The Leader News
BREAKING
Top Ad
Opinion

'තුනෙන් දෙක' ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 16, 2024 • 8:44 AM

'තුනෙන් දෙක' ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වනවිට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඔවුන්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් “ඉතිරි තුනෙන් දෙක” ඉල්ලා උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි.
  • රුපියල් 25,000 සටනින් ගුරු - විදුහල්පති තුනෙන් දෙකේ සටන මුළුමනින් සෝදා පාලුවට ගියේය.
  • අවසානයේ කිසිවකුට කිසිදු වැටුප් වැඩිවීමක් නොලැබුණු සටන් ලෙස සියලු උද්ඝෝෂණ හැකිලින.
  • ඔවුන් විසඳුම් සඳහා ඉල්ලන “සුභෝධිනි වාර්තාවේ” වැටුප් නිර්දේශ වලින් තුනෙන් පංගුවක් 2022 ජනවාරියේ සිට ඔවුන්ට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වනවිට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඔවුන්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් “ඉතිරි තුනෙන් දෙක” ඉල්ලා උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි. රුපියල් 25,000 සටනින් ගුරු - විදුහල්පති තුනෙන් දෙකේ සටන මුළුමනින් සෝදා පාලුවට ගියේය. අවසානයේ කිසිවකුට කිසිදු වැටුප් වැඩිවීමක් නොලැබුණු සටන් ලෙස සියලු උද්ඝෝෂණ හැකිලින. ගුරු සංගම් නායකයින් කියන්නේ ඔවුන් ඉල්ලන්නේ වැටුප් වැඩිවීමක් නොවේ යැයි කියා ය. ඔවුන් විසඳුම් සඳහා ඉල්ලන “සුභෝධිනි වාර්තාවේ” වැටුප් නිර්දේශ වලින් තුනෙන් පංගුවක් 2022 ජනවාරියේ සිට ඔවුන්ට ලැබේ. දැන් ඉල්ලන්නේ තුනෙන් ඉතිරි දෙක ය. 

 

ගුරු සිත රිදිලාද? -මහාචාර්ය චරිත හේරත්දැන් ඉල්ලන්නේ තුනෙන් ඉතිරි දෙක ය. 

මේ අවුල් ආරම්භ වන්නේ 1994 නොවැම්බර ජනාධිපතිවරණයේදී අපේක්ෂිකාවන් දෙදෙනා අතර තිබූ තරගයේදී වාසි ගැනීමට සිතා හදිසියේ පිහිටවු ගුරු සේවය හේතුවෙනි. ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් දෙවරකට ගොනු කෙරුණි. පළමුවැන්න විදුහල්පති සේවාවට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීමට විය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත විදුහල්පති සේවයේ වැටුප් වැඩි කරන්නට සිදු වූයෙන් එය තවත් අවුලකට හේතු විය. ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයට සිදුවූ අසාධාරණකම් හේතුවෙන් ඔවුහුද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ.

image 2078caaecbවිෂමතා ගැන කතා කරන්නට බී.සී. පෙරේරා නිර්දේශ පදනම් වූ සුභෝධිනි වාර්තාවද දැන් අදාල නැත.

 

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා වලට 1995 බී.සී. පෙරේරා වාර්තාවේ නිර්දේශද හේතු වූයෙන් 2006 දී සම්මත කෙරුණ රජයේ සේවාවේ සියලු ශ්‍රේණි සහ තනතුරු ආවරණය කෙරෙන “ජාතික වැටුප් ප්‍රතිපත්තිය” මගින් එය අවලංගු කෙරුණි. ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවය සඳහා වන වැටුප් සංශෝධනයක් 2006 අප්‍රේල් 25 වන දින රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 6/2006 මගින් ක්‍රියාත්මක කෙරුණි. විෂමතා ගැන කතා කරන්නට බී.සී. පෙරේරා නිර්දේශ පදනම් වූ සුභෝධිනි වාර්තාවද දැන් අදාල නැත. දැන් අවශ්‍ය වන්නේ වල් වැදුණු, විනාශ වන පාසල් අධ්‍යාපනය ගොඩ ගැනීමට විසඳුම් සාකච්ඡා කිරීම ය.

 

IMG 8086දැන් අවශ්‍ය වන්නේ වල් වැදුණු, විනාශ වන පාසල් අධ්‍යාපනය ගොඩ ගැනීමට විසඳුම් සාකච්ඡා කිරීම ය.
ඒ වෙනුවෙන් අවධානය යොමු කළ යුතු සාධක කිහිපයක් ඇත. පාසලේ සිසු සංඛ්‍යාව හා පහසුකම් සම්බන්ධ සාධකය ඉන් ප්‍රධාන වන්නකි. ගුරු මණ්ඩලයේ සංයුතිය සහ සුදුසුකම් දෙවැන්න ය. විදුහල්පති වගකීමට යටත් පාසල් පරිපාලනය තවකකි. දෙමාපිය සහයෝගයේ ස්වරූපයද එවගේම වැදගත් වන්නකි. එවැන්නක් ගැන සිතන්නවත් නොහැකි, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලොකු බලපෑම් සමග ප්‍රධාන නගරවල නඩත්තු වන අති ජනප්‍රිය යෝධ පාසල් සමූහයක් ඇත. ළමුන් හය හත්දායක් ඉන්න, ගුරු මණ්ඩලයේ දෙතුන් සීයක් ඉන්න ඒවායේ විදුහල්පති සහ ගුරු මණ්ඩල අතර හෝ අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වා ගැනීම උගහටය. වෙනත් දිස්ත්‍රික්කවල පදිංචි දෙමාපියන් සමග යහපත් නිරන්තර සහසම්බන්ධයක් පවත්වා ගැනීමට ගුරු මණ්ඩලයට නොහැකිය. ඒවා පැවැත්මෙන් හා සංඛ්‍යාත්මකව බරවා රෝගී පාසල්ය.

 

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩු නොකරන බලධාරීන් මතු පරපුරේ ශාපයට ලක්වෙනවාවඩාත් සාර්ථක අධ්‍යාපනයක් සඳහා පාසලක ළමුන් 1,000 ට වඩා නොසිටිය යුතුය

ළමුන්ගේ දැනුම, සමාජ අවබෝධය හා කුසලතා වර්ධනය සමග පෞරුෂ වර්ධනය ගැන සැළකුවහොත් වඩාත් සාර්ථක අධ්‍යාපනයක් සඳහා පාසලක ළමුන් 1,000 ට වඩා නොසිටිය යුතුය. පළාත් පාලන ආයතන මගින් පාසල් පාලනය කෙරෙන්නේ නම් වඩාත් හොඳය. එවිට දෙමාපියන් පළාත් පාලන ආයතනයේ ඡන්දදායකයින් වීමත් වාසියකි. ඒ ප්‍රදේශයෙන්ම නැතිනම් ඒ දිස්ත්‍රික්කයෙන් ගුරුවරුන් පත්කර ගැනීමටද හැකිය. අපේ සමාජ සම්පත් හා වත්කම් තත්ත්වයන් අනුව, මා ගණන් බලන අයුරු, ගුරු දෙගුරු හවුලක් සමගින් වූ අධ්‍යාපනික ක්‍රියාවලියක් සඳහා පාසලක උපරිම වශයෙන් තබා ගත යුත්තේ ළමුන් 1,500 කි. ඒවායේ සංගීත, නැටුම්, චිත්‍ර, ශාරීරික අධ්‍යාපනය වැනි විශේෂ විෂයන් සඳහා වන ගුරු සංඛ්‍යාව අතහැර, පාසලේ ගුරු සංඛ්‍යාව විය යුත්තේ 60 ක් පමණය.  

ඉන්ධන අර්බුදය : හෙට සිට සතියක් පාසල් වැසෙයිගුරු සේවාව දුර දිග යන පරිවර්තනයකට බඳුන් කළ යුතු වන්නේය.

 

එවැනි පාසල් කොපමණ තිබේද? ළමුන් 1,000 ත් 1,500 ත් අතර වන පාසල් ඇත්තේ 393 කි. ගුරුවර ගුරුවරියන් 25 ත් 50 ත් අතර සේවය කරන පාසල් ඇත්තේ 1,677 කි. මේ පාසල් වල තබා මීට වඩා කුඩා පාසල්වල පවා ඉගැන්වීම් හා ගුරු දෙගුරු සහසම්බන්ධයත් විදුහල්පතිගේ පාසල් පරිපාලනයත් ප්‍රායෝගිකව හා නිවැරදිව ඇගයීමට ලක් වන්නේ නැත. එබැවින් පවතින පාසල් අතුරින් වැදගත් අධ්‍යාපනයක් ඇති ආකෘතියක් සොයා ගත නොහැක. අනාගතය වෙනුවෙන් පාසල් පරිපාලනය, ගුරු වෘත්තිය සහ පාසල් විෂය ලේඛන සමග පාඨමාලා අලුතින්ම සකස් කර සංවිධානය කිරීම එබැවින් සමාජ අත්දැකීම් මත සාකච්ඡාමය ක්‍රියාවලියකින් සිදු විය යුත්තකි. එහිදී ගුරු සේවාව දුර දිග යන පරිවර්තනයකට බඳුන් කළ යුතු වන්නේය. දෛනික අත්දැකීම් අනුව, රාජ්‍ය සේවාවේ සියලු වෘත්තීන් අතුරින් වඩාත්ම දූෂිත නොවුනත් වඩාත්ම පිරිහුණු පසුගාමී සේවාව, වත්මන් ගුරු සේවාව වන්නේය.

හැම ක්ෂේත්‍රයකම, හැම වෘත්තියකම වැදගත් දායකත්වයක් ලබා දෙන, තම වගකීම් ඉටු කරන පුද්ගලයින් තවමත් ඉතිරිව ඇත. එළෙසින්ම, ගුරු විදුහල්පතිවරුන් අතරත් සේවයට කැපවුනු එවැන්නෝ තවමත් ඉන්නාහ. දක්ෂ ගුරුවරුන් වූවත් තම පාසලේ සිදුවන අසාධාරණ අකටයුතුකම් ගැන ඔවුන් කතා කරනවා ඇසෙන්නේ නැත. අධ්‍යාපනයේ බිඳ වැටීම ගැන හඬක් නොනගන ඔවුන්ගේ පුද්ගලික සේවා දායකත්වයෙන් අධ්‍යාපනයේ පිරිහීම නැවතිය නොහැකි බව අවධාරණය කළ යුත්තකි.

 

gyhbrt6අප ඉන්නේ හැම ක්ෂේත්‍රයකම කාර්යශූර, සේවයට කැපවුනු බහුතර සේවක පිරිස් සිටි 1950 - 60 දසක වල පැවති පරාර්ථකාමී සමාජයේ නොවේ.

මේ අප ඉන්නේ හැම ක්ෂේත්‍රයකම කාර්යශූර, සේවයට කැපවුනු බහුතර සේවක පිරිස් සිටි 1950 - 60 දසක වල පැවති පරාර්ථකාමී සමාජයේ නොවේ. මේ 80 දසකයෙන් ආරම්භ වූ සිල්ලර අවශ්‍යතා තොරම්බල් කෙරුණු අතිශය හිස්, ආත්මාර්ථකාමී සමාජ පැවැත්මක් තරගෙට වැළඳගන්නා, කුහක සමාජයක් හැදුනාවූ යුගයකි. මෙය මහ ජාතිය, ආගම, කුලයද අත නොහැර වාහනයේ වර්ගය, ප්‍රමාණය, මිල මත සමාජ තත්ත්වය ගණන් හදන යුගයකි. මෙය නිවසෙහි කාමර ගණන, උඩුමහල් සංඛ්‍යාව, අඳින ඇඳුමේ මිල අනුව සමාජ පිළිගැනුම තීන්දු කෙරෙන යුගයකි. මෙය අවට සමාජයේ සියල්ලන්ට දැකිය හැකි ලෙස ඉදිරියෙන් සිටීම සඳහා පාරිභෝගික තරගයක හති ලමින් දුවන සමාජයකි. අසීමිත ආදායම් සොයන පාරිභෝගික ණයකාරයින් හදන ක්‍රෙඩිට් කාඩ් පත්, වාරික හා කල් බදු, බැංකු ණය සමගින් සුසුම්ලන සමාජයකි.

වසරකට ළමා අපරාධ 5,000ක් - පොලීසිය කියයිළමා ආරක්ෂක අධිකාරයට 2021 වසරේ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 11,000 ක් ලැබී ඇත.

 

මේ සමාජයේ කඩා වැටීම, ආර්ථික පිරිහීම සමග සදාචාරය, විනය, සමාජ වටිනාකම් සහ හර පද්ධතීන්ද සෝදා පාලු වූ සමාජ පිරිහීමකි. ඒ හේතුවෙන් මුදල්මය දූෂණ වංචා වලට අමතරව, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය හා ලිංගික අතවර කිරීම්, ළමා අපචාර හා ලිංගික හිංසන, කප්පම් ගැනීම්, කොන්තරාත් මිනීමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සාමාන්‍ය ජන ජීවිතයේ අංග බවට පත්ව ඇත.

පසුගිය 2023 වසරේ සැප්තැම්බර මාසය අවසන් වන විට ඒ මාස 09 තුල බාල වයස්කාර ස්ත්‍රී දූෂණ සම්බන්ධව පැමිණිලි 168 ක් පොලිසියට ලැබී තිබිණ. ඉන් 22 කු ගැබ් ගෙන තිබිණැයි වාර්තා විය. ඊට අමතරව ළමා ආරක්ෂක අධිකාරයට 2021 වසරේ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 11,000 ක් ලැබී ඇත. ඉන් සියයට 41 ක් ලිංගික හිංසන සේ සළකනු ලැබිණ. කවුරුත් දන්නා පරිදි, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර ස්ත්‍රී දූෂණ, විශේෂයෙන් පාසල්වල සිදුවන ළමා අපචාර හා ශාරීරික හිංසන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්තා නොවන්නේය. දකුණු ආසියානු රටවල ස්ත්‍රී සහ බාල වයස්කාර දරුවන් සම්බන්ධ දූෂණ හා අපචාර සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන “ඉක්වොලිටි නව්” සංවිධානය ගොනු කළ ලංකාවේ නිල දත්ත අනුව 2018 ස්ත්‍රී දූෂණ පැමිණිලි 1,792 ක්ද 2019 දී 1,779 ක්ද විය. එවගේම 2019 දී ළමා දූෂණ 1,490 ක්ද වාර්තාවී තිබිණ.

 

පාසල් දරුවන්ට ගුටිදීම ගැන රෝයල් ප්‍රින්සිපල්ගෙන් පොරොන්දුවක්ගුරු වෘත්තිය රජයේ අනෙක් සේවාවන්ට වඩා පසුගාමී සමාජ ආකල්ප හා වැඩවසම්වාදී සිතුම් පැතුම් සමග පැවතීමටද හේතුවක් ඇත.

 

අප ගුරු වෘත්තිය ගැන කතා කරන්නේ අනෙකුත් අය මෙන්ම ගුරුවරුන්ද මේ දුෂ්ඨ, කුහක මහ ජාතිවාදී, ආගම්වාදී පිරිහුණු සමාජයෙහිම නිපැයුම් බැව් පිළිගනිමින්ය. ඒ අතර ගුරු වෘත්තිය රජයේ අනෙක් සේවාවන්ට වඩා පසුගාමී සමාජ ආකල්ප හා වැඩවසම්වාදී සිතුම් පැතුම් සමග පැවතීමටද හේතුවක් ඇත. ගුරු වෘත්තියට බහුතරයක් ඇතුළු වන්නේ ග්‍රාමීය සහ අර්ධ නාගරික සමාජයෙනි. අපගේ නගරය වෙළඳපලක් වන අතර ග්‍රාමීය සමාජය අසංවර්ධිත පැරණි සමාජයකි. එය නිදහස් වෙළඳපල ආර්ථිකයෙහිද අත හැරුණු සමාජයකි. අර්ධ නාගරික සමාජය, රෝස් නොකර තම්බාපු රෝස් පාන් ගෙඩියක් වැනිය. 

මේ පිරිස් සේවා ස්ථාන ලෙස තෝරා ගන්නේද ඔවුන්ට හුරු පුරුදු අව වර්ධිත ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ය. එනිසා බහුතරයක් ගුරුවරුන් ඉන්නේ ළිං කටින් පෙනෙනවාට වඩා ලොකු ලෝකයක් දකින්නට, ගසක අත්තකටවත් ගොඩ නොවූ ළිංමැඩියන් මෙනි. තමන් දන්නා හඳුණන තමන්ගේ හුදකලා පුංචි ලෝකයක ය. ඒ හේතුවෙන් ඊළග පරම්පරාව වසර 10 ට වැඩි කාලයක් පාසලේදී එකතුකර ගන්නේ, එවන් ගුරුවර ගුරුවරියන් එකතුකර ගත් සියලු පුද්ගලවාදී, නිස්සාර ආකල්ප හා නොවටිනාකම් ය. ඔවුන්ගේ යොවුන් පෞරුෂ හැදෙන්නේ නිරන්තරව ගොදුරුවන මේ පසුගාමී බොල් ආකල්පමය හැඩ කිරීම් සමග සමාජ වගකීම් නොහඳුණන, ආත්මාර්ථකාමයක් වැළඳ ගනිමින් ය. එබැවින් මේ පාසල් වලින් මේ ගුරුවරුන්ගෙන් හැදෙන තෙවන පරම්පරාව, ගුරු පත්වීම් ගෙන පාසල් වලට එන්නේ බාල ෆොටෝ කොපි වලින් ගත් ඊටත් වඩා බාල ෆොටෝ කොපි වශයෙනි.

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)ගුරු පත්වීම් දීමේ අවම සුදුසුකම් සමග නිශ්චිත පිළිවෙතක් තිබිය යුතුය.

 

අධ්‍යාපනය ගොඩ දැමීමට නම්, මේ විනාසකාරී ගමන නතර කරගත යුතුව ඇත. එය යෝධ සමාජ වෙනසක් සමග සිදු විය යුත්තක් වන අතරම, ගුරු වෘත්තියෙහි වෙනසක් වෙනුවෙන්ද පියවර ගත යුත්තකි. කෙටියෙන් කිවහොත් ගුරු සේවය රැකියාදීමේ පහසුවට තබා ගත යුත්තක් නොවන බව සමාජයට කීමෙනි. ගුරු පත්වීම් දීමේ අවම සුදුසුකම් සමග නිශ්චිත පිළිවෙතක් තිබිය යුතුය. එය තෙවසරක දියුණු පාඨමාලා සමග අලුතින්ම සංවිධානය කළ යුතු නවීන ගුරු අභ්‍යාස විද්‍යා පීඨ වලින් සමත්වන වෘත්තිකයින්ට සීමා කළ යුත්තකි. විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට ගුරු සේවයට එන්නට අවශ්‍ය නම්, ඔවුන් ගුරු අභ්‍යාස විද්‍යා පීඨයක අවසන් වසර සම්පූර්ණ කර ගුරු වෘත්තීය සහතිකය ලබාගත යුතු යැයි නියමයක් තිබිය යුතුය. විශ්ව විද්‍යාල නීති පීඨයෙන් සමත්වන නීති උපාධිධාරීන්ට නීති වෘත්තියට ඇතුළු වන්නට නීති පාසලේ අවසන් විභාගය සමත් විය යුතු ලෙස ය.

 

නොමිලේ අධ්‍යාපනයේ ඇත්ත කතාව - (චන්දන ප්‍රසන්න)ගුරු වෘත්තිය හැදීමට පටන් ගතහොත් අපට අධ්‍යාපනය ගොඩ දැමීම ගැන කතාවට අනතුරුව ගොඩ විය හැකිය.

එනිසා දැන් වහා අත ගැසිය යුත්තේ ගුරු සේවාව සැබෑ නූතන වෘත්තියක් ලෙස ස්ථාපිතකර ගැනීමේ එවැනි විසඳුමකට ය. ගුරු වෘත්තිය හැදීමට පටන් ගතහොත් අපට අධ්‍යාපනය ගොඩ දැමීම ගැන කතාවට අනතුරුව ගොඩ විය හැකිය. ලොකුම තුවාලය සනීපකර ගතහොත් අනෙක්වා සුවකර ගැනීම බරපතල ප්‍රශ්න නොවන්නාක් වැනිය.


මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 ජූලි 16 වන දින  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...