The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල්ගේ දේශපාලන බුද්ධිය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 16, 2024 • 3:37 PM

නාමල්ගේ දේශපාලන බුද්ධිය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහභාගී වෙමින් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.
  • ලෝක අවබෝධය පැත්තෙන් මා දකින්නේ නාමල්ට බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවය.
  • ඇතැම් විට ඒ පුළුල් දැනුම නිසා ඔහු කතා කරන්නට ගිය විට නිමක් නැත.
  • සිදුවීම් සහ අදහස් ගලාගෙන පැමිණේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සහභාගී වෙමින් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. එය වැදගත් ප්‍රකාශයක් වන්නේ “අපිට වඩා” එනම් එතුමාටත් වඩා දේශපාලන බුද්ධියක් සහ ලෝක අවබෝධයක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට තිබෙන බව රණතුංග මහතා පිළිගත් නිසා පමණක් නොව, තමන්ට වඩා වයසින් බාල වුවත් දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය අතින් තමන්ට වඩා උසස් අයෙකු ලෙස පිළිගැනීමට තරම් නිහතමානීත්වයක් ප්‍රසන්න රණතුංග මහතාට තිබෙන නිසාය.

තාවකාලික පින් ඇමතිකම්වලින් ඔළුව උදුම්මවා ගත් ඇතැම් දේශපාලන මැර බාලයන් විසින් අප වැනි සාමාන්‍ය පුරවැසියන්ට මරණ තර්ජනය කර අඩම්තේට්ටම් කර අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වළක්වන්නට හදන අතරතුර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඒ ආකාරයට නොහැසිරී නිහතමානීව තමාට වඩා දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ඇති අයට ප්‍රසිද්ධියේ ගරු කිරීම වටිනා ගුණාංගයකි. ඒ වෙනුවෙන් රණතුංග මහතාට මාගේ ස්තුතිය පුද කරමි.

ප්‍රසන්න රණතුංග මහතා නාමල්ගේ දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ගැන කියූ කතාවට මමද එකඟ වෙමි. දේශපාලන බුද්ධිය අතින් සැබැවින්ම නාමල් මට වඩා පොහොසත්ය. ඔහුට වසර පහළොවක පමණ දේශපාලන අත්දැකීම් තිබේ. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමීපයේ ඔහුට ලැබුණු දේශපාලන අත්දැකීම්ද තිබේ. ලෝක අවබෝධය පැත්තෙන් මා දකින්නේ නාමල්ට බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවය. ඔහු අවට ලෝකය වේගයෙන් සහ උනන්දුවෙන් කියවා ගන්නෙකි. එහෙයින් ඔහුට අනන්‍ය වූ ලෝක දැනුමක් තිබේ. ඇතැම් විට ඒ පුළුල් දැනුම නිසා ඔහු කතා කරන්නට ගිය විට නිමක් නැත. සිදුවීම් සහ අදහස් ගලාගෙන පැමිණේ. නමුත් ඔහු දන්නා සියල්ල විවෘතව නොකිව යුතුය යන්න මාගේ අදහසයි. ධර්මය ඇසුරෙන් නාමල්ට ලෝක අවබෝධය ඇති දැයි මම නොදනිමි. ඔහු බොහෝ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරයි. එබැවින් එම අවබෝධයද ඔහුට තිබිය හැකිය.

 

 
 
අපට වඩා බුද්ධියෙන් සහ අවබෝධයෙන් වැඩි අය කියන දේ අප නිහතමානීව පිළිගත යුතුය. එය අපගේ යහපත පිණිස වේ. දේශපාලනය කරන බොහෝ අයට වෙන්නේ එලෙස තමන්ට වඩා බුද්ධියෙන් සහ අවබෝධයෙන් වැඩි අය කියන දේ අහන්නේ නැතුව තමන්ගේ මෝඩකමට වැඩ කරන්නට ගොස් අසාර්ථක වීමයි. දේශපාලනය පමණක් නොව වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක වෙන්නෙත් එයයි. එසේ නම් ප්‍රසන්න රණතුංග මහතා කියන ආකාරයට ඔහුට වඩා දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ඇති නාමල් රාජපක්ෂ නමැති දේශපාලනඥයා කියන දේ අප විවෘත මනසකින් ඇසිය යුතුය.

නාමල් නිතරම කියන්නේ අපේ මාතෘභූමියේ වටිනාකම් හඳුනන, අපේ සංස්කෘතික ගුණධර්ම හඳුනන, අපේ ජනතාවගේ දහදිය සුවඳ හඳුනන, නූතන තාක්ෂණික දැනුම මත පදනම් වන, එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හර පද්ධතිය පිළිගන්නා සහ අපගේ පාක්ෂිකයන්ගේ අභිමානයට ගරු කරන අයෙකු පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා විය යුතු බවය. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූලි 16



 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...