The Leader News
BREAKING
Top Ad
Opinion

කොළඹ අවසන් ප්‍රභූවරයා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 21, 2024 • 10:32 AM

කොළඹ අවසන් ප්‍රභූවරයා...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක. වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව තිබ්බ වෙලාවක. අලි සබ්‍රි නිවැරදි නම් අනික් හැමෝම ලංකාව ලෙබනනයක් දිහාවට යයි ඒ නිසා මේ වෙලාවේ මේ ගින්දරට පනින්නේ නැතුව ඉම්මු කියල කිව්ව වෙලාවක.
  • කොටින්ම මහා අරාජක බවක් එක්ක දේශපාලනය කියන වචනයම බංකොලොත් උණා.
  • ඇත්තටම දේශපාලනයක් නැතුව ගියා.
  • දේශපාලනය කළා කියන එක මරණීය දෙයක් උණා. ඒකයි පොහොට්ටුවේ ගොඩක් අය රනිල් සම්බන්දයෙන් යම් කෘතවේදී බවක් දක්වන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක. 

වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව තිබ්බ වෙලාවක. 

අලි සබ්‍රි නිවැරදි නම් අනික් හැමෝම ලංකාව ලෙබනනයක් දිහාවට යයි ඒ නිසා මේ වෙලාවේ මේ ගින්දරට පනින්නේ නැතුව ඉම්මු කියල කිව්ව වෙලාවක.

නමුත් ඒ මහා ගිණි ජාලාව එක්ක මේ රට රනිල් භාරගත්ත. ඒ වෙන කිසිම සාමාන්‍ය වෙලාවක එයාට ලැබෙන්න තියා හිතන්නවත් බැරි දෙයක්. සාමාන්‍යයෙන් රට දුවන වෙලාවක නම් ජොලියටත් කොල්ලෝ බැණ බැණ ඉන්න කෙනෙක් තමයි රනිල් කියන්නේ.

නමුත් කලිසම ඉණ පල්ලේ වැටෙන නිසා ඒක උස්ස උස්ස හිටපු මේ නාකියා (දැන්නම් නාකියා කියන්නේ ආදරේට) ඒ වගකීම ගත්ත. මේ වයෝවෘද්ධ ප්‍රභූ නාකියා අර නීට් එකට ඇඳුම අඳින ''කොල්ලෝ'' කරන්න පස්ස ගැහුව වැඩක් කරන්න ඉස්සරහට ආව.  

 

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඒකෙ ප්‍රථිපලයක් හැටියට අපි යන්තම් හුස්ම ගන්නවා වගේ දැනෙනවා. ඒ ගැන කියන්නේ එපමණයි. 

තාමත් හරියටම අර්තකථනය කරන්න බැරි සහ වචනයට නගන්න බැරි 1978ට පස්සේ මේ විවෘත ආර්ථික ක්‍රමය වඩා ප්‍රශස්ත විදියට කරන්න පුළුවන් කෙනෙක් හැටියට මට රනිල් ගැන තිබ්බ විශ්වාසය මේ 'අටවාගත්ත' කියන අවුරුදු දෙකට එයා යම් දුරකට ප්‍රායෝගිකකරණය කරලා පෙන්නුවා. 

ඒ නිසා 2010 රාවයට මම ලියපු රනිල් ගැන ළිපිය (රනිල්: ලාංකික ප්‍රභූත්ව දේශපාලනයේ අවසානය) සහ තවත් ලිපි සහ ෆේස්බුක් සටහන් ගණනාවකට සාධාරණයක් මේ නාකි ප්‍රභු දේශපාලඥයා කළා. 

පොහොට්ටුව එක්ක දේශපාලන කරපු ගොඩක් අයට ඒ මහා අර්බුදය එක්ක තවදුරටත් ගෙවල්වල ඉන්න බැරිවුණා. පාරේ බැහැල යන්න බැරිවුණා. කොටින්ම මහා අරාජක බවක් එක්ක දේශපාලනය කියන වචනයම බංකොලොත් උණා. ඇත්තටම දේශපාලනයක් නැතුව ගියා. දේශපාලනය කළා කියන එක මරණීය දෙයක් උණා. 

 

රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ
ඒකයි පොහොට්ටුවේ ගොඩක් අය රනිල් සම්බන්දයෙන් යම් කෘතවේදී බවක් දක්වන්නේ. ඒක එයාල කරන්නේ බොක්කෙන්. එයාල දන්නවා ගමනේ අමාරුව. 

මම ආස නැති පොහොට්ටු දේශපාලනඥයෙක් ඊයේ පෙරේදා මෙහෙම කිව්වා. රනිල් මේ රට පාලනය කරන්න තිබ්බේ මීට අවුරුදු හතළිහකට කලින්...රනිල් විරෝධී කඳවුරක ඉඳල දැන් රනිල් එක්ක වැඩකරනකොට එයාලට දැනෙන හැඟීම තමයි ඒ.


ගොඩක් පොහොට්ටුවේ ඇමතිවරු රෙදි බැනියම් ගලවල දැන් අඳින්නේ ටයි කෝට්. ඇත්තටම රනිල් පොහොට්ටුකරණය උනාට වඩා වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ගොඩක් අය රනිල්කරණය වීම. 

කොහොම උනත් එතන ඉඳන් අද දවස වෙනකල් ගත්තම රට යම් ආකාරයකට ඔළුව උස්සමින් තියනවා. තව යන්න තියන දුර ගොඩයි. හැබැයි ලංකාවේ තිස් වසරක යුද්දය අවසන් වීම එක්ක මහින්ද රාජපක්ෂගේ නම ඉතිහාස ගතවෙන්නේ යම්සේද එසේම මේ රට බංකොලොත් බවින් මුදාගත්ත හෝ ඒ අර්බුදයට ශරීරය දුන්න දේශපාලඥයා හැටියට රනිල් නම් අවසන් කොළඹ ප්‍රභූවරයා ඉතිහාසගත වෙනවා....

තවත් රාජ්‍ය ආයතන 2 ක් මුදල් අමාත්‍යංශය යටතට

 

ඇත්තටම ඔහු එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි ලංකාවේ ලොකුම මැතිවරණ ජන සන්නිපාතය වෙච්ච 69 ලක්ෂෙටත් සාධාරණයක් කළා. ඒ කියන්නේ ලංකාවටම සාධාරණයක් කළා. 

ඒ නිසා මම කෙදිනක හෝ ඔහු වෙනුවෙන් ලියපු මොකක් හෝ වචනයක් වෙනුවෙන් සතුටක් හිතේ තියනවා. ඒ ඇති. 

අවසන් කොළඹ ප්‍රභූවරයා කියන වචනේ ණයට ගත්තේ The Last Samurai දිහා බලල. 

69 ලක්ෂය සහ රනිල් ගැන මේ මොහොතේ මගේ අදහස දැනගන්න ඕනිනම් මේ වීඩියෝවත් බලන්න. ඩේට යනවා කියල හිතෙනවා නම් බලන්න එපා.  



ස්ත්‍රිය අහිංසක ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...