The Leader News
BREAKING
Top Ad
Opinion

පොහොට්ටුවේ පරිණාමීය මොහොත - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 28, 2024 • 5:43 AM

පොහොට්ටුවේ පරිණාමීය මොහොත - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම දෙයක් කාලෙන් කාලෙට පිරිසිදු විය යුතුය.
  • එය වියදමක් ලෙස දැනුනත්, එයින් එන්ජිම සුමට වේ.
  • මහා ලොකුවට දැන් ප්‍රජාතන්ත්‍රය ගැන කතා කළාට අනෙකාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දරා ගත නොහැකිව කුණුහරුප කියමින් ගහගන්න එන බොළඳ සාහසිකයන්ය.
  • ඔවුන් හට පක්ෂයේ නායකයන්ගේද ගෞරවය හිමි වන බව මා හට විශ්වාසය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඕනෑම දෙයක් කාලෙන් කාලෙට පිරිසිදු විය යුතුය. කාලයක් යන විට ඕනෑම පද්ධතියක විෂ අපද්‍රවය එකතු වේ. මිනිස් සිරුරේ එකතු වන අපද්‍රවය විරේක කර පිට කිරීම සිංහල වෛද්‍ය ක්‍රමයයි. මුලදී එය අපහසුවක් මෙන් දැනුනත්, විරේකය කළ පසු විශාල සහනයක් දැනේ. ශරීරය ප්‍රාණවත් වේ. ලෙඩ රෝග සුව වේ. වාහන එන්ජිමක වුවත් කළු ගැහුණු පරණ තෙල් ඉවත් කළ යුතුය. ඒ වෙනුවට අලුත් තෙල් එකතු කළ යුතුය. එය වියදමක් ලෙස දැනුනත්, එයින් එන්ජිම සුමට වේ. වාහනයේ ඉන්ධන දහනය කාර්යක්ෂම වී වේගය වැඩි වේ. 

ඉවත් වුණු පිරිස සැබැවින්ම පොහොට්ටුවේ එක් රැස් වුණු විෂ අපද්‍රව්‍යන්ය. ඔවුන්ගෙන් රටේ ජනතාවට වුණේ යහපතකට වඩා අයහපතකි. ඔවුන් පොහොට්ටුවේ සිටි වඩාත්ම සෘණාත්මක පුද්ගලයන්ය. නාහෙන් අඬන්නන්ය. පක්ෂයේ නායකත්වයට ගෞරවයක් නැති අහංකාර උද්දච්ච මංපොරවල්ය. මහා ලොකුවට දැන් ප්‍රජාතන්ත්‍රය ගැන කතා කළාට අනෙකාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දරා ගත නොහැකිව කුණුහරුප කියමින් ගහගන්න එන බොළඳ සාහසිකයන්ය. නූතන ලෝකයේ ශිෂ්ට සම්පන්න ගුණ නොපෙන්වන තර්ඩ්ක්ලාස් මිනිසුන්ය. බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නාක් මෙන් එවැනි පාප මිත්‍රයන්ගෙන් මිදීම අප හට වැඩදායකය.

 

452487053 1040591150769955 7833413015784011772 n
ගිය සුළු පිරිසට වඩා විශාල මන්ත්‍රී පිරිසක් මහින්ද චින්තන ප්‍රතිපත්ති රකිමින් පොහොට්ටුවේ යහමින් සිටී. ඔවුන්ටත් වඩා අති විශාල ලක්ෂ සංඛ්‍යාත සාමාජිකයන් පිරිසක් හදවතින්ම මහින්ද රාජපක්ෂ නායකත්වයට ආදරය කරමින් සිටී. ඔවුන් හට මම පුද්ගලිකව බෙහෙවින් ගෞරව කරමි. ඔවුන් හට පක්ෂයේ නායකයන්ගේද ගෞරවය හිමි වන බව මා හට විශ්වාසය. හිස් වුණු ආසන සඳහා පක්ෂය සමග නිබඳව සිටි සාමාජිකයන්ට අවස්ථාව දිය යුතුය. එහිදී ඔවුන්ගේ කල්ක්‍රියාව සලකා බැලිය යුතුය. පක්ෂයේ මතවාදය ස්ථිරව දරන පුද්ගලයන් විය යුතුය.

මෙය පොහොට්ටුවේ තවත් පරිණාමීය මොහොතකි. ඉතාම සාමාන්‍ය දෙයකි. ලෝකයේ සියල්ල ඉදිරියට පෙරළේ. කාලය පෙරට මිස පසුපසට නොයයි. පොහොට්ටුවත් ඉදිරියට යා යුතුය. ඉවත්ව යන්නන් වෙනුවෙන් නැවතී බලා සිටීමට කාලයක් නැත. “What got you here, will not take you the rest” කියා ප්‍රසිද්ධ කියමනක් තිබේ. එනම් “ඔබ අද සිටින තැනට ඒමට හේතු වූ යමක් තිබේද, ඔබේ ඉදිරි ගමනට එය බාධාවකි.” ඉවත් වූ පිරිස ඉවත් වෙන්නේ පක්ෂයේ වරදක් නිසා නොවේ. ඔවුන් වෙනත් දේශපාලන මතවාදයක් සහ නායකයෙකු තෝරා ගෙන තිබේ. එය ඔවුන්ගේ තීරණයයි.

එහි ආදීනව ඔවුන් සහ ඔවුන් පමණක් සතුය. ඉවත්ව ගිය විමල් වීරවංශලාට වුණු දෙයම මොවුන්ටත් නොවේවා කියා පතමු.

ඒ බාධාවෙන් නිදහස් වූ විට පොහොට්ටුවට අලුත් වීමට හැකිය. ඉතිහාසය විසින් පැවරුණු ජාතික වගකීම වඩාත් හොඳින් ඉටු කිරීමට තවත් ශක්තිය පොහොට්ටුවට ලැබේ. ඔවුන් සියලු දෙනාම එකට ගත්තත් ඊට වඩා සෑම අතින්ම ශක්තිමත් මිනිහෙකුට පොහොට්ටුවේ මතවාදය ජයග්‍රහණය කරවීමට ඉඩ හැදේ. ධර්මය ඔබට මග වේවා!

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)

BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
eranda.ginige@gmail.com

2024 ජූලි 28

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...