The Leader News
BREAKING
Top Ad
Opinion

කොතැනක වුවත් වෙන්ඩ ඒකාධිපතියන්ගේ පළමු පියවර අධිකරණය සමඟ ගැටුමකි - (රංජිත් හේනායකආරච්චි)

T

The Leader Desk

July 29, 2024 • 11:26 AM

කොතැනක වුවත් වෙන්ඩ ඒකාධිපතියන්ගේ පළමු පියවර අධිකරණය සමඟ ගැටුමකි - (රංජිත් හේනායකආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී රටක සමගාමීව පැවතුනා වුවත් ඒවා එකිනෙකට වෙන වෙනම වගකීම් පැවරී තිබේ.
  • සෑම දේශපාලන නායකයකුම පාහේ පවසන්නේ තමා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු බවයි.
  • බොහෝ ප්‍රජාතන්ත්‍රීය රටවල පාර්ලිමේන්තු ඡන්දයෙන් බලයට පත්වන ඒකධිපති මානසිකත්වය ඇති පුද්ගලයික් බලය තම අතට පත්වූ පසු ඔවුන්ගේ සැබෑ සවරූපය පෙන්වීම අරඹයි. මේ සෑම තැනකම මුලින්ම මෙම වෙන්ඩ ඒකාධිපතියන් ගැටෙන්නේ ස්වාධීන අධිකරණය සමගය.
  • රොබර්ට් ෆීකෝ ඕර්බාන්ගේ හංගේරියාව කොපි කරමින් ස්ලෝවෙකියාවෙහි අගමැති රොබර්ට් ෆීකෝ මේවනවිට එරටෙහිද අධිකරණයට අත ගසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී රටක සමගාමීව පැවතුනා වුවත් ඒවා එකිනෙකට වෙන වෙනම වගකීම් පැවරී තිබේ. එමෙන්ම ඒවා වෙනම පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මගනොහැරිය හැකි නීතිය මත පාලනය තහවුරු කිරීම සඳහායි. එය එසේ නොවුන රටක රාජ්‍යය නිර්ප්‍රජාතන්ත්‍රී එකකි.

 

3 pillars

සෑම දේශපාලන නායකයකුම පාහේ පවසන්නේ තමා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු බවයි. නමුත් කෙනෙකු ප්‍රජාතන්ත්‍ර වාදියකුද නැතිද යන්න තීරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ වචන අනුව නොව ක්‍රියාදාමය අනුවය.

w455656

 

බොහෝ ප්‍රජාතන්ත්‍රීය රටවල පාර්ලිමේන්තු ඡන්දයෙන් බලයට පත්වන ඒකධිපති මානසිකත්වය ඇති පුද්ගලයික් බලය තම අතට පත්වූ පසු ඔවුන්ගේ සැබෑ සවරූපය පෙන්වීම අරඹයි. මේ සෑම තැනකම මුලින්ම මෙම වෙන්ඩ ඒකාධිපතියන් ගැටෙන්නේ ස්වාධීන අධිකරණය සමගය. ඔවුන්ගේ ඒකාධිපති සහ ෆැසිෂ්ට් ලක්ෂණ පෙන්නුම් කිරීමේ ආරම්භය එයයි. සෑම ඒකාධිපතියෙකුම තම වචනය නීතිය විය යුතුයැයි කල්පනා කරයි. සෑම ඒකාධිපතියෙකුටම සෑම පැසිස්ට්වාදියෙකුටම නිදහස් අධිකරණය ඔවුන්ගේ ප්‍රධාන සතුරාය. රටක් නීතිය මත පාලනය එනම් රටක නීතියේ ආධිපත්‍යය මත පවතිනවා යන්නේ අරුත වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ‍ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියනටය. 

ඊට ප්‍රතිවිරුද්ධව ඒකාධිපතියනට නීතියේ ආධිපත්‍යය නයාටා අඳු කොළ  වැනිය.

 

rights78

ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසාගේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා ඒකාධිපති සහ පැසිස්ට්වාදී මර්දනයන්ට එරෙහිව නිරන්තරයෙන් පවතින සටනකි. ලොව විවිධ රටවල ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් බලයට ආ මෙවැනි ඒකාධිපතියන් ඒ ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වෙනුවට අධිපතිවාදී පාලනය ආදේශ කිරීමේ පළමු පියවර ලෙස එම රටවල අධිකරණය සමග ගැටුන අයුරු සහ අධිකරණය යටපත් කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය විනාශ කල ආකාරය ගැන උදාහරණ එමට තිබේ. 

c950217 5059139 01 06වික්ටර් ඕර්බාන්

 

සියලුම ඒකාධිපතියෝ මිනිස් අයිතීන් පිලිකුල් කරති. එනිසාම ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහිකර ගැනීම මෙන්ම එම ප්‍රජාතන්ත්‍රය රැක ගැනීම ලෙහෙසි දෙයක් නොවේ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසාගේ අයිතීන් ඒකාධිපතින්ගෙන් සහ ෆැසිස්ට් වාදීන්ගෙන් රැක ගැනීමට කරන සටනකි.

පසුගිය වසර ගණනාවක් තිස්සේ හංගේරියාවේ සිදුවූයේ මෙයයි. මුලින්ම වික්ටර් ඕර්බාන් පාර්ලිමේන්තුවෙහි බලයට එන්නේ මහා ප්‍රජාතන්ත්‍රවාදී මූහුණක් පෙන්වමිනි. බලය ලබා කලක් ගත වන විට ඔහු සිය සැබෑ සවරූපය පෙන්වමින් මුලින්ම අධිකරණය හීලෑකර ගත්තේය. ඊලඟට නිදහස් මාධ්‍ය සහ සිවිල් සමාජයට පහර දීම ඇරඹීය. අද වනවිට හංගේරියාව පවතින්නේ වික්ටර් ඕර්බාන්ගේ ගේ ඒකාධිපතිත්වය යටතේය.

 

GettyImages 501754374රොබර්ට් ෆීකෝ
ඕර්බාන්ගේ හංගේරියාව කොපි කරමින් ස්ලෝවෙකියාවෙහි අගමැති රොබර්ට් ෆීකෝ මේවනවිට එරටෙහිද අධිකරණයට අත ගසා ඇත. දූෂණයන්ගෙන් පිරී ඇති එරට පාලකයෝ අධිකරනය සමග ගැටෙමින් සිටිති.

මෙම තත්ත්වය තේරුම් ගැනීමට තවත් හොඳම උදාහරණයක් කසින්ස්කි (Kaczynski) සොයුරන් යටතේ පැවති පෝලන්තය සපයයි. ඔවුන්ගේ දකෂිනාන්ශික පිස් (PiS) පක්ෂය පාර්ලිමේන්තු බලය පසු ඔවුන් අධිකරණය සමග ගැටීමෙන් පසු නිසා සම්පූර්ණයෙන්ම අධිකරණය කප්පාදු කර ඔවුන්ගේ හිතවතුන් අධිකරනයට පත් කරගන්නි ලදී. 

 

GettyImages 1258692697විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ විශාල නැගිටීම් හේතුවෙන් 2023 දෙසැම්බරයේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියකට මග පෑදුනි.

වසර 15 පමන ඔවුන්ගේ අත්තනෝමතික බලයට නතුව පැවති පෝලන්තය අන්තිමට විසාල සිවිල් සමාජ නැගිටීම්, විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ විශාල නැගිටීම් හේතුවෙන් 2023 දෙසැම්බරයේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියකට මග පෑදුනි. 

මේ ආකාරයෙන් විධායකය විසින්  අධිකරණය හීලෑකර ගැනිම ලෝකය පුරා ට දරණ උත්සාහ මෙන්ම යටත් කර ගැනීමේ උදාහරණ ලෝකය පුරා  පවතී.

තුර්කිය, ඊශ්‍රායලය, පිලිපීනය ආදී රටවල් වලින් මෙවැනි ගැටුම් කළඑළීයේම දකින්නට හැකි විය. ට්‍රම්ප් යටතේ ඇමෙරිකා එක්සත්  ජනපදයේද මෙවැනි බලපෑමක් සිදුවිය. 

මෙවැනි අවාසිදායක තත්වයන් යටතේ පවා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නැගී සිටි සිවිල් සමාජ බලවේග එම රටවල ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් සවිමත් කරනු පිනිස දිගු සටන්වල යෙදෙන බව ද පැහැදිලිව දැකිය හැක. 

ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

 

ජනවරමකින් තොරව නීතියේ වගන්තියක පිහිටෙන් ජනාධිපති බවට පත් වූ රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක වන්නේ ඔහුට රජකම ලැබුණු ආකාරයකින් බව ඔහු කතා කරන විලාසයෙන්, සමච්චල් සහ උද්දච්ඡ භාෂාවෙන් පෙන්නුම් කරයි. නීති වගන්තියක පිහිටෙන් ජනාධිපතිවරයකු වූ රනිල් වික්‍රමසිංහ ඔහුගේ ජනාධිපති කාලය දිග්ගස්වා ගැනීමට  විවිධ උප්පරවැට්ටි දමමින් ඔහුගේ  උදව් කරුවන් යොදා විවිධ ආකාරයෙන් වෙර දැරූ හැටි පසුගිය කාලයේ අපි දුටුවෙමු. නොයෙක් ආකාරයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වීම වළකා ගැනීමට තැත් දැරූ බව දුටුවෙමු. නමුත් අවසානයේ රටෙහි නීතිය ක්‍රියාත්මක වීම තුළ ඔහුට එම ජනාධිපති පුටුව මත රැඳී සිටීමේ කාලය දිග්ගස්වා ගැනීමට නොහැකි වූ හෙයින් දැන් ඔහු රටෙහි නීතියට එරෙහිව සටනක් දියත් කරමින් සිටී. 

රටෙහි පොලිසියෙහි ප්‍රධානියා බවට පත් නොකළ යුතු, නීතියෙන් වැරදිකරුවකු වී සිටි පුද්ගලයකු රනිල් තම වාසිය සඳහා හිතුවක්කාරී ලෙස පත් කරගත් අතර රටෙහි ඉහළම අධිකරණය විසින් එම පුද්ගලයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙහි සේවය කිරීම නැවැත්විය යුතු බවට තීන්දුවක් ලබා දුන්නේය. 

 

වහාම අධිකරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි
දැන් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ අධිකරණයට එරෙහිව ඔහුට ක්‍රියාත්මක කළ යැයි ඔහු සිතන ක්‍රියාදාමයක නිරත වීමයි. ඇත්තවශයෙන්ම නම් ඔහු දැන් හැසිරෙන්නේ තුනේ පන්තියේ ඇට්ටර කොල්ලෙකු හැසිරෙන ආකාරයෙනි. වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම සිය කාරියක් නොවන ලෙස ඔහු හැසිරෙයි. මගේ වැටහීම අනු ව නම් ඔහු තම වගකීම මග හරියි. මා දන්නා තරමින් මීට පෙරද වරක් ඔහු තම වගකීම මග හැරීම නිසා මිනිස් ජීවිත සිය ගණනාවක් විනාශ විය. ඒ පාස්කු ප්‍රහාරයට ප්‍රථම අගමැති ලෙස ඔහු වගකිවයුතු ආරක්ෂක රැස්වීම් වලට සහභාගි නොවීමෙනි. එදා ද ඔහු සිරිසේන සමග ඇති ගැටුම නිසා තම තනතුරෙහි වගකීම මගහැරි අයෙකි.   

නීතිය අනුව ඔහු අධිකරණයේ තීරණයට එකඟ විය යුතුය. ඔහුට අමතක වන්නේ ඔහු ජනාධිපති වී සිටින්නේද ජනවරමකින් නොව රටෙහි පවතින නීතියේ වගන්තියක පිහිටෙන් බවයි. ඔහුට වාසි වන විට ඔහු එම වගන්තියේ පිහිටෙන් ජනාධිපතිකම බාරගත් නමුත් නීතිය ඔහුට පාඩුවක් වන අවස්ථාවේ දී එම නීතියට එකග වීම මග හරියි.  

වයස හයක හතක ඇට්ටර කොල්ලෙකුගේ හැසිරීම කිසිවකුට හානියක් ඇති නොකරනවා නමුත් වයස 75 පැන්න වයසක ජනාධිපතියකු එසේ ඇට්ටර හිතුවක්කාරී ක්‍රියාවක යෙදෙන්නේ නම් එය මුළු රටකටම එහි ජනතාවට මෙන්ම එහි පවතින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සියල්ලටම කරනුයේ විශාල හානියකි. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ හැසිරීම සුළුවෙන් තැකිය නොහැකිය. මගේ මතය නම් මෙවැනි වගකීම් පැහැර හැරීම් වලට දඩුවම් ලැබිය යුතු බවයි.

 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද? -(ගාමිණී වියන්ගොඩ)
රනිල් වික්‍රමසිංහ ලිබරල් හම පොරවාගෙන සිටියා වුවත් ඔහුගේ සැබෑ ස්වභාවයෙන් ඔහු සැබෑ ඒකාධිපතියෙකි. ඔහුගේ සැබෑ තත්ත්වය ඔහු දැන් දැන් පැහැදිලිව පෙන්නුම් කරමින් තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සියවතාවක් පොරොන්දු වූ ඔහු දැන් එම ධූරයේ රැදී සිටින්නේ සිය බලය අවභාවිතා කරමිනි. හෙට අනිද්දා වන විට මොහු මොනයම් ආකාරයේ විනයක් මේ සමාජයට කරනු ඇද්ද යන්න දන්නේ ඔහුම පමණි.

මගේ පැතුම වන්නේ අඩුම හානියක් ලංකා සමාජයට වන අයුරින් ලංකා ජනතාව තම බුද්ධිමත් ඡන්දය සිහිනුවණින් පාවිච්චි කරනවා ඇතැයි යන්නයි. ඒ වෙන කිසිවක් නිසා නොව අප රටේ ජනතාව මේ රටේ පහළ වූ මෝඩ සහ වැඩවසම් ඒකාධිපතිවාදී සිතිවිලි වලින් ගහන වූ, තම වාසිය සඳහා පමණක් ක්‍රියාත්මක වූ නායකයන්ට රටේ බලය පැවරීම  හේතුවෙන් අප සමාජයට කළ හානිය අපමණ බැවිණි. 

එනිසා මෙවැනි ඒකාධිපතියන්ගෙන් රට නිදහස් කර ගැනීමේ හොඳ මොහොතක් දැන් උදා වී ඇති අතර ඒ සඳහා ඔබේ කැමැත්ත සිහි නුවණින් ඡන්දය ලෙස පාවිච්චි කරනු ඇතැයි විස්වාස කරමි. 

(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de

28. 07. 2024


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...