2000 න් පස්සේ ඉපදුන රෝන් ජෙනරේශන් අරගලකරුවන්ගෙන් ඇහුවොත් ඒ කතාව ඔවුන් දන්නේ නැති බවට මෙන්න කැට. නමුත් හුණුවටයේ කතාවේ හොඳම කොටස වැල් පාලම නොවෙයි. අවසාන ජවනිකාවේ තමයි කතාවේ සදාචාරාත්මක පාඩම එන්නේ.
ඔය කතාවේ ඉන්න දරුවගේ නම මයිකල්. එයාගේ අම්මා නටාලියා - අහංකාර ප්‍රභූ වංශක්කාරියක්. අතදරුවා කාලෙම මයිකල්ව දාලා ඇය පලා යනවා. අවුරුදු ගාණක් මයිකල්ව හදා වඩා ගන්නේ ගෲෂා කියන මෙහෙකාරිය. මහා ජංජාල ගොඩක් වෙලා අන්තිමට මයිකල්ගේ අම්මා කවුද කියලා විනිශ්චය කරන්න නඩුවක් එනවා. විනිශ්චය දෙන්නේ අසඩක් නමැති බුද්ධිමතා. බයිබලයේ සොලමන් රජුගේ කතාවේ උපාය ඔහු යොදා ගන්නවා. උසාවියේ මැද හුණු කූරකින් රවුමක් අඳිනවා. හුණු වටය කියන්නේ ඒකයි. ඒ මැද්දේ දරුවා ඉන්දනවා.
හුණු වටයේ කතාවේ අවසාන ජවනිකාවේ තමයි කතාවේ සදාචාරාත්මක පාඩම එන්නේ.
අසඩක් කියනවා නටාලියාට සහ ගෲෂාට දරුවගේ අත් දෙකෙන් දෙපැත්තට ඇදපල්ලා කියලා. දරුවා ඇද ගන්න කෙනා අනුව අම්මා කවුද කියලා තීරණය කරනවා කියලා. මෝඩ නටාලියා දරුවා ඇදලා ගන්නවා. ගෲෂා බැහැ කියලා අඬනවා. එයා කියනවා දරුවගේ අතින් ඇදලා තුවාලයක් වෙන්න දෙන්න බැහැ කියලා. අසඩක් තීරණය කරනවා දරුවා ගෲෂටම දෙන්න. මොකද ඇය තමයි දරුවට සැබැවින්ම ආදරේ කළේ.
පොහොට්ටුවට වැඩිය ආදරේ කවු ද?
පොහොට්ටුවේ නායකයොත් හුණු වටයේ පරීක්ෂාව තමයි කළේ. රනිල්ගේ අහංකාර පුත්තු කියනවා රනිල්ට නොදුන්නොත් පොහොට්ටුව පරද්දන්න වැඩ කරනවා කියලා. නාමල් ප්‍රමුඛ කණ්ඩායම කියනවා අපේක්ෂකයා කවුරු වුණත් පොහොට්ටුව දිනවන්න වැඩ කරනවා කියලා. පොහොට්ටුව පරද්දන්න වැඩ කරන කෙනාද පක්ෂයට වැඩිය ආදරේ? කවුරු දැම්මත් පොහොට්ටුව දිනවන්න වැඩ කරන කෙනාද පක්ෂයට වැඩිය ආදරේ? අරගලය වෙලාවේ පොහොට්ටුව දාලා රනිල් ගාවට ගියා සමහරු. නාමල් ප්‍රමුඛ කණ්ඩායම පොහොට්ටුව ආදරයෙන් රැක ගෙන ශක්තිමත් කළා. දැන් අර නටාලියාලා ඇවිල්ලා පොහොට්ටුවේ පෙති අදිනවා පළුවක් ඉරා ගන්න.
ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com



