The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් ඔබට සුබ පැතුම්! - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 20, 2024 • 3:57 PM

රනිල් ඔබට සුබ පැතුම්! - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල නිවැරදි මොහොතේ දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය.
  • එයින් සිදු වන්නේ තමන්ගේ උපරිම මොහොතේ ලැබුණු ගෞරවය අහිමි වී අවාසනාවන්ත ලෙස විශ්‍රාම ගැනීමට සිදු වීමයි.
  • අර්බුදය ආරම්භ කළේ 2015–19 ඔබගේ සහ සිරිසේනගේ පාලනය විසින් වුවත් කෙසේ හෝ ඔබ එම අර්බුදය නිසාම රටේ මුල් පුටුවට ගියේය.
  • ඒ අලුත් නායකත්වය දෙස උපේක්ෂාවෙන් බලා සිටීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය ලියමි. මංගල නිවැරදි මොහොතේ දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය. විශ්‍රාම ගත යුත්තේ තමන්ගේ උපරිම මොහොතේය. ඒ මොහොත අවබෝධ වන්නේ බුද්ධිමතෙකුට පමණී. බොහෝ අය එම මොහොත මග හැර ගනී. එයින් සිදු වන්නේ තමන්ගේ උපරිම මොහොතේ ලැබුණු ගෞරවය අහිමි වී අවාසනාවන්ත ලෙස විශ්‍රාම ගැනීමට සිදු වීමයි.

රනිල්ගේ උපරිම මොහොත මේ වසර දෙකට ජනාධිපති වීමය. තවත් යෑමට උපරිමයක් නැත. අර්බුදය ආරම්භ කළේ 2015–19 ඔබගේ සහ සිරිසේනගේ පාලනය විසින් වුවත් කෙසේ හෝ ඔබ එම අර්බුදය නිසාම රටේ මුල් පුටුවට ගියේය. එසේ ඔබට ලැබුණු මහඟු අවස්ථාව වනසා නොගෙන කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබිණි. එයින් ඔබගේ පෙර පව් ටිකක් සේදී ගියාක් මෙනි. එය ඉහටත් උඩින් ප්‍රමාණවත්ය. දැන් තිබෙන්නේ ඒ උපරිම මොහොත ඉතිහාසයේ නොමැකෙන සේ ලකුණු කර ගෞරවාන්විතව විශ්‍රාම ගැනීමය.


ශ්‍රී ලංකාවට දැන් අලුත්ම අලුත් නැවුම් දැක්මක් සහිත රාජ්‍ය පාලනයක් අවශ්‍ය කර තිබේ. ඔබගේ පරම්පරාව දැන් කළ යුත්තේ ඒ අලුත් නායකත්වයට ආශීර්වාද කර ඔබගේ දැනුමෙන් සහ අත්දැකීමෙන් අනුශාසනා කර හැකි සහායක් දැක්වීමය. ඒ අලුත් නායකත්වය දෙස උපේක්ෂාවෙන් බලා සිටීමය. සිරිසේන වැන්නෙකුට නම් මම මේ දෙය කියන්නේ නැත. ඔහුට මේවා තේරුම් ගැනීමට තරම් උගත්කමක් නැත. නමුත් ඔබට මා මේ කියන දෙය වැටහෙන බව මට විශ්වාසය.

ඔබ වටේ ඔය දැන් සිටින ළදරුවන් ටික නම් තඹ සතේකට ඔබ විශ්වාස නොකරන බව මම දනිමි. ඒ නිසා ඔවුන්ගේ සිඟිති බස් අසා නිකරුණේ මේ ලබා ගත් උපරිම මොහොත නැති කර ගන්න එපා. දැනටමත් ඔය ව්‍යවස්ථා අවුල් දාලා වැඩේ වනසලා තියෙන්නේ. තව කරන්න දෙන්න එපා. ඔවුන්ගේ පක්ෂයේ නායකයාට කොකා පෙන්වන්නට ගිය ඔවුන් එයම ඔබටත් කරන බව ඔබට වඩා දන්නා කෙනෙකු සිටිය නොහැකිය.


එබැවින් ඔබේ මේ උපරිම මොහොතේ ලස්සනට වැඩේ කරලා යන්න. නිදහස් හා සාධාරණ ඡන්දයක් තියලා, හරිම ගෞරවාන්විත විදිහට අලුත් ජනාධිපතිට අත දීලා සුබ පතලා මහත්මයෙක් වගේ යන්න. ඒක තමයි රනිල් ඔබට ලබන්න පුළුවන් උපරිම දේශපාලන ගෞරවය. එදාට මිනිස්සු ඔබට සුබ පතයි! මංගල අද හිටියා නම් ඔබට කියන්නේ මේ ටික කියලා ඔබ දන්නවා. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ජූලි 20

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් ඔබට සුබ පැතුම්! - (එරන්ද ගිනිගේ) | The Leader