත පවසන අන්දමට සමාජවාදය හැර දමා ඇති බවකි. 

මේ අතර ඔහු ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කළ ප්‍රකාශයක් ද අපගේ කරුණු දැක්වීමට එක් කර ගැනීමට මට සිතෙයි. 

 



“ටියුබ් එහෙක එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය අවසන් වගේ එහෙමත්. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. ඒ වගේ යථාර්ථය පිළි අරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරන්න. මොකද මේක පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි”

ජාතික ජනබලවේගය(NPP) හි ඉදිරි අභියෝග..! - (රන්ජන සේනානායක)ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ මෙන් පූර්ණ සමාජවාදය වෙනුවෙන් කැප වූ සන්ධානයක් නොවේ.

 

ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ හා බද්ධ වූ දේශපාලන සන්ධානයයි. 2019 දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් විසින්ම පිහිටුවා ගත් මෙම සන්ධානය දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 28 කින් සමන්විත ය. මාලිමාව ලාංඡනය යටතේ මැතිවරණ සඳහා ඉදිරිපත් වන එය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තවත් පක්ෂ 27 ක්, කම්කරු සංගම්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ වාර්ගික ප්‍රජාවන්ගේ සාමාජිකයින් ගෙන් සමන්විත වූවකි. එහෙත් ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ මෙන් පූර්ණ සමාජවාදය වෙනුවෙන් කැප වූ සන්ධානයක් නොවේ. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නම් නව දේශපාලන සංකල්පය මත මත ස්ථාපිත වූවකි. 

ඒ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි බව පැවසීම ජනතා විමුක්ති පෙරමුණට කෙසේ වෙතත් ජාතික ජනබලවේග සංකල්ප වලට අනුරූප වූවක් ද විය හැක. 

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹටකේ.ඩී. ලාල්කාන්ත සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි බව පැවසීම ජනතා විමුක්ති පෙරමුණට කෙසේ වෙතත් ජාතික ජනබලවේග සංකල්ප වලට අනුරූප වූවක් ද විය හැක

 

ගත වූ කාල වලට සාපේක්ෂව එක් ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය විනය ආදී වශයෙන් වූ බිඳ වැටීම් දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන් ගේත් දෙමාපියන් ගේත් ආදි සිසුන් ගේත් පොදු අදහස වූයේ ඒ තත්වයට විදුහල්පති ගේ නොමනා ක්‍රියා හේතු වී ඇති බවකි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත පාසලේ විශේෂ ගුරු දෙගුරු හමුවක් සංවිධානය කොට තිබිණ. එහි දී විදුහල්පති ගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් දෙමාපිය පාර්ශවයෙන් දැඩි චෝදනා එල්ලවත්ම පාසලේ විදුහල්පති සහ ඔහුට හිතවත් ගුරුවරුන් කිහිපදෙනකු විසින් ඊට ප්‍රති ප්‍රහාර ද එල්ල වනු දක්නා ලදී. එවිට එම සභාවෙන් නැඟී සිටි එම පාසලේ ගුරුවරයකු දෙමාපියන්ගේ පාර්ශවය ගනිමින් විදුහල්පතිවරයා දැඩි විවේචනයට ලක් කරන ලද්දේ සැමගේ අවධානයට ලක්වෙමිනි.

”ඉතින් ඕවා මොකද? මෙතන දිග අරින්නේ ඇයි ඕවා ගැන ස්ටාෆ් මීටින් එකක දී එක වචනයක් වත් කතා නොකළේ; ”එසැනින් නැඟී සිරි විදුහල්පතිට හිතවත් ගුරුවරයෙක් ඇසීය. ”මට එහෙම කියන්න උවමනාවක් නෑ. මගේ දරුවා උගෙන ගන්නෙත් මේ පාසලේමයි. මම මේ කතා කරන්නේ දෙමව්පියෙක් හැටියට. ඇයි මට මගේ දරුවා වෙනුවෙන් මෙතන කතා කරන්න බැරිද?” ඒ ගුරුවරයා එසැනින් ඇසීය.

පසුගිය දිනයෙක අපට අසන්නට ලැබුණු ඒ කතාව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්තගේ සමාජවාදය අත හැරීමේ සහ වැඩ වර්ජන වලින් වැලකී සිටීමේ කතාවෙන් යළි සිහි ගැන්වුණු බව ඔහු වෙත ස්තුති පූර්වකව මෙහි ලියා තබමි.

මෙතෙරින් සැලකුම් නැතත් ලක් පොළොවට සුව සදන එතෙරින් ආ ශාක අහිංසකාවිය;  ග්ලිරිසිඩියා – (රේණුකා දමයන්ති)(රේණුකා දමයන්ති ගමගේ)

නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි? - (රේණුකා දමයන්ති ගමගේ) | The Leader